"සත්ත්වයෙක් පුද්ගලයෙක් පැණේ ද ? නිවනින් මතු සත්ත්වයා වේ ද ?" යන්නෙන් ඇති කළ ගැටළුවකට පිළිතුරු වශයෙන් "සත්ත්ව පුද්ගල භාවයක් ගැනීම සම්මුතියේ දී පැවතුණත්, පරමාර්ථයේ දී නො කළ හැක්කක් බවත්, මේ ආත්මයේ දී ම සත්ත්ව භාවයක් ගත නො හැකි තැන නිවනින් මතු සත්ත්වයෙක් ගේ පැවතීම ගැන කවර කථාවක් ද ?" යන මාතෘකාව ඔස්සේ මේ සාකච්ඡාව අද සිදුවුණි.
මත දෙකක් ගැටෙන ස ාකච්ඡාවක විනිශ්චයක් කිසිදාකවත් නො පැණෙන බැවින්, ශ්‍රවණය කරන්නන් විසින් ධර්ම වාදයේ පිහිටා කරුණු කාරණා විමසා බලා ශුද්ධ නිගමනයකට පැමිණිය යුතු ය.
මේ සාකච්ඡාවට කාලය වෙන් කර, මේ සාකච්ඡාව පැවත්වීමේ අප ගේ පරමාර්ථය එය විය. මිනිසුන්ට ධර්ම පරියායන් තේරුම් ගන්නට නම් අප සාකච්ඡා කොට ඒවා විවර කළ යුතු වේ.
කාලගුණික සහ ලෝක විපර්යාස මත සාකච්චාව අතරමැද නතර කළත්, මේ දෘෂ්ඨිය කිසිසේත් ම පැණවිය හැක්කක් නො වන බව සාකච්ඡාව පුරා ම මා විසින් කරුණු සහිතව සාකච්ඡාවට බඳුන් කළේ ය.
සෙසු උපනයන සියල්ල, සුදුසු කල්හි ව ිස්තර කර දීමට බලාපොරොත්තු වෙමි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 15.02.2024
