top of page

'වඳුරන්ගෙන් බණ අසා, බුදුන්ට ගල් ගැසීම'..

අපවත්‍‍ වී‍‍ වදාළ ලොකු‍ හාමුදුරුවන්ට පින්‍ දෙන්න හදලා තියෙන එක ම ගෝල නම වෙන්න ඕන 😂 චාල්ස් තෝමස් ව ගෙනත්‍ පින්කමට 😅 ගුරුවරයා හිටියානම් හරි‍‍ ආඩම්බර හිතේවි.. 😅

ඊළඟ පින්කමට‍ Flashback ගෙනත්‍ සංගීතයක් ගහමු 😅


වෙන්නැති වෙන්නැති. ගාණක් ලැබෙනවානම්, ලොකු‍‍ හාමුදුරුවෝ අපායට‍ ගියත්‍ මොකද ?


චාල්ස්ලා කලින් පදවිය පැත්තේ ඕවා කරන්න‍ එද්දි නැගලා හිටපු Stage වලිනුත්‍‍ අපි‍ නම් බැස්සුවා.


දැන් ආයි විලි ලැජ්ජ නැතිව රිංගලා බලන්න හදනවා.


එක්කො‍ පදවිය පැත්තේ‍ හරි හමන්‍ හාමුදුරුවෝ කෙනෙක් නැහැ. මේවාට‍‍‍ විරුද්ධ‍‍ වෙන්න..


නැත්තන්‍ හරි හමන් බෞද්ධ කොල්ලො ටිකක් නැහැ. එක්කො කොන්ද පණ තියෙන‍ මිනිස්සු ටිකක්‍ නැහැ..


මේවාට තමයි කියනනේ 'වඳුරන්ගෙන් බණ අසා, බුදුන්ට ගල් ගැසීම' කියලා.


ඔය යට තියෙන නම්බර් වලට කෝල් එකක් වත් දීලා තමයි පින්වතුන්ටත් කරන දෙයක් කරන්න වෙන්නේ. ලාහෙට ගෙම්බො එකතු කරනවා වගේ හතර‍ අතේ විකෘති‍ පේද්දි, අපි පේන පේන තැන්වලට දුවන්නැයි ?


අර පන්සල් හදනවට‍ විරුද්ධ වෙච්ච ආචාර්ය මහාචාර්ය එකෙක් වත් මේවාට‍ හෑල්ලක්‍ ලියාගන්න නැති හැටි 😅


චාල්ස්‍ ගැන‍ කලින් Neth FM නාලිකාවේ කළ‍ වැඩසටහන -

https://youtu.be/sCf0jQdOIFI?si=3fJrvzVcmfXjjX5q


වෙන‍ ම කළ සම්පූර්ණ වැඩසටහන - https://youtu.be/cIk2GJcE5gI?si=E10y8Ztffp06snEu


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 11.02.2024






Designed by Sujatha Puthra Meditation Center

bottom of page