top of page

අහෝ බුද්ධො.. අහෝ ධම්මො.. අහෝ සංඝස්ස සම්පදා..

පුංචි දඟකාරයෙක් නමුත් උපතින්ම පින්කාරයෙක් වූ ඔහු, උපන්දා සිට ගෞතම සම්බුද්ධ ශාසනයේ පිය උරුමයට ඉව කෙරූ ඔහු.. "තඹුත්තේගම නිග්‍රෝධවංශ" නමින් අද දින පැවිදි දිවියට පත්විය.. නමින් වගේ ම ක්‍රියාවෙනුත් නිග්‍රෝධ මහ රහත් උතුමන්ගේ වංශය රකින්නට ඇවැසි කළ්‍යාණ සිතිවිලි උන්වහන්සේට වැඩි වැඩියෙන් පහළ වේවායි පතමි..


සඟ වැට සය නමක් බවට පත්විය.. දැන් දැන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නීවරණ සමග හැප්පෙන, කෙලෙස් තැවීමට වීර්‍ය කරන, මෙත් මුදිතාදී ගුණ ධර්ම වලින් පෝෂනය වන භික්ෂුන් වහන්සේලාගේ ගමන දැකීම් මාත්‍රය පවා සිත් අලවන සුලු ය. දෑඟිලි එකතු කරවන සුළු ය. ඇස් ⁣කඳුලින් තෙත් කරන සුළු ය.. බුද්ධ ප්‍රමුඛ මහා උතුමන් වහන්සේලා සිහි කරවන සුළු ය..


අහෝ බුද්ධො.. අහෝ ධම්මො.. අහෝ සංඝස්ස සම්පදා...


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 25.10.2018

bottom of page