Sujatha Puthra Meditation Center
Your Membership ID
සමහරුන්ට උත්තර දෙන්න වෙන්නේ ම ප්‍රශ්නය ගොඩනගන Tone එක අනුව..
ඒකෙත් නො දන්නා දෙයක් දැනගන්න අහද්දියි, කොච්චර කිව්වත් තේරුම් ගන්නැතිව, තමන් ගේ ම මතය නිවැරදි කියා ගන්නට දඟලට මෝඩයන්ටයි දෙවිදියක්.
මේ වගේ මෝඩයන් ට Stage හදලා දෙන එක නවත්තන්නයි ඕන.
ඊයේ දින පැවති Zoom සාකච්ඡාවක දී අදහස් ප්‍රකාශ කරපු පොඩි කොටසක් මේ..
සත්ත්ව පුද්ගල භාවය ලෝකයේ ඇතැයි කියන මතය බුද්ධ කාලීනව ම ධර්මය තේරුම් නො ගත් සාති වැනි භික්ෂුන් වහන්සේලා අතර ප්‍රචලිත ව තිබුණා. බුදුරජාණන් වහන්සේ එය ඉතා නින්දිත මතයක් සේ බැහැර කොට මහා තණ්හාසංඛ්‍යෙය වැනි සූත්‍ර ඔස්සේ ප්‍රතික්ෂේප කළා..
කථාවස්ථුප්‍රකරණයේ ඇති වාද 217 න් පළවෙනි වාදය ලෙසත් මේ පුද්ගල කථාව දිග හැරීම නිසා එහි අයුත්ත බුද්ධ වචනයත් නො සැලකූ මෝඩයන් අතර එකලත් පැතිරෙන්නට පටන් අරගත් බවක් පේන්නට තියෙනවා.
වර්ථමානයෙත් ඒවාගෙන් ඉතිරි වෙච්ච පොඩි පොඩි වල් පැලෑටි පේන්න තියෙන එක අරුමයක් නෙවෙයි. ඒවාට කිසියම්ම වත් වටිනාකමක් දෙන්නට අවශ්‍ය නැහැ. කිසිදු හරයක් ප්‍රශ්නයේ ම නැති නිසා. ගැටලුව තියෙන්නේ ම ඔවුන් ගේ නුවණේ ප්‍රමාණය සීමා සහිත වීම නිසා.
කථාවස්ථුව ගැන ඉදිරියේ දී ධර්ම දේශනා මාළාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තුවක් තියෙනවා. එවිට නිසි ම පිළිතුරක් ලැබේවි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Theroඅ
Date: 11.02.2024