Sujatha Puthra Meditation Center
Your Membership ID
ගොඩක් අය හිතන් ඉන්නේ අභිධර්මය තමයි අමාරු, සූත්‍ර නම් එච්චර අමාරු නැහැ කියලා.. එහෙම හිතාගෙන ම සූත්‍ර කියවන එක ගොඩක් අයට අතහැරිලා තියෙනවා දන්නෙම නැතිව.
කියෙව්වත් ඒවා හරියට අර්ථකථනය එන හැටියට කියවගන්න හැමෝටම පුලුවන් කම ලැබෙන්නෙ නැහැ.
සාමාන්‍යයෙන් සංයුත්ත නිකායේ ගාථාවකින් කියවෙ න එක සූත්‍රයක් කියවගන්න අපි අදටත් සෑහෙන වෙලාවක් අයින් කරනවා. මොකද ඒකේ කියවීම හරියට කරන්න පුලුවන් වෙන්නේ ඒ වගේ කැපකිරීමක් කළාම.
ඒ නිසා කල්පනා කළා සූත්‍ර පන්තියක් පටන් ගන්න. හැමෝටම සූත්‍ර කියවන්න පුරුදු කරමින්, ඒ වගේ ම ඒවාගේ අවශ්‍ය තැන් වල දි අර්ථ විග්‍රයන් සිදු කරමින්.
විශේෂත්වය තමයි මේක, දේශනා ස්වරූපයෙන් ඔබ්බට ගිහින් සාකච්ඡා ස්වරූපයකට භාජනය වීම.
සම්බන්ධ වෙන්න කැමති අය පහත WhatsApp කණ්ඩායමට සම්බන්ධ වෙන්න..
👉 WhatsApp Group - https://chat.whatsapp.com/F5Q0jQqjJIQ6jbpKuzjjTO
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 25.02.2024
