top of page

ඇල්බට් අයින්ස්ටයින්ගේ පින්තූරයක් ගෙදර මැද්දෙ තියාගෙන හඳුන්කූරු පත්තු කළාට‍, එහෙම කරන කෙනාට භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෑ තමයි..

ඇල්බට් අයින්ස්ටයින්ගේ පින්තූරයක් ගෙදර මැද්දෙ තියාගෙන හඳුන්කූරු පත්තු කළාට‍, එහෙම කරන කෙනාට භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෑ තමයි..


නමුත් යමෙක් එසේ කරනවානම් කරන්නෙ භෞතික විද්‍යාව ඉගෙනීමට හෝ ඔහු වගේ දක්ෂයකු වීමට උත්සාහ කරන කෙනෙක්.


එය ඔහුගේ බලාපොරොත්තුව වෙත ගමන් කිරීමට අභිප්‍රේරණයක්.


බුදුදහමේ එන ශ්‍රද්ධාවත් ඒ හා සමානයි, ශ්‍රද්ධාව නිසා බෞද්ධ දර්ශනයට ප්‍රවිෂ්ට වීමක් සහ එය අනුගමනය කිරීමෙන් නිර්වාණය දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.


වක්කලී තෙරුන් මීට කදිම උදාහරණයක්.. ඔහු මහණ වෙන්නේ බුදුන් වහන්සේ දිහා බල බල ඉන්න. නමුත් අවසානයේ රහත් වෙනවා.


ශ්‍රද්ධාව විතරක් තිබුනොත් ඔය කියන පින්තූරය ගසාගෙන සිටීමක් වගේ වුණාට‍,


යමෙක් එපමණකින් නොනැවතී විමුක්තිය උදාකර ගැනීමට වීර්යය කරනවා නම් ඒ තමයි අත්‍යවශ්‍ය කරුණ. නමුත් එතනට ශ්‍රද්ධා බීජය මූලිකයි.


ඒක හරියට භෞතික විද්‍යාඥයෙක් වීමේ අදිටනින් මහන්සී වී ඉගෙනීම හා සමානයි.


මේ තක්කඩි කතාව කියන ආතභූත වහන්සේට ඕක තේරෙන්නෑ. මිනිහට ශ්‍රද්ධාවත් නෑ. වීර්ය කරලාත් නෑ. ඇති ප්‍රඥාවකුත් නෑ. හරකාගේ වගේ කඳ විතරයි වැඩිලා තියෙන්නෙ.


පරහට සුදනා වගේ බණ කියන්න දඟලන උන්ගේ මහ උන් මල් පහන් පත්තු කරලා ඉල් මහ විරුවො සමරන්නේ‍, උතුරට ගිහින් මැරිච්ච කොටි සමරන්⁣නෙ මැරිච්ච උන්ට පණ එයි කියලා හිතාගෙන ද කියන එක මං දන්නෑ.


හැබැයි ඔය කථාව කියපු සිවුරු තක්කඩියට මං මේ කියන කථාව තේරුම් ගන්න තරම් නුවණක් නෑ.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 26.05.2024


bottom of page