top of page

කාටහරි බෞද්ධයෙක්ට ථේරවාද ධර්මය නිවැරදි ව ඉගෙන ගන්න වුවමණා වුණොත් ?

තාක්ෂණයේ දියුණුවත් සමඟ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙනවා අපිට අවශ්‍ය ඕනෑ ම දෙයක් හොයාගන්න ඕන වුණා ම අන්තර්ජාලයේ තියෙන ඊට සුදුසු Platform එකක් පාවිච්චි කරන්න..


උදාහරණයක් Netflix, YouTube වගේ ඒවා..


නමුත් කාටහරි බෞද්ධයෙක්ට ථේරවාද ධර්මය නිවැරදි ව ඉගෙන ගන්න වුවමණා වුණොත් ?


මොනාද අපිට පාවිච්චි කරන්න පුළුවන් Platform එක.

ගොඩක් අය දැනට YouTube පාවිච්චි කරනවා. නමුත් YouTube වැනි Platform එකක‍ ඕන කෙනෙක්ට ඕන දෙයක් කියලා දාන්න පුළුවන් කම තියෙන නිසා නිවැරදි ධර්මය ම හොයාගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි.


ඒ අඩුව පුරවන්න තමයි මම සුජාත පුත්‍ර Web Site එක සහ Application එක නිර්මාණය කළේ ම.


ජීවත්වෙලා ඉන්න පුළුවන් කම ලැබුණොත් අවුරුදු 02ක් ඇතුළත මේ යෙදුමේ අන්තර්ගතය සම්පූර්ණ කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.


දැනට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත කර්මස්ථාන කිහිපයක් හැරුණා ම සෙසු සියළු කර්මස්ථාන දේශනා මෙහි අන්තර්ගත කරලා තියෙන්නේ‍, හරියට භාවනාවක් කරන්න කැමැති කෙනෙක් ට නිවැරදි උපදෙස් සහිතව දින වකවාණු පවා ඇතුළත් කරලා.


තමන්ට ගැලපෙන ම භාවනාව තාක්ෂණිකව යොදා ගත් උපක්‍රමයක් ඔස්සේ මේ යෙදුම හරහා ම තව දින කීපයක් යද්දි ඔබට ලබා ගන්න පුළුවන් කම තියෙනවා..


සූත්‍ර ගණනාවක්‍, විනය දේශනා ගණනාවක්‍, අභිධර්ම ප්‍රකරණ හත ඇතුළු අභිධර්ම කරුණු ගණනාවක් මේ යෙදුමට තව දින කිහිපයකින් උඩුගත වෙනවා..


ඉතා නිවැරදි ව ලියූ ථේරවාදය විස්තර කරන ග්‍රන්ථ සහ ලිපි ඔබට මේ යෙදුම හරහා ලබා ගන්න තව දින කිහිපයකින් පුළුවන් කම ලැබෙනවා.


විශේෂත්වය තමයි‍, වයසින් වැඩි වැඩිහිටියෙක්ට වුණත් මේ යෙදුම කරදරයක් නැතිව භාවිත කරන්න පුළුවන් විදියට පහසු ආකාරයෙන් මේක නිර්මාණය කරලා තිබීම 😊


ථේරවාදය ගරු කරන‍, අසම්භින්න පරම්පරාවක් ඇති භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් ධර්මය පරිහරණය කරනු කැමැත්තන්ට මේ යෙදුම නොබෝ දිනකින් නිසැකව ම මනා වූ දායාදයක් වේවි..


👉 Web Site එක - sujathaputhra.lk

👉 IOS Application එක - https://shorturl.at/wEH13

👉 Android Application එක - https://shorturl.at/nGT15


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 18.02.2024






bottom of page