Sujatha Puthra Meditation Center
Your Membership ID
#YouTube නාලිකාවටත් #Facebook_Page එකටත්_ලක්ෂයයි..
අද ඔබට තියෙනවා අවස්ථාවක්.. ලියන්න ඔබ උගත්, දැනගත්, හැදිච්ච තැන් ගැන මෙතනින්.. වැටහිච්ච දේවල් ගැන මෙතනින්.. ලැබිච්ච දේවල් ගැන මෙතනින්..
ජීවිත කාලයටම මතක සටහනක් ලෙස තියාගන්නම් ලඟට කරන්.. බැරි වූ දාක කියවගන්නම්.. ඔබේ සුවපත් සිතේ වචන පෙළම..
කොච්චර දෙවල් හැඩ කරලා ලිව්වත් මේ ටික කියන්න වචන හොයාගන්න ටිකක් අමාරුයි..
හේතුව, බණම කියලා, බණම අහන්න Audience එකක් මත පදනම්ව හැදෙන You Tube එකක් කියෙන්න හරිම සතුටට කාරණාවක්.. ඒකත් නිවැරදිම ධර්ම කාරණා සහිතව.. ඒක එහෙම හැදෙන එක වෙනමම සතුටක්.. ආමිසය මත පදනම් නොවිච්ච සතුට මතම පදනම් වෙච්ච පුදුම සතුටක්..
මේ චැනල් එක පටන් ගත්තෙ 2018 මැයි 27.. එදා ත්‍රිකුණාමලය පුල්මුඩේ නාගලෙන කියන ගල් ලෙනේ ඉඳලා තමයි පළවෙනි බණ එක රුපියල් 2000ක විතර පොඩි රෙකෝඩර් එකකින් කළේ..
එතනින් පටන් ගත්ත මේ ශාසණික කැපකිරීමකට පළවෙනි ආශිර්වාදය ලැබුණෙ මගේ ලොකු ස්වාමීන් වහන්සේගෙන්.. අවසරයි, අරිසිමලේ නායක හිමිපාණන් වහන්සේගෙන්.. පූජ්‍ය #පනාමුරේ_තිලකවංශ ස්වාමීන් වහන්සේ..
එතැන් පටන් මාධ්‍ය නාලිකා ගණනාවක් විවෘත වුණේ හරිම ගෞරවණීය විදියට..
විශේෂයෙන්ම මිනිස්සුන්ට බණ අහන්න දෙන්න ඕන කියන සිතිවිල්ලෙන් පළවෙනියටම ඒ අවකාශය දුන්නෙ වර්ථමාන ප්‍රඥා, රිලැක්ස් TV යන නාලිකා දෙකම මෙහයවන පූජනීය ස්වාමීන් වහන්සේ.. #මොණරාගල_ප්රඥාලංකාර ස්වාමීන් වහන්සේ..
ඒ වගේම ඒ කියපු හැම බණ එකක්ම අරන් ගිහින් You Tube එකේ දාගන්න මහන්සි නොබලා නිර්ලෝභීව දුන්න ඒ පූජනීය ස්වාමීන් වහන්සේත්, කුශාන් මල්ලිත්, හැමදාමත් උපකාර කළ නිපුණ මල්ලි ඇතුලු සියලු දෙනාටම මේ You Tube නාලිකාව තුල බණ අහන හැමෝම රැස් කරපු කුසලය හේතු වේවා..
මොකද අද මේ You Tube නාලිකාවට පළවෙනි පදනම වැටුණෙ එතනින්..
අනතුරුව නෙත් FM සිත් නෙත් අසපුව අවුරුදු ගාණක් කරලා ලොකු ශ්‍රාවක පිරිසක් එක්ක එතැන බණ කියන්න මට අවස්ථාව හැදුණෙ පූජනීය Galigamuwe Gnanadeepa Thero ස්වාමීන් වහන්සේගේ මහන්සියක ප්‍රතිඵල විදියට.. ඒ පුණ්‍ය විපාක උන්වහන්සේට වේවා..
උන්වහන්සේ අවුරුදු ගාණක් හදපු පිට්ටනියක් මට ටික කාලයකට දුන්නා වගේ බොහෝම දෙනෙක්ට එකවර අභිධර්මයෙන් ආමන්ත්‍රණය කරන්න ලැබුණෙ එතනින්..
ඒකට උපකාර සහ නිතර ගුරුහරුකම් ලබාදුන්න පූජනීය අවසරයි, Walpola Gothama Thero ස්වාමීන් වහන්සේත්, Waruna Edirisinghe අයියවත් , #දර්ශණ අයියවත් කෘතගුණ පූර්වකව සිහිපත් කරනවා.. අදටත් එම නාලිකාවේ සෑම බදාදා දිනයකම ධර්මද දක්ෂිණාව සිදු කරන්නෙ ඒ ආරම්භයේ ප්‍රතිඵලයක් හැටියට..
අද එම Belt එකේ බණ කියන පූජනීය බුදු පුතෙක් වන අවසරයි, #බලන්ගොඩ_රාධ ස්වාමීන් වහන්සේට තව තවත් එම දේශණා මාළාව අර්ථ සහිතව සිදු කරන් යෑමටත් පුණ්‍යානුමෝදනා කරනවා..
ඒ වගේම පූජනීය අවසරයි වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ හඳුන්වාදීමක් ලෙස TV Derana #බහුජනහිතාය වැඩසටහන ආරම්භ කළා.. ඒ පිනවත් #රංජීවනී අක්කගෙ ආරාධනාව මත.. එම පුණ්‍ය විපාක උන්වහන්සේටම වේවා.. පින්වත් අක්කටම වේවා..
මෙතනින් එහාට කියනවනම් මට ලඟින්ම ඉඳලා උපකාර කරපු මගේ හෙවණැල්ල #තිලංක_මල්ලි..
මේ කොල්ලා ගැන වචන කරන්න මට වචන නෑ.. තිලංක මල්ලි නැත්තන් අද ස්වාමීන් වහන්සේත් නැති තරම්.. වාහනේ යන අතරතුර මුහුණ සෝදන බඩු ටිකේ පටන් දාන මාන වතුර හැමදේම බලලා, ටිකක් මහන්සියට සැතපුණාම වළක වත් දාන්නැතිව අදටත් හීරීල්ලක් වත් නොකර අරන් යන්නෙත්, යන හැමතැනකම කැමරාවක් අටවගෙන බණ ටික පටිගත කරලා මිනිස්සුන්ට අහන්න දෙන්නෙත් #තිලංක_මල්ලි.. පඩියක් එහෙම අරගෙන නෙවෙයි..කවදාවත් එක රුපියලක් වත් අරන් නෑ.. ලඟම වැටිලා ඉන්නවා.. සහෝදරයෙක් කියන වචනය ඒකට මදි.. බොහෝම පින් මල්ලි.. මල්ලිව මට දුන්න අම්මටත්, තාත්තටත් සහෝදරයො හැම දෙනෙක්ටමත් ඒ පින අනුමෝදන් වේවා..
ඒ වගේම මේ හැමදේකටම මුල්ව කටයුතු කරපු ගිහි පින්වතුන් ලෙස පළවෙනියටම අජිත් තාත්තලා දෙන්නා, මිහිර මහත්මයා, දයාරත්න තාත්තා, දර්ශණ තාත්තා සහ වැඩසටහන් වලට වැඩම කළ පසු ගෙවල් වල සම්පූර්ණ පහසුකම් සලසා පුතෙක්ට වගේ සෙනෙහසින් උපස්ථාන කරපු ඒ අම්මලටත් කෘතගුණ පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා.. ඔවුන් සමග එක්ව බොහෝ සිත් මා විසින් සුවපත් කලා.. නැවත ඉදිරියට කරමින් පවතීවි..
ඒ පින්වත් මහත්වරුන් සමගම ලෙන්ගතුව එක්ව කටයුතු කළ, අදටත් කරන #ලුම්බිණි අම්මා, #කුලියාපිටියෙ අම්මා (අබේසේකර මහත්මිය), #කුලරත්න තාත්තාත්, අම්මත් ඇතුලු සිත හදන මග කණ්ඩායමේ සියලු දෙනාම කෘතගුණ පූර්වකව සිහිපත් කරනවා..
අනතුරුව කියන්නම ඕන තරංගා අක්කයි සංජීව අයියයි.. ආපු ගමන තනියම පටන් ගත්තට පසුව මදුරුවෙක්ගෙන් වත් කරදරයක් වෙන්න දෙන්නෙ නැතිව අම්මෙක් තාත්තෙක් වගේ ලඟ ඉන්න එක මේ මිනිසත් බවයේ පැවිද්දට පස්සෙ ලබපු සනීපම විපාකය විදියටයි මම දකින්නේ.. ඒ වගේම ඒ පුංචි පැටවු තුන් දෙනත්.. බොහෝම පින් හැමදේටම.. අක්කෙ අයියෙ..
රේවතවංශ, කුසලවංශ ස්වාමීන් වහන්සේ ඇතුලු මගේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම, සිල් මෑණියන් වහන්සේලා සියලු දෙනාම තමයි මේ හැමදේටම හුස්ම.. මට මහන්සියක් දැණුනු හැම වෙලාවකම උන්වහන්සේලාව මතක් කරගන්නවා.. මොහොතකින් විඩාව නිවෙන හැටි පුදුමයි.. බොහොම පින් ඔබ වහන්සේලාට..
එදා ගල්ලෙනෙන් පටන් ගත්ත මේ ගමන අද සුජාත පුතුන් ගණනාවක්, සුජාත දියණිවරු ගණනාවක් ලංකාව, ලෝකය ඇතුලෙ බිහි කරලා..
කිහිපයක් හැර, බණ නොකියපු නාලිකාවක් නැති තරම්.. නොකියපු ගමක් නගරයක් නැති තරම්.. අහලා සුවපත් නොවූ හිත් නැති තරම්..
රටවල් 80කට වඩා බණ අහන, එයිනුත් අවුරුදු 24 - 35 වයස් කාණ්ඩය වැඩිපුර බණ අහන නාලිකාවක් අවුරුදු 28ක් වෙද්දි ගොඩනගපු උතුම් කඩයිම මට දෙන්නෙ පුදුමාකර සනීපයක්..
එක භාවනා වැඩසටහනකට 7000ක් 8000ක් සහභාගී වෙලා අපිම හදපු භාවනා App එකක ඔවුන්ගේ භාවනා කාලය සටහන් කරලා විපස්සනා භාවනා, මරණසති භාවනා කිය කිය හරියටම භාවනා කරනවා දකිද්දි ලැබෙන සතුට හැම මහන්සියක්ම ඉක්මවනවා...
6,311,000 ක් විතර මේ වන විට බණ අහලා තියෙනවා මේ නාලිකාවේ.. ඒ කියන්නෙ ලංකාවේ ජනගහනය ගත්තොත් අඩුම හතරෙන් එකක්වත්.. මොන තරම් සතුටක්ද ? කොහොම හරි මේක මේ ලක්ෂ 220ම කවදාක හරි අහයි.. මම එදාට ජීවතුන් අතර නැතත්..
දැන් සහෝදරයො වගේ ලඟ ඉදන් හැමදේම කරන බලන වෛද්‍ය ගයාන් ජයවර්ධන, වෛද්‍ය ශෂිකා ලක්මාලි, වෛද්‍ය ප්‍රදීප් හෙට්ටිආරච්චි, වෛද්‍ය කසුනි අක්කා අයියලා ඇතුලු ඉෂාර, මනිදු, වාසුර, විශ්ව යන සියලු සහෝදරයන්ට එම සහෝදරියන්ට සුජාත පුත්‍ර භාරකාර මණ්ඩලයේ නිළධාරීන් ලෙසත් අවබෝධයෙන් වටහාගත් පරාසය තුල කටයුතු කිරීම ගැනත් පුණ්‍යානුමෝදනා කරන්නෙ හදපිරි සතුටින්..
මහේෂිකා අක්කා, දිලූෂි අම්මා, පින්වත් ජේසන් මහත්මයා ඇතුලු හැම දෙනෙක්ටම බොහොම පින්..
ඒ වගේම විවිධ අවස්ථාවන් වල අපට උපකාර කළ වෛද්‍ය අශෝකා අම්මා, වෛද්‍ය M.T.D ලක්ෂාන් මහත්මයා, වෛද්‍ය මහාචාර්ය මධුවන්ති දිසානායක අම්මා, වෛද්‍ය මහාචාර්ය හර්ෂ දිසානායක මහත්මයා, වෛද්‍ය චන්ද්‍රා අම්මා ඇතුලු නම් සිහිපත් කර ප්‍රමාණ කළ නොහැකි පිරිසක් කළ උපස්ථාන උපකාර සහ ලෙන්ගතුව කටයුතු කිරීම් පිළිබඳවත් සිහිපත් කළ යුතුම යි..
එමෙන්ම විශ්‍රාමික ජෙනරාල් මංජුල ගුණරත්න මහත්මයා ඇතුලු, රන්ජිත් තාත්තා,පද්මා අම්මලා, පින්වත් නයනි කටුගම්පල අක්කා, ටිරාශා අක්කා වැනි සිහිපත් කළ යුතු තවත් බොහෝ අය හිටියත් මේක ඒකට කාලය කරගන්නෙ නෑ..
අද ලඟ නැතත් #කලණ මල්ලිව මතක් කරන්නම ඕන.. මල්ලි අද නෑ.. නමුත් බණ වලට ගෞරවයෙන් අරන් ගිය හැටි මතකයි.. ඉස්සර කොළඹ යනකොට එයාගේ ඔක්කොම වැඩ නවත්තගෙන බස් හෝල්ට් එකෙන් මාව අරන් දාන මාන ටික බලලා.. කරපු දේවල් පොඩි නෑ..
අහින්සකයා ඉක්මණින් මේ අම්බලමෙන් ගියා.. නිවන් සුව වේවා මල්ලි..
කිව යුතුම දෙයක් ගැන කියන්නම්..
මම කොළඹ දේශණා වලට වැඩම කළාම කවදාවත් මාව බඩගින්නෙ තියන්නැතිව ඉන්න තැනකට දානය ගෙනත් දීලා, බණ රෙකෝඩ් කරගන්න ගෙදර හදලා දීලා, මහන්සියෙන් හවසට නැවත වඩිනකොට උගුරට සුව වෙන්න කියලා ගිලන්පස එකක් හදන පින්වත් අම්මලා දෙන්නටම (#සුජීනා අම්මා, #විරෝෂිනි අම්මා) සුවපත් බව ලැබේවා.. මව්වරු දෙනමම මෙලොව ඇති උතුම්ම මව් පදවියෙන් පිදුම් ලැබ සුවසේම නිවේවායි ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම එම පින්වත් තාත්තලා සහ සහෝදර සහේදරියො.. එකටම වැටිලා කළ උපස්ථාන අපමණයි..
ඒ වගේම පින්වත් මගේ නැන්දා වන #පුෂ්පා_සේනාරත්න, #රසික_සේනාරත්න ඇතුලු අපට උපස්ථාන කරන අපගේ ඥාතීන් කළ දේවල් වචන කළ නොහැකියි.. එදා දුෂ්කරම අවස්ථාවේ ඔවුන් අපට බොහෝම උපස්ථාන කළා.. ලස්සනගම දායක පින්වතුන්, මානව අයියා, අනුත්තරා අක්කා ඇතුලු සියලු දෙනාම..
තවත් සහෝදරයෙක් වගේ ශ්‍රද්ධාවෙන් ලඟ වැටිලා උපස්ථාන කරන #රුසිරු_ගන්නෝරුව මල්ලි, සහ තාත්තා.. බොහොම පින්.. දානය කුටියට පවා ගෙනත් දෙන්නෙ මේ මල්ලිලා.. වළඳලා කරලා නිදහසේ බණ කියන්නෙ වැඩ කරන්නෙ මේ උපස්ථාන මැද.. කරන දේවල් වචන කරන්න බෑ.. බොහෝම පින්..
හැම මහන්සියක්ම තත්පරයෙන් නිවන #චූටිපුතා සහ #අයියා.. උඹලත් ඉක්මණින්ම මේ සසර ගණුදෙනුව අවසන් කර ගනීවි..
මේ හැමදේටම පාර කපපු පින්වත් #තාත්තා, #අම්මා, #අක්කලා සහ #චන්දන අයියා #සුමේධ අයියා ඇතුලු සියලු දෙනා,
මේ උතුම් කඩයිම කරුණාව පදනම් කරගෙන තියෙන එකක්..
ඉස්සර මම දවසට බණ දහයක් කියපු දවස් තිබ්බා.. නමුත් දැන් අපට මහන්සියි.. වයසයි ටික ටික.. දැන් දවසට හතරක් පහක් කියද්දි වෙහෙසක් දැනෙනවා..
තව ඉදිරියට ටික ටික අපි වියකේවි.. නමුත් මේ උතුම් දේශණා ඉතිරිව තැබේවි..
එදා ඇහිච්ච නැති අභිධර්මය, විපස්සනා භාවනා ගැන අද දහසකුත් පැති වලින් ඇහෙද්දි මට මතක් වෙන්නෙ එකම දෙයයි..
අපි දෙයක් කරලා.. ඒක වැඩ කරනව.. ඒකට කිසි කලක කුහකකමක් නම් හිතිලා නෑ.. සාධු කියලා අනුමෝදන් වෙනවා මිසක්..
පෝය Program එක පටන් ගත්තා.. දැන් හැමතැනම පෝය.. ඒක තමයි වෙන්නම ඕන.. මේ අහින්සකයන්ට බණ ඇහෙන්න ඕන..
ස්වාමීන් වහන්සේලා හැම දෙනෙක්ම වගේ අද හරවත් දේශණාවන් කරනවා.. අභිධර්මය උගන්වනවා.. විය යුත්ත ඒකයි..
අපට දැන් උගුරට මහන්සියි.. ඔබට බණ කියලාම කට හඬවල් වෙනස් වෙලා.. කය විටින් විට ලෙඩ දෙනවා.. අත ඔපරේෂන් කළාම අතේ මැහුම් තියාගෙන බණ කිව්වා.. කන ඔපරේෂන් කළාම කනේ මැහුම් තියාගෙන බණ කිව්වා..
අතට පයට බැන්ඩේජ් ඔතාගෙන දේශණා කරලා තියෙනවා..
යම් වෛද්‍යවරයෙක් ස්වාමීනි සැත්කමක් කරන්න වෙනවා කියලා කියපු හැමවෙලාවෙම මම ආපිට ඇහුවෙ මට ආයිත් බණ කියන්න පුලුවන් වෙන්නෙ කවද්ද කියලා විතරමයි..
කවුරු හරි පිටරටවල් වල වැඩසටහන් සංවිධානය කරද්දි කිව්වෙ "විවේකය කියන වචනය දාන්නැතිව කාල සටහන් හදන්න" කියලා විතරයි.. ඒ හැම මහන්සියක්ම, හැම මහන්සියක්ම අද වැඩ කරලා..
දේශණා වලට වඩින කොට කලින් දවසෙ රෑ වැඩම කරල පාන්දර වැඩි නිසා පාරේ අයිනක වාහානය නවත්තන් ඉඳලා සැතපිලා පහුවදා උදේ Program කරලා තියෙනවා.. රැයවල් පුරා වැඩම කරලා තියෙනවා.. බස් ගානේ.. වාහාන ගානේ.. බණ කියලා කියලා මග යනකොට වාහනේ පැච් එකක් වත් ගියාම අහින්සක මල්ලිට තනියම ඒවා කරගන්න දීලා නිකම් ඉන්න හිත දෙන්නැති නිසා මමත් බැහැලා උපකාර කරලා තියනවා.
මෙි හැමදේකම ප්‍රතිඵලය අද තියෙනවා.. ඉස්සරහට තවත් වැඩියෙන් වැඩියෙන් තියේවි..
ඔබ වෙනුවෙන් කරන්න තවත් බොහෝ දේ හිතේ තියෙනවා.. 2022 ජීවත් වෙලා හිටියොත් ඔබේ දරුවාගේ පටන් ගෙදර වැඩිහිටියා දක්වා එකට සුවපත් කරනවා.. සසරම ඔබගේ.. මුලු තරුණකමම ඒකට යට කරන්න මේ පැවිදි දිවිය කියන රාමුව ඇතුලේ මම ලෑස්තියි..
තව ඉස්සරහට ලස්සන වෙනස්කම් එක්ක යහපත් දෙයක්ම වේවි..
ලියන්න ඔබේ සිතිවිලි අද.. පුලුවන් හැමෝටම මම ප්‍රති පිළිතුරක් ලියන්නම්..
ලියලා ඉවරයක් වෙන්නැති නිසා මෙතෙකින් නවත්වනවා..
අද 2020/10/16.. අවුරුදු දෙකකුත් මාස පහකුත් යනකම් Subscribers ලා 0 ඉඳන් 100,000 දක්වා ආපු ගමන එකින් එක මතකයි..
ලඟ හිටපු සියලු දෙනාටත් බණ අහපු සියලු දෙනාටත් උපස්ථාන කරපු සියලු දෙනාටත් සුජාත පුත්‍ර භූමිය අපට රැක දුන් වල්පිට විමලරතන නායක හිමිපාණන් වහන්සේටත්, මුහුණු පොත හරහා අපට සම්බන්ධව වචනයකින් හරි මේ ශාසණක කටයුතු වලට උපකාර කළ සියලුම දෙනාටත්..
අරිසිමලේ පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කරමින් වචන ටික අවසන් කරන්නේ සිතේ එක පැතුමක් තබාගෙනයි..
එනම්,
බොහෝ දෙනාගේ හිත පිණිස මේ සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කල් ගලා බසිත්වා..යන්නයි...
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero