top of page

ඩුබායි රාජ්‍යයේ මා වැඩ වාසය කළ එක් සැඳෑවක Global Village වල ඇති 2Xtreme නැමැති තරමක් භයංකාර විනෝද ක්‍රීඩා උපකරණයේ දෝෂයක් පැන නැගුණි.


පුංචි දරුවන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ම සමඟ එය ඉහල අහසේ සිර වූ අතර එක් ක්ෂණයක් ඇතුළත (මුදාගැනීමේ මෙහෙයුමටත් වඩා අවධානය වටපිටාවට යොමු කරමින්) ආරක්ෂකයන් එහි සැරිසරන්නට විය.


කිසිවෙකුට ඔවුන්ගෙන් රිංගා එහි පින්තූරයක් ගැනීමට නො හැකි විය. වීඩියෝ කිරීම තහනම් විය. ඔවුන් සියලු දෙනා ගේ දුරකථන ගැන සෝදිසියෙන් (ලක්ෂ ගාණක ජනතාවක් මැද) ඔවුන් ගේ මෙහෙයුම සාර්ථක කර සිර වූ උපකරණයෙන් මිනිසුන් මුදා ගත්තේ ය. කිසිවෙකුට එය පටිගත කිරීමට හෝ වාර්ථා කිරීමට අවකාශයක් ලබා නුදුන්නේ ය. ඒ එම සිදුවීමෙන් එම රාජ්‍යය⁣ට වන හානිය සහ ආරක්ෂාව ගැන ඇති විශ්වාසය නැති කර ගැනීම⁣ට ය.


අපට අදටත් විද්‍යුත් උපකරණයක් වූවත් 'ඩුබායි' වලින් ගෙනාවේ කී විට ඇති වන විශ්වාසයට එම රාජ්‍යය රැකවරණය ප්‍රබල සාධයකි. ඒවාගෙත් විවිධ දෝෂ පැන නැගෙන නමුත්, ඒ විශ්වාසය අප තුළ ඇත්තේ ඔවුන් විසින් ඔවුන් ගේ අභිමානය ලොවට ආරක්ෂා කොට පෙන්වා ඇති ආකාරයට ය.


ඒ ඔවුන් ඔවුන් ගේ අභිමානය ආරක්ෂා කරන විදියයි.


ඔවුන් අපේ රටේ නිදහස් දිනයට ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifa ගොඩනැගිල්ලේ අප ගේ ජාතික කොඩිය යොදා තිබුණි. ඒ ඔවුන් තවත් රටක, ජාතියක අභිමානයට ඇති ගෞරවයයි.


අපේ රටේ අද වර්ථමාන ප්‍රජාව විසින් ස්වකීය අභිමානය බිම හෙලා කථා කරනු නිතරම දක්නට ලැබෙන කරුණකි. එයින් ජාතියකට, රටකට උදාවන විමුක්තියක් නැත.


රටවල් සංවර්ධනය විය යුතු ය. අභිමානය නො මැතිව සංවර්ධනය වූ රටක් සංවර්ධිත රාජ්‍යයක් ලෙස ලෝකයා ගේ ගෞරවයට පාත්‍ර නො වනු ඇත.


තමන් ගේ රටට හෙන ඉල්ලන මිනිසුන් ගේ ඉරණම සැමදා වෙනස් නොවේ.


කෙටියෙන් ම කියතොත්, එසේ සිතන රටකට, ජාතියකට ලැබෙන දියුණුවක් ද නැත.


 Author: Ven. Kirulapana Dhammawijaya Theroඅ

Date: 06.02.2024






bottom of page