top of page
මා මේ විකෘතින් සහ විකෘති කරුවන් ගැන කථා කිරීම පසෙකලා සිටිමි. මන්ද ගවයන් නිවන් දැක්වීම කිසි සේත් කළ නො හැක්කක් බව මා අත්දැකීමෙන් ම දන්නා නිසාවෙනි.
නමුත් මේවා දැක දැක මුණිවත රැකීම ද අපට කළ හැක්කක් නොවේ. ඉතා ම හාස්‍යජනක ධර්ම විකෘතියක් සිදු කරමින් තමන්ව තමන් විසින් ම ආර්යයන් වහන්සේ නමින් හඳුන්වා ගන්නා මොහු භික්ෂුවක් නොව, ගිහියෙක් බව දැන ගන්නා කැමති අය ද ැනගැනීම සුදුසු කරුණක් ය.
කිසිදු හරයක් නැති සාකච්ඡාවන් කිහිපයක් ඇසූවත්, පුදුම හිතුණේ ම ආර්‍යය කියා ගෙන මොහු වැනි උම්මත්තකයන් පසු පස හඹා යන ගිහි පැවිදි පිරිස් දැක ය.
සරලව ම කිව හැක්කේ මෙය ය.
ගවයන් දකින නිවනක් නම් නැත.
සුර්යයා ඇති කළ ඔවුන් කණා මැදිරි එළියන් පසු පස හඹා යන හැටි..
සුධිහූ අප්‍රමාදී වෙත් වා..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 20.11.2023
bottom of page
