top of page
නිබ්බානං පරමං සුඛං යන වචනයේ අරුත නොදන්නා මූසිලයො..
අභියෝග කරනු දුටිමි කාම භූමියේ සැප විඳපු ගුත්තිලයන්ට..
කාම ලෝකයේ ඇති සැපය එක මිටට ගත් කල ද..
නිවන තරම් ඇති වෙනත් සැපයක් නැති බවට..
පුන පුනා කීවත් තුන් වේල නො කෑ මූසිලයන්ට..
යාන වාහාන ගැන පමණක් ම හීන දකින ඒ ගොයියන්ට..
තේරුණා දැයි ඇසීමත් විහිලුවක් අර ගුත්තිලයාට..
උන් දකින සැපයක් නම් නිවනේ නැති බවත්..
උන්ට සැප ඇත්තේ නො කෑ,නො විඳපු කාම අරමුණු වල බවත්..
නිවන සැප කොහොමද කියා උන් ඇසූවත්..
දෙන්න උත්තරයක් ගුත්තිලට නැත්තේ..
නිවන සැප නැති නිසා නොව..
කම් සැපය නො වැලඳූ පිපාසාව ඇත්තන්ට..
කන්න දෙන බත් පත තරම්..
නිවනේ සැපයක් නො දැනෙන නිසා මිස..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 17.03.2024
bottom of page
