මේ විමල බුද්ධි කියන නම ඇත්තටම පවු. මේ විමල බුද්ධිලා බිහිවෙන්නෙ පොඩි කාලේ මහණ වූ නිසා කියලා ඇතැම්මු හිතන් හිටියට ඇත්ත කථාව නම්, මේ වගේ අය බිහිවෙන්නෙ සන්නලා වගේ සමාජ, සංස්කෘතික ඝාතකයො නිසා බව අපි දැනගන්න ඕන.
හැබැයි උන් ඒ වරද දාන්නේ සංඝ සමාජය අස්සට.
සන්නා උඹේ භික්ෂු පරිච්ඡේදය ආයි කියවන්න දෙයක් නෑ. උඹත් එක්ක එකට ගංජා ගහපු හැම චීවර ධාරියෙක් ගැන ම උඹ ලියලා ඒක විකුණන් මේ වෙනකම් ම කන්න ඇති. උඹල ගේ ගංජා සුරුට්ටුවට අහුවුණු පොඩි හාමුදුරුවෝ ටිකක් කිලිටි වුණාට, අපේ සංඝ සමාජය කිලිටි නෑ.
උඹලා ශාසනය කියලා දැකලා තියෙන්නේ උඹලා එක්ක කුෂ් ගහපු විමල බුද්ධිලා ටික වුණාට, ශාසනය කියන්නේ උඹල ගෙ දෑස් මානයෙන් බොහෝම එහා තියන එකක් කියලා නුවණ තියෙන දන්න මිනිස්සු දන්නවා.
උඹලට ඒක දැනගන්න තරම් පිනත් මදි, නුවණත් මදි..
ඒකයි දැන් උඹලව නිවන් දක්වන්න පොර නො බැඳ, පුළුවන් උන් ටිකට විතරක් තෝරගෙන පිහිට වෙන්නෙ.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 20.01.2024
