top of page

සුජාත පුත්‍ර භුමියට විශේෂිතව ඇති ආකල්පමය වෙනස..

මේ දිනවල උපසම්පදාවට සූදානම් වන සුජාත පුත්‍ර පුණ්‍ය භූමියේ වැඩ සිටින නවක භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් විනය පෙල‍, සමන්තපාසාදිකාව‍, කංඛාවිතරණිය, විමති විනෝදනි ආදි අටුවා ටීකා මෙන් ම වහලය ගලවන්න වැනි පරිවාර ග්‍රන්ථ ද ඇසුරෙන් සිදු කරන ප්‍රාතිමෝක්ෂ විවරණ පාඩම් කිහිපයක් අතරතුර ගත් ඡායාරූප කිහිපයකි..

සියළු ම ස්වාමින් වහන්සේලා හට උපසම්පදාවට පෙර සම්පූර්ණ ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ව නිදාන‍, වස්තු‍, ආපත්ති‍, අනාපත්ති‍, අංග‍, සමුට්ඨාන‍, සචිත්තක‍, අචිත්තක බව‍, සංඥා‍, නොසංඥා බව‍, කුසල අකුසල බව‍, විපත්ති ආදි සප්තදශාකාරය පිලිබඳ ව ම සම්පූර්ණ අවබෝධයක් මෙම ව්‍යායාමයෙන් ලැබෙන බැවින් ද‍, විනය බුද්ධශාසනයේ ආයුෂය මෙන් වේ යැයි කී ආචාර්ය වදන ගරු කරමින් ද මෙම ප්‍රාතිමෝක්ෂ ශික්ෂාවන් උන්වහන්සේලා හට උගන්වනු ලැබේ..

එය අවසානයේ අද වන විට බොහෝ තැන්වල දක්නට ලැබෙන ආකාරයේ විනය දන්නා ⁣මනුස්සකම නැති රොබෝවරුන් කිහිපයක් නොව‍, විනය දන්නා‍, එහි හික්මෙන මනුෂ්‍යයත්වයෙන් පිරිපුන් භික්ෂුවක් ම නිර්මාණය වනු ඇත.

එය සුජාත පුත්‍ර භුමියට විශේෂිතව ඇති ආකල්පමය වෙනස වේ.

✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 15.05.2024

Designed by Sujatha Puthra Meditation Center

bottom of page