ඇත්තටම මේ රට දැන් තියෙන තැන දැක්කාම පුදුම සංවේගයක් ඇතිවෙනවා..
මේ දුර්ගුණ ඇති දේශපාලඥයො වසර ගණනාවත් මාරුවෙන් මාරුවට මේ ලස්සන රටට කළ මහත් වූ ව්‍යසනය අද මිනිසුන්ට වතුර බේත් පවා නැති වෙන තැනට ගෙනත්..
මේවාට එක එල්ලේම මෙතෙක් දේශපාලනය කළ සියළු දේශපාලඥයො වගකියන්න ඕන. ජනතාව තවත් සියුම් බුද්ධියකින් යුක්ත වෙන්න ඕන. ඊළඟ අවුරුදු වලටත් රටට වෙන්න යන්නේ මේ ව්‍යසනයමයි කියලා බැලූ බැල්මට අපිට පේනවා..
මේ රට සොඳුරු රටක්.. මේ රටේ මිනිස්සු දුක් විඳින්න ඕන නෑ..
පාලකයන්ගේ හොරකම, දූෂනය විවිධ වංචාවන් උලුප්පලා උන්ගේ දේශපාලනය උන් තවදුරටත් තලු මරමින් ඉන්නවා..
උන්ට වගේ වගක් නෑ.. ක්‍රිකටුත් ගහනවා.. මේවා දකින්නත් අප්‍රිය දර්ශන.. නමුත් අවාසනාවට අපේ උන් තාම මේවා තේරුම් ගන්නෑ..
අපේ රටට අවශ්‍ය හොඳ System එ කක් විතරයි.. මේකේ මිනිස්සු කඩියො වගේ.. දක්ෂයි.. තවමත් ශක්තිමත්..
කවදා අපට ඒ දවස උදා වේවි දැ යි අපිත් ඇඟිලි ගනිමින් ඉන්නවා..
නමුත් අපේ බහුතරයක් උන් පැති වලට බෙදිලා තාම උන් ගේ පක්ෂෙ වෙනුවෙන් මරාගන්නවා..
මිනිසුනේ.. ඔලුවෙන් හිතපල්ලා.. මේ අපේ සුන්දර රට..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 12.08.2023
