top of page

බලහත්කාරයෙන් WhatsApp Group වලට එක් කර ගැනීමේ විශාල කරදරය..

බලහත්කාරයෙන් WhatsApp Group වලට එක් කර ගැනීමේ විශාල කරදරය..


මේ ලෝකේ හැම මනුස්සයට ම බණ ඇහෙන්නෙ නැහැ.. උපතින් ම බෞද්ධ වුණත් ලෝකේ තියෙන කාර්යබහුලත්වය එක්ක මිනිසුන් බණ අහන ප්‍රමාණය හරිම අඩුයි.


විනාඩි ගාණක් තියෙනන Joke Video එකක් මිලියන ගාණක් බැලුවත්, පැයක් අවධානයෙන් බණ අහන්න පුළුවන් වන මිනිස්සු ඉතා ම අඩුයි.


ඉතින් අපි අවුරුදු ගාණක් චැනල් වල බඩගාලා, රට රටවල් වල බඩගාලා, ගම් දනව් වල බඩ ගාගෙන, රෑ රෑ වාහාන කැඩුණාම පාරවල් වල ඉඳලා, ගම් පළාත් වල වැඩම කරනකොට කාණු වල වාහාන වැටිලා කොහොම හරි මිනිසුන්ට බණ කියලා ඒ මිනිසුන් ගේ ඔලුවට සංසාරය ගැන කතන්දරය කියලා දීලා ඔන්න භාවනා කරවන්න කියලා ආරම්භ කරවලා උදව් කරන්න කියලා WhatsApp Group එකකට ගන්නවා..


ඒ මිනිස්සු භාවනා කරනවා, පින්කම් කරනවා ඕක අස්සේ ඉන්න බිල්ලො කීප දෙනෙක් බලන් ඉන්නවා. මම උන්දැලට කියන්නෙ #බිල්ලො කියලා..


ඩැහැගන්න වගේ බලන් ඉන්නවා. ඉඳලා මොකක් හරි ගෘප් එකක් අටවගන්නවා.


👉 එක්කො පාරේ ඉන්න බල්ලොන්ට උයලා කන්න දෙන ගෘප් එකක්.

👉 නැත්තන් එහෙ මෙහෙ චූඩා මාණික්‍ය පූජා කරන ගෘප් එකක්.

👉 නැත්තන් පන්සල් හෝ කුටි හෝ හදන ගෘප් එකක්.

👉 නැත්තන් එක එක හාමුදුරුවොන් ගේ Short Clip දාලා, Pramotion එකක් වගේ එකක් කරගන්න අය..


හරි මේ ඔක්කොම හොඳ දේවල් නේ.