top of page

අනාගතයේ ඒකාන්තයෙන් බුදුවන මෛත්‍රීය බුදුන් වහන්සේ ගේ නමින් සෑයක් තැනීම වරදක් වන්නේ කෙසේ ද ?

කෙටියෙන් ම මෙයට මගේ පිළිතුර නම් අනුව නැත යන්න යි.


👉 මහා සෑයට ස්වරණමාලී යන දේවතාවිය ගේ නම යොදන්නට පුළුවන්නම්‍,

👉 තියෙන තරමක් දේව පිළිම සහ දේවාල පන්සල් වල අටවගන්න පුළුවන් නම්‍, ඒවාට මිනිසුන් ලවා පුළුවන් තරම් වන්දනා කරවගන්න පුළුවන් නම්‍,

👉 දැන් වසර ගණනක් තිස්සේ පත්තිනි නමිනුත් සෑයවල් හදනවානම්‍,


අනාගතයේ ඒකාන්තයෙන් බුදුවන මෛත්‍රීය බුදුන් වහන්සේ ගේ නමින් සෑයක් තැනීම වරදක් වන්නේ කෙසේ ද ?


තවම බුදු වෙලා නැති නිසා නම යෙදීම මදිකමක් ද ? එහෙනම් මේක කියවලා බලන්න..


මහා පුණ්‍යස්කන්ධයක් රැස්වීමෙන් මහ බෝසත්හු අන්‍ය සත්ත්වයන් විසින් ගරු බුහුමන් කළ යුතු වූ අසදෘශ පුණ්‍යක්ෂේත්‍රයක් වේ. එය මහ බෝසතුන්ගේ එක් ආශ්චර්‍ය්‍යාද්භූත කරුණෙකි.


👉 පාරමිතා ප්‍රකරණය..


අප ගේ මහා බෝධිසත්ත්වයන් වහන්සේ ඉපදුණ තැන අද ද අපි ආදර⁣යෙන් වන්දනා මාන කරන්නේ බෝසත් අවධියේ සටහනකින් නොවේ ද ?


තමන් ගේ පිළිමෙම හදාගෙන ඒකට වන්දනා කරන පැවිද්දන් පවා පේන්න ඉන්න කාලෙක‍, බුදු පිළිම හදලා ගිහියන් ගේ‍, පෘථග්ජනයන් ගේ භෂ්මාවශේෂ ඒ තුළ තැන්පත් කරනවා පේන්න තියෙන ක⁣ාලෙක එවැන් දේ ගැන ප්‍රශ්න නො කර අනාගතයේ බුදු වන මෛත්‍රී බුදුන් වහන්සේ ගේ නමින් කරන චෛත්‍යයකට කථා පැවත්වීම අමුත්තක් නොවේ ද ?


තැන්පත් කරන්න ධාතුන් වහන්සේලා නැති නිසා ඒක හොඳ නැද්ද ? එතකොට පුලින ථූපිය තෙරුන් නිර්මාණය කළ වැලි චෛත්‍යයේ තැන්පත් කළේ මොනා ද ?


ලංකාවේ තියෙන හැම චෛත්‍යයකම ධාතුන් වහනසේලා වැඩ ඉන්නව ද ?


බෝධිසත්ත්වවරුන් ගේ කේසාදීන් ද‍, පරිභෝග වස්තුන් ද පවා රැගෙන ගොස් සෑයවල් කරවා ඇත්නම්‍, නම යොදා උද්දේසික සෑයක් කරවීමේ වරද කුමක් ද ?


සක්විති රජුන් වෙනුවෙන් ද සෑයක් කරවීමට හැකි නම්‍ (ලෝක සම්මුතිය නිසා) මතු බුදුවන බුදු කෙනෙක් ගේ නමින් සෑයක් කිරීමේ වරදක් දැක්විය හැකි ද ? නොහැකි ම ය.


⁣එනිසා මෙහි ධර්මානුකූල ව වරදක් පෙන්විය නො හැක. එයට අභියෝග කිරීමට නො හැක.


සුමේධ කතාවේ දී බෝධිසත්ත්වයන් බුදුවන බව අසා දෙවිවරු වන්දනා පවා කළ බව ඔබ අසා ඇති.


බෝසතුන් වන්දනාවට සුදුසු නොවේ නම්‍, දීපංකර බුදුන් වහන්සේ සම්මුඛයේ එසේ කරයි ද ?


මේවා ධර්මයේ බස්වා‍, විනයෙහි සසඳා ගත යුතුයි මිසක්‍, අත්තනෝමත වලට ය⁣ට නො විය යුතු පැණයන් බව මගේ හැඟීමයි.