භික්ෂු එකමුතුව..
මම හිතන්නේ මේ පිටුව කරන්නේ හාමුදුරු නමක් වෙන්න ඕන..
අද කාලේ ඉතින් ඉන්න බහුතරයක් මේ වගේ නමට හාමුදුරුවරුන් ගේ හැටි කවුරුත් දන්නවානේ.
කොහොම නමුත් ඉතින් අඳන සිවුරු වෙනුවට උන්නාන්සේ චීත්ත හැට්ට අධිෂ්ඨාන කරගන්න තියෙන්නෙ..
ඒ පාර බරපතල ලිංගික අපයෝජන නඩුවක් 😂
මහාධිකරණයේ B අංකයේ නඩුවක් කථා කරනවාත් මේ දැක්කාමයි.
හැබැයි දැන් උන්නැහෙ ගේ Post එක නෑ. මාව උසාවි ගානේ දකින්න උන්නැහේලා ආස ඇති. ඒත් ඉතින් ඔහේලාට මාව හැමදාම දකින්න වෙන්නෙ ටීවි ගානෙයි, පාර් වදින බැනර් ගානෙයි තමයි.
උසාවි ගානේ ගියොත් ඒත් මිනිසුන්ට බණ කිව්වා කියන චෝදනාවෙන් තමයි. උන්නාන්සේලා වගේ පන්සලේ වැ සිකිලිය අස්සේ බීඩි ගැහුවා කියන චෝදනාවෙන් හෝ කාන්තාවන්ගේ අතින් ඇල්ලුවා වගේ උමතු චෝදනාවලින් නෙවෙයි.
උන්නැහේ මං උසාවි වඩිනකම් බලන් ඉන්නැතිව, මගේ Block එක ඇරලා, මං දැන් වැඩම කරලා ඉන්නෙ කොහිද කියලා බලලාවත් ඉන්නවා හොඳයි ☺️
අභූතවාදි නිරයං උපේති.. 🙏
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 12.12.2023
