මේ ගැන ලියන්න ගත්තොත් කෙලවරක් නැතිව ලියන්න කරුණු මගේ ජීවිත පොතේ අන්තර්ගත වෙලා තියෙනවා.
නමුත් සත්‍ය කතාව නම් එය පිලිගන්න, සත්‍යයට එකඟ වෙන කෙනෙක් හොයාගන්න පුළුවන් වේවි ද කියන එක.
මොකද දැන් සමාජ තත්වය ඇතුලේ ඇත්ත බොරුව තීරණය වෙන්නේ පරමාර්ථ ධර්මයන් ඇතුලේ නෙවෙයි.. යම් පනවා ගත් සම්මුතියක සිටින බහුතර ඔලු ගෙඩි ගණන ඔස්සේ.
ඒ නිසා මේ යථාර්ථය මුසු වුණු ධර්මය මෙකල සිටින බහුතරයක් ශ්‍රාවකයන්ගේ ඔලුවලට යන්නැති බව මගේ අත්දැකීමයි.
ඔවුන් කැමති ඔවුන් විසින් පනවා ගත් සම්මුති රාමුව තුල ජීවත් වීමටයි.
ඔවුන් කොපමණ මුලාවක සිටී ද යන්න කියනවානම්, බුදුරජාණන් වහන්සේ ගේ චරිතය ඇසුරෙන් යමක් පෙන්වූවත් ඒ බුදුරජාණන් වහන්සේනේ, අපිට එහෙම කරන්න බෑ නේ කියලා කියන්න තරම් ඇතැමුන් සාහසිකයි.
ඔවුන් නොදන්න ලොකුම කරුණ නම් බුදුරජාණන් වහන්සේ පත් වන නිව නත්, හෙට ඔවුන් නිවනට පත් වුනත් ඒ නිර්වාණ ධාතුව එකක් බව.
ඉතින් ඔවුන් බහුතරයක් නිවැරදි නිර්වාණ මාර්ගයේ නෙවෙයි තමන් ගේ සිත පුහුණු කරන්නෙ. තමන් ගේ සමාජයේ බහුතරය හදපු රාමු තුල මිසක්.
එනිසයි බුදුරජාණන් වහන්සේ පුල පුලා දේශනා කරේ, 'පඥාවන්තස්සායං ධම්මො' කියලා.
මේ ධර්මය ප්‍රඥාවන්තයන් උදෙසා විතරයි. අණුවනයන්ට නොවේ.
එනිසා ඔබ පුළුවන් තරම් උත්සහ කරන්න එක එක්කෙනා ගේ ගැලරි පිනවන්න හදපු රාමු තුලින් එලියට ඇවිත්, නිර්වාණ මාර්ගයේ කිමිදෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වපු ආකාරයට..
උපමා උදාහරණ ගණනාවක් ඉදිරි දේශනාවකදි පැහැදිලි කරලා දෙන්නම්..
✍ කළ්‍යාන මිත්‍රයෙක්..
Date: 30.01.2025
