Sujatha Puthra Meditation Center
Your Membership ID
පාරිභෝගික වස්ථුවක් වෙච්ච ජය ශ්‍රී මහා බෝධිය ලඟට ගිහින් අත ගාලා වඳින්න දෙන්නෑ කියලා සින්දුත් ලියලා බහිරවයො වගේ රැකගෙන ඉන්නවා කියලා කෑ මොර දෙන උන්දැලා ම,
ශාරීරික ධාතුන් වහන්සේලා මල් වලින්, සල්ලි වලින්, කහ දියර වලින්, සුවඳ සෙන්ට් වලින් නාවන්න පොරකන උන්දැලා ම,
අච්චර පරණ පන්සල් අන්‍යාගමිකයන් විසින් ඩැහැගද්දි අන්ධයො වෙලා හිටි උන්දැලා ම,
උද්දේසික පිළිම වහන්සේ නමක් ගැන මෙච්චර කතා කරන්නේ බුදු දහමට තියෙන ආදරේට නොවේ, බුදු දහම හෑල්ලුවට ලක් කරන්න අවස්ථාවක් හොයාගන්න කියන එක තේරෙන තරමට වත් පරිණත වෙන්න බලන්න..
ඔය කියන හැටියට මහා සෑ මලුවට වත් ගොඩ වෙන්න දෙන්නැතිව, ඒක රැකගන්න වෙනවා. ඔය අවුකන පිළිමය වගේ නෙවෙයි, එතන බුදුවරු පය තියපු භූමියක්.
දළදා වහන්සේ ව නම් ආයි එළියට වඩම්මන්න හොඳ ම නැති වෙයි..
නමුත්, ඕවා තියෙන්නෙ පුරාවිද්‍යාවට රකින්න දෙන්න නෙවෙයි, මිනිසුන්ට පුදන්න දෙන්න. රැකගැනීම අපි කාගෙත් යුතුකමක් මිස.
බුදු කෙනෙක් ධාතුන් වහන්සේලා ඉතිරි කරන්නෙත්, මතු පුරාවිද්‍යාවට රකින්න දෙන්න නෙවෙයි, මිනිසුන්ට පින්කමක් කරගන්න ඉඩ දෙන්න.
විනාශ නො කර, පරිස්සම් කර ගැනීම කාගෙත් යුතුකමක් වුනාට, ගරහන්න කට ඇරෙන හුඹස් මොල වල මැටි නම් බිඳින්න ම ඕන..
මොකද, ආයි බුදු පිළිම කඩද්දි අපි මුකුත් කරන්නෑ කියලා දිවුරුම් දීපු බෞද්ධ උත්තමයො ටිකට පිළිමෙකට සිවුරක් පොරවද්දි නම් රිදෙන්න විදියක් ඇත්තෙම නැති නිසා..
ජේතවනාරාමයට කුණු පිරෙව්වා නම් හරි කියද්දිත් ලොකු කෝමා එකක ඉඳලා, ජය සිරි මහා බෝධිය ගාව අඩියක් ගහන්න තිබ්බානම් හරි කියද්දිත් ඒ කෝමා එකේ ම ඉඳලා, දළඳා වහන්සේට ලබ්බ කියද්දිත් සිහිය ආවේ නැති උන්දැලාට අවුකන පිළිමෙට පොරවපු සිවුර දැක්කා ම සිහිය ආවේ ඇයි කියලා අමුතුවෙන් ලියන එක නම් තේරුමක් ඇත්තෙම නැති වැඩක්..
කොහොමත් මුන්දලා ධාතුසේන රජතුමා ගේ කාලයේ හිටියානම් මේකට සිවුරු පොරවන්න නෙවෙයි, අඩු ම භරණට පිළිමෙ නෙලන්නවත් දෙන්නෑ.
"අන්න භරණයා පරිසරයේ තියෙන වටිනා කළු ගලක් විනාශ කරලා වැඩක් නැති පිළිමයක් නෙලනවා" කියලා බෙරිහන් දෙන අමුතු ලොජික් ලෝකෙක උන් ඔක්කොම ජීවත් වෙන නිසා 😄
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 29.11.2023