Sujatha Puthra Meditation Center
Your Membership ID
අද වෙන කොට Content Create කරනවා කියන එක ව්‍යාපාරයක් බවට ම පත් වෙලා තියෙනවා.
මුල දි පටන් ගත්ත නිර්මාණ ඉදිරිපත් කිරීම, එයට ලැබිලා තියෙන වටිනාකමත් එක්ක දැන් ව්‍යාපාර මට්ටමට ම දියුණු වෙලා.
අලුත් පරම්පරාව රූපවාහිනියක් නරඹන්නෙම නැති ගාණට මේක දැන් ඇවිත්. ඔවුන් සියළු දේ ගැන දැනුවත් වෙන්නේ Youtube වැනි අන්තර්ජාල Platforms වලින්.
එනිසා ම දැන් දැන් රූපවාහිනී නාලිකාත් තමන් ගේ රූපවාහිනී චැනල් එකට වඩා ආදරෙන් Youtube නාලිකාවන් වලට අවධානය වැඩියෙන් දෙන්න පටන් අරන් තියෙන බව අපිට දකින්නට පුළුවන්.
තව වසර කිහිපයක් ගත වෙන කොට රූපවාහිනිය කියන එක නැති වෙලා ම තියේවි කියන එක ගොඩක් අය පුරෝකථනය කරනවා.
Virtual Reality වගේ දේවල් වල ලොකු පිබිදීමක් ලංකාවේ දැනට දකින්නට නැති වුණාට ඉදිරියේ දී මේ දේවල් මිනිස්සුන්ට හුරු වේවි.
එවිට මේ සියල්ල වෙනස් මං කී තැනට නිසැකව ම වේවි.
කිව යුතු කාරණාව තමයි, දැන් මේ නිර්මාණ ඉදිරිපත් කරන්නන්ට ආදායම් ලබන්නත් එය උපකාර වෙලා නිසා ඔවුන් සියල්ලෝ ම වගේ තමන් ගේ නාලිකා හරහා මේ ආදායම් ලැබීම සිද්ධ කරනවා. ඒක වරදකුත් නෙවෙයි. ව්‍යාපාර ලෝකයේ හැටි එහෙම තමයි නේ.
ඔවුන් නිර්මාණයේ නෙවෙයි, අවකාශයේ දී මිනිස්සුන්ට අවශ්‍යයි කියලා හිතෙන දේවල් Suggest කරනවා. මිනිස්සු එතැනින් අවශ්‍ය දේවල් බලලා ගන්නවා.
Globaly Youtube එකට ලබා දෙන ඇඩ් දිහා බැලුවා ම අපිට ඒවා ගේ වගකීමක් ගන්න බැරි බව ඕන කෙනෙක්ට තේරෙන්න ඕන. ඒවා කම්පැනි Promote වෙන්න ම බලන් කරන ඒවා. ඒවා කෙලින් ම ඔය උඩ කියපු Category එකට යනවා.
ඒවා ගේ වගකීම කිසිම Youtube නිර්මාණ කරුවෙක් ගන්නෙ නැහැ. ගන්නත් බැහැ. ඒක ප්‍රේක්ෂකයා සාවධානව ඇහුම් කම් දීලා, අවශ්‍යය නම් ගත යුත්තක්, මිසක් බලෙන් ඇඟේ ගහන එකක් නෙවෙයි.
ඇත්තටම ඕකට ඇඩ් එකක් කියලා කියන්න පුලුවන්. නිර්මාණයක් අස්සේ, අවකාශයක දී යන ඇඩ් එකක්.
රූපවාහිනී නාලිකා කරන්නෙත් ඕක. ඒකනේ හැම ඇඩ් එකක් යටින් ම 'කොන්දේසි සහිතයි' කියලා ඔවුන් දාන්නෙ.
නැත්තන් 'මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි' කියලා දානවා. ඒකේ වරදක් දකින්න බැහැ, ඒ ඒකේ කලාව නිසා.
හැබැයි ලංකාව පැත්තට එද්දි දැන් දැන් මේක ටිකක් වෙනස් වෙලා තියෙනවා.
සමහර නිර්මාන කෙලින් ම කරනවා, මොකක් හරි Product එකක් Promote කරන්න ම ඉලක්ක කරලා.
උදාහරණයක් විදියට විවිධ විෂයන්ට අදාළ පන්ති, ඉංග්‍රීසි පන්ති, 01 x bet වගේ සූදු ඇප්ලිකේෂන්, විවිධ තෙල් වර්ග වගේ දේවල් අරගෙන මේක හොයාගන්න පුළුවන්.
අපි උදාහරණයකින් මේක තේරුම් ගමු.
අපි හිතමු හාස්‍යජනක වීඩියෝ හදන කණ්ඩායමක් ඉන්නවා කියලා.
ඔවුන් English බැරි චරිතයක් නිර්මාණය කරලා අහවල් පන්තියට ගියොත් ඒක ගොඩදාගන්න පුලුවන් වගේ පණිවිඩයක් තමන් ගේ නිර්මාණය ඇතුලේ සමාජ ගත කරනවා.
ඒක කෙලින් ම ඇඩ් එකක් මිසක්, වෙනත් ආකාරයේ නිර්මාණයක් නෙවෙයි.
👉 ඔවුන් ඒ ඉංග්‍රීසි පන්තියට ගිහිනුත් නෑ. වෙන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑ. ගොඩක් අහින්සකයන් ගේ කාලය සෑහෙන්න ගොඩක් වෙලාවට මේවා නිසා නාස්ති වෙනවා. ඉතින් කොහොමද ලංකාවේ මිනිස්සු දියුණුවට පත් වෙන්නේ. ඔවුන් ගේ වටිනා ජීවිත කාලය අර වගේ දැන්වීම් අස්සෙ තැන තැන නාස්ති වෙන්න ගත්තාම.
ඒකේ වගකීමක් කවුද ගන්නෙ ? ඉතින් හැමදාම මිනිස්සුන්ට ඉන්න වෙන්නේ එක ම මට්ටමේ නෙවෙයි ද ?
අර Ronaldo ගේ ඉස්සරහ කොකාකෝලා එකක් තියලා, රොනල්ඩෝ ඒක අයින් කරලා වෙච්ච දේ ගැන නිරීක්ෂණය කරන්න.
Ronaldo නම් ඒක අයින් කළා.
ඒක දැකලා කොකාකෝලා ප්‍රතික්ෂේප කරපු මිනිස්සු නිසා ඒ කම්පැණියට වෙච්ච පාඩුව ඩොලර් බිලියන හතරක්.
මේ වෙලාවේ හැටියට ලංකාවේ මුදලින් 1,200,000,000,000 ක්.
කොකාකෝලා බෝතලයකට මේක ගණන් හදලා බැලුවොත් ආසන්න වශයෙන් මිනිසුන් බිලියන 12 ක් වත් මේක ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
දැන් මේක අපේ ක්‍රිකට් Players ලා වුණත් අයින් කරන්නෙ නැහැ නේ. නමුත් ඒක ඔවුන් ප්‍රමෝට් කරන්නේ නැහැ.
කරන අය නැත්තෙමත් නැහැ. මං 100 ක් ගැහුවෙ කොකාකෝලා බීලා වගේ කියන අයත් නැතිව නෙවෙයි. සමහර විට ඔවුන් කොකාකෝලා බීලත් නැහැ. බොන්නෙත් නැහැ. හැබැයි ඔවුන් ඒක සමාජ ගත කරනවා.
මේ කියන නිර්මාණත් එහෙමයි. මම අද දවසේ දැකපු වීඩියෝ කිහිපයක මේ 1x bet, තෙල්, විවිධ විෂයන්ට අදාළ පන්ති වගේ දේවල් මිනිසුන්ට පෙන්වලා තිබ්බා මං දැක්කා.
ඒක නිර්මාණය ඇතුලෙන් කරපු පණිවිඩයක්.
මං කල්පනා කළේ ම මේවා මිනිසුන්ට හිරිකිත නැතිව Reffer කරන හැටි කියලයි.
ඔය වගේ ඇප් එකකින් අපිට සල්ලි හොයන්න පුළුවන් කියලා කිව්වට, අපිට සල්ලි දෙන්න ආදරෙන් ඕවා නිර්මාණය කරනවා කියලා ඔබ හිතනවා ද ?
කවදාවත් ඔබට ඕවායින් ගොඩයන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.
මම මේ ගැන සෑහෙන්න විස්තරයක් හොයලා බැලුවා. මේකේ ඔට්ටුවක් වැටෙන විදිය, ඒවා නැවත අය වෙන විදිය, මේක ගහපු අයගෙන් විස්තර දැනගෙන බැලුවා ම මේ වගේ ඇප් එකකට පුළුවන් මිනිහෙක් නැති ම කරලා දාන්න කියලයි මං තේරුම් ගත්තෙ.
ක්ෂණික සල්ලි වගේ පෙණුනාට ඒකේ ඇතුලේ ඊට වඩා භයානක කමක් තියෙනවා. පස්සෙ දවසක ඒ ගැන විස්තර තව හොයලා කියලා දෙන්නම්.
එතකන් උත්සහවත් කරලා බලන්න එපා.
මේවගෙන් වෙන හානිය ගැන කවුරුත් කියන්නැත්තෙ හානිය කිව්වාම සල්ලි දෙන කම්පැණියක් නැති නිසා. පිටරට අය නම් ගොඩක් මේවා ගැන කියලා තියෙනවා. ඔවුන් මේ කම්පැණි සල්ලි වලට යට නොවී ඉන්න නිසා.
අපේ රටේ නම් ඉන්නේ මගේ Link එකෙන් යන්න, මගෙන් සල්ලි දාගන්න, Withdraw කරන්න කියන උන් විතරයි. උන් ඔබව මේ සූදුවට දාලා, ඒකෙන් එන ලක්ෂ ගාණක කොමිස් එකෙන් ජීවත් වෙනවා.
ඔබ පරාද වෙනවා. උන් ගොඩ යනවා.
අනික මේ වගේ දේවල් ලංකාවේ නීත්‍යානුකූල නැහැ මං දන්න විදියට. එතකොට කොහොමද මේවා ගැන ඇඩ් හදලා ඔවුන් ඒ විදියට හිරිකිත නැතිව ලංකාවට දාන්නේ ?
ඔය වගේ ම රැවුල කොණ්ඩෙ තියෙන එකෙක් අල්ලගෙන, රැවුල වැවෙන්න නම් මෙන්න මේ තෙල් ගාන්න කියනවා. හරියට ඒ තෙල ගාලා මිනිහ ගේ රැවුල වැවිලා වගේ.
ක්‍රිකටර් කෙනෙක් අල්ලන් රෙඩ්බුල් පෙන්වනවා, බිව්වාම සෑහෙන Energy එකක් එනවා වගේ. ඒ මිනිස්සු දිනලා තියෙන්නෙ රෙඩ්බුල් බීලා නෙවෙයි, Practice කරලා මිසක්.
ඒක බලලා සාමාන්‍ය මිනිස්සු හදා ගන්න චිත්‍රය හරි ද ? ඒක ඔවුන් වෙනුවෙන් කරන කොච්චර අපරාධයක් ද ?
එනිසා මේ වගේ You Tube කාරයන් ගෙන් ප්‍රවේසම් වෙන්න. ඔවුන් ඔබව ලං කරගන්න ඔබේ මතයට ගරු කරලා වීඩියෝ කරනවා.
උදාහරණයක් විදියට වීඩියෝ එකක් අස්සට, පොල් ලාභ ද ? ලූණූ ලාභ ද වගේ සමාජය හාස්‍යයට ලක් කරන එකක් දාලා, ඒ අස්සේ ඔබට අර වගේ අපරාධයක් කරන්න මුල පුරනවා.
මට මතකයි රෙඩ්බුල් ආයතනය Redbull gives you wings කියලා ඇඩ් එකක් ඔය වගේ දාලා, කෙනෙක් රෙඩ්බුල් එකක් බීලා තටු ආවේ නැහැ කියලා නඩුවක් දැම්මා.
ඔවුන්ට ඩොලර් මිලියන 13 ක් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වුණා.
මේ තියෙන්නෙ ඒ News එක.
(Red Bull, the popular energy drink company, has agreed to pay a substantial $13 million to settle a proposed class action lawsuit alleging false advertising. The lawsuit, which accused the company of deceptive marketing practices, targeted the famous slogan “Red Bull Gives You Wings)
අඩු ම ඔවුන් ඔබව රවට්ටනවා නම්, මේ වගේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග හරි ගන්න. ඔවුන් ඔබට සල්ලි ලැබෙන බව විතරක් මේ ඇප් පෙන්වලා කියනවා නම්, ඔබ පරාදත් වුණා නම් ගිහින් බොරු දැන්වීමක් කියලා නීති පියවර ගන්න. ඒ බව ඇඩ් එකේ කිව්වෙ නැහැ කියලා.
පන්තියට ගිහින් ඔබේ කාලය නාස්ති වුණානම්, ඔබ ඊට එරෙහිව පියවර ගන්න.
කොහිද ඉතින් ලංකාවේ නීතිය ? ඕකට දඟලනවා ට වඩා හොඳයි අලාභය දරාගන්නවා කියලා හිතෙන රටකුත් නේ අපිට දෙයියනේ කියලා තියෙන්නෙ. ඒවා හැදිලත් නෑ නොවැ.
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්න ද ? කියලා ඒ ගැන කිව්වාලු.
ඒ කොහොම නමුත් නිර්මාණකරුවා නිර්මාණයක් කරලා, අවකාශයේ දාන ඇඩ් එක ගැන වගකීමක් ගන්න බැරිවුණාට, නිර්මාණය ඔස්සේ යමක් Promote කරනවා නම්, ඒකට ඔවුන් නිසැකව ම වගකීමක් ගන්න ඕන.
ඉතා ම ප්‍රසිද්ධ Youtube නාලිකා කීපයක් ම ගැන මම මේ විදියට හොයලා බැලුවා ම, ඔවුන් සියලු දෙනා මිනිස්සු එක්ක මේ සෙල්ලම කරලා තියෙනවා මේ විදියට කියලා මං දැක්කා.
අවධානයෙන් බැලුවොත් ඔබට නිසැකව ම ඒ බව පෙනේවි.
ඔවුන් ඔබට ආදරෙයි වගේ වීඩියෝ කළාට, ඔවුන් මිනිස්සු ගැන නො හිතා හොඳ නරක භේදයකින් තොරව මිනිස්සුන් ව රවට්ටනවා.
හරියට අර ජරා දේශපාලඥයො 225ක් වරින් වර රටට කළා වගේ ම.
මිතුරු වෙසින් ඇවිත් කරන හතුරුකම කියන එකට අපේ ලංකාවේ උන් අතීතයේ ඉඳන් ම අහුවුණා.
ඒ නිසා මේ වගේ ආත්මාර්ථකාමී කපටින්ගෙන් ප්‍රවේසම් වෙන්න.
නරක දේවල් ප්‍රසිද්ධ කරන්න තමන් පෙනී සිටීමත් මේ වගේ ම අපරාධයක්.
ගොඩක් ප්‍රසිද්ධ අය ඔයිල් ඇඩ් වලට හිටියට ඒ අයගේ වාහාන වලට ඒ ඔයිල් දාලා දුවන්නැති බව ඔබ තේරුම් ගන්න.
එවිට ඔබේ කාලය මේ විච්චූරණ ලෝකය අස්සේ නාස්ති නොවී තියේවි.
ඒ වගේ ජරා වැඩ කරන මිනිස්සුන්ටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි.
ඔබ ප්‍රසිද්ධ වුණේ හෝ ඔබට ආදරය කරන්නේ මේ අහින්සක මිනිස්සු නිසා, ඔබේ ප්‍රසිද්ධ කම පාවිච්චි කරලා, ඔබවත් පරිහරණය කරන්නැති දේවල් මිනිස්සුන්ට සල්ලි මත්තේ ම නැහිලා විතරක් හඳුන්වා දෙන්න එපා.
මේ අහින්සක මිනිස්සු පවු. ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්න උත්සහ කරන්නෙ. හැම තැනින්ම ඔවුන්ට ලැබුණේ, ලැබෙන්නෙ පීඩාවන්.
ඔබත් ඔවුන් රවට්ටන කපටි වංචනිකයො වෙන්න එපා.
ඔබ නිර්මාණ කරුවෙක් නම්, ඒ අවකාශය අස්සේ යන ඇඩ් වලට කරන්න දෙයක් නැති බව ඇත්ත.
උදාහරණයක් ක්‍රිකට් ගහන කෙනෙක් ගේ ග්‍රවුන්ඩ් බෝඩ් එකක තියෙන කොකාකෝලා ඇඩ් එකකට අපිට කරන්න දෙයක් නැහැ නේ. අද ලෝකය පත් වෙලා තියෙන තැනත් එක්ක ඒවා නවත්තන්න බැරි ගාණට ඇවිත්නේ.
ඉස්සර ම මේවා වත් තිබ්බේ නැහැ.
මිනිස්සු කාලා බීලා සැනසීමෙන් හිටියා. දැන් මිනිස්සු ලෝකය දියුණුයි කියලා කියන්නෙත් මේ ටිකට නිසා, මේවා නවත්තන්න බැහැ.
හැබැයි ඔබ වත් රවට්ටන්නැතිව ඉන්න වත් පුරුදු වෙන්න.
ජීවිතය තාවකාලිකයි. සදාකල් ඉන්නෙ නැහැ කියන එක මතක තියාගෙන ජීවත් වෙන්න. ජීවත් වෙලා ඉන්න ටික කාලය ජීවත් වෙන්න තිබ්බාම ඇති කියන සංකල්පය ඔලුවට දා ගන්න.
මේ වගේ Genuine ම වැදගත් You Tube නාලිකවක් කරපු එක්කෙනාවයි තාම දැක්කේ. තව ඇති මං දැක්කෙ එක්කෙනාවයි.
ඒ TechTrack You Tube නාලිකාව කරන Malinda Alahakoon අයියා. ඉස්සර හරි ම ආදරෙන් බලපු නාලිකාවක් මේ. තවමත් වුවමණා වුණා ම බලනවා.
කවදාවත් තමන් Sure කරන්නැතිව කිසි ම දෙයක් ඒ කාලේ කිව්වෙ නැහැ. දැන් අලුත් ඒවා මං බලන්නැති නිසා, දැන් තත්වය මං දන්නෙ නැහැ.
මලින්ද අයියා මාව පුද්ගලිකව අඳුරන්නෙත් නැහැ. කවදාවත් හම්බවෙලත් නැහැ. හැබැයි ඔහුගේ Youtube නාලිකාවේ මම කිසි ම දවසක මේවා දැක්කෙ නැහැ.
ඔහු Sure නැති දේවල් Sure නෑ කියලා ඒ දවස්වල ඉඳන් කෙලින් ම කිව්වා.
ඔහු මේ නිර්මාණ ලෝකයේ හැමෝට ම ලොකු ආදර්ශයක් කියලයි අද දවස වෙනකොට මං දකින්නේ.
මම කියපු කථාව මධ්‍යස්ථව තේරුම් අරන් කිසි ම කෙනෙක් අමනාපයක් හදාගන්නැතිව අපි දෙපැත්ත ම නිවැරදි කරගන්න උත්සහ කරමු.
මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙන ඔබට අවශ්‍ය ඕන ම Youtube Content කරන කෙනෙක් ව මේකට Mention කරගෙන යන්න අවස්ථාව තියෙනවා.
ඔබට තෙරුවන් සරණ වේවා !
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 10.04.2024