Sujatha Puthra Meditation Center
Your Membership ID
ඇයි දළදා වහන්සේ දළයක් වගේ දිගට පේන්නේ?
ජීව විද්‍යාවේ සාමාන්‍ය දැනීමවත් නැති මිනිසුන් දළඳා වහන්සේ ගැන එක එක කතා කියන එක අද ඊයෙ වුන දෙයක් නොව.
මේ සියල්ලට මුල ඔවුන්ට මිනිස් දත් ගැන මුලික දැනුමවත් නැති වීම ය.
සතර දළඳා වහන්සේ යනු බුදු හිමිගේ රදනක (canine) දත් සතර වේ.
කෘන්තක සහ රදනක දතක විදුරු මසෙන් එලියට පැමිණ පෙනෙන්නේ ඉතා කුඩා කොටසක් පමණි. ඒ දතක වැඩි කොටසක් උලක් ස්වරුපයෙන් විදුරුමසෙන් වැසී හනුවට සම්බන්ධ වී තිබේ. රළු ආහාර කැපීම සහ ඉරීම පිණිස භාවිතාවෙන එම දත් ශක්තිමත් පාදමකින් යුතුව හනුවට සවිවී තිබීම අත්‍යාවශ්‍යය.
විශේෂයෙන්ම රදනක දතක් ගලවා වෙනම බැලූ විට එය සිහින් දිගටි වක්වුන ස්වරුපයෙන් පෙනේ. එවිට එය කුඩා ඇත් දළයක් වැනිය.
මේ රුප සටහනේ දක්වා ඇත්තේ සාමාන්‍ය මිනිසකුගේ දත ් 32 X-ray සටහන පෙනෙන ආකාරයි.
බුදුරජාණන් වහන්සේ අසමසම පුරුෂයෙකු නිසා උන්වහන්සේට අමතර චාර්වක (molar) දත් තිබී ඇති අතර මුළු ගණන 40කි.
අප වැනි බොහෝ අයට පිහිටන්නේ දත් 28ත් 32ත් අතර අඩු ගණනකි.
මෙම සටහනෙහි පැහැදිළිවම රදනක (canine) දත් සතර දිගින් වැඩි සහ වක්වුන ස්වරූපයෙන් පෙන්වා ඇත. බුදුරජාණන් වහන්සේ මිනිස් මනස අභිබවා ගිය ද ජාතියෙන් මිනිසෙක් ම නිසා උන්වහන්සේගේ දළඳා වහන්සේ ගේ හැඩය ද එසේමය.
ඔබට දළදා මාළිගාවට ගියහොත් එය දැන් සැ කහැර දැකගත හැකිය.
ඔය දෙවැනි කොලපාට රූපයේ තියෙන්නේ මෑත ඉතිහාසයේ මිනිසෙකුගෙන් ගලවනු ලැබූ දිගම රදනක දත ලෙස සැලකෙන දතෙහි රූපයයි.
සුරාබ් ශ්‍රිනිවාස්තාවා නමැති ඉන්දීය දන්ත වෛද්‍යවරයා වයස 20ක ඉංජිනේරු සිසුවෙකුගේ මුවින් මෙම දත ගලවා ඇත.
ඉතින් ඔබ දකින දන්ත ධාතුන් වහන්සේත් ඒ හැඩේම නොවේ ද ?
විෂය නොදන්නා බාලයන්ට ඇති වන විචිකිච්ඡාවට දැනුම හෝ ප්‍රඥාව හැර වෙන විකල්පයක් නැත.
✍️ Naveen
Date: 21.04.2025