Sujatha Puthra Meditation Center
Your Membership ID
ශ්‍රී ලංකාවේ ජීවත් වන මිනිසුන් ශ්‍රී ලාංකික ජාතියට අයත් බවත්, සිංහල ආදී වශයෙන් ජාතීන් නම් කිරීම වර්ගවාදී අදහසක් බවට කසුකුසුවකුත් මෙකල සමාජ මාධ්‍යය මහාචාර්යවරු විසින් හංවඩු ගැසීමට පොර බදන බවක් දක්නට ඇත.
ඊට පිළිතුරු මෙසේ දත යුතු ය.
ජාතිය යන වචනයට බටහිරෙන ් එන නිර්වචනය Nation යන පදය සමඟ බැඳී තිබෙයි.
නමුත් එය එක් රටක ජීවත් වන මිනිසුන් කොට්ඨාශයක් ගැන පමණක් අර්ථ ගැන්වේ යන අදහස, භාෂා සාහිත්‍යය නො දන්නා අය විසින් සිදු කරන වරදකි.
කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුව Nation යන වචනය A country, especially when thought of as a large group of people living in one area with their own government, language, traditions යනුවෙන් ද,
A large group of people of the same race who share the same language, traditions, and history, but who might not all live in one area යනුවෙන් ද විවරණය කර තිබේ.
එහි අර්ථය සලකා බැලූ කල ජාතිය යන වචනය එකම අර්ථයකින් ගත නො හැකි බවත්, එය යෙදෙන තැන අනුව න්‍යායාත්මකව ගත යුතු බවත් එයින් පැහැදිලි වේ.
එහි සරල අර්ථය ගත් කළ, එක් පරිපාලනයක් (ආණ්ඩුවක්) යටතේ විශාල ප්‍රදේශයක ජීවත් වන හෝ එසේ එක් ප්‍රදේශයක ජීවත් නො වුණත් එක් සම්ප්‍රදායක් හෝ ඉතිහාසයක් හෝ භාෂාවන් වැනි වෙනස්කම් යටතේ ජීවත් වන පිරිසක් ජාතිය ලෙස ගත යුතු බවට නිර්වචනය කොට ඇත.
උදාහරණයක් ලෙස,
All the nations of the world will be represented at the conference යන වාක්‍යයේ ජාතිය යන්න එක් පරිපාලනයක් යටතේ ජීවත් වන කොටසක් සඳහා ගෙන ඇත.
The Germans, as a nation, are often thought to be well organized යන වාක්‍යයේ ද එසේ ම වේ. මේ තැන්වල දී ශ්‍රීලාංකික ජාතිය වැනි ය.
නමුත් The Navajo Nation යන තැන දී එසේ එක් ප්‍රදේශයක ජීවත් නො වුණත්, එක් ඉතිහාසයක්, භාෂාවක් හා සම්ප්‍රදායක් තුළ ජීවත් වන පිරිසක් හඳුන්වා ඇත. එය සිංහල ජාතිය වැනි ය.
'එක ජාතියේ කුරුල්ලො දෙන්නෙක්' යන සිංහල ව්‍යවහාරයේ දී එකම ආවේණික ජාතියකට අයත් කුරුල්ලෝ දෙදෙනෙක් හඳුන්වාදුන්න ද, සිංහලයේ දී 'දෙන් නම එක ම ජාතියේ බඩු දෙකක්' ආදී වශයෙන් විවිධ සත්ත්වයන් සංකල්ප සහ හැසිරීම් වලින් සමාන වූ අවස්ථාවන් වල දී ද නම් කරනු ලැබෙයි.
'එක එක ජාතියේ මල්' යන ව්‍යවහාරයෙන් ද ආවේණික ලක්ෂණ වලින් මල් යන එකම ජාතිය වෙනස් කොට දක්වනු ලැබෙයි.
ඒ අනුව, ඇස්. මහින්ද හිමියන් පොදු අර්ථකථනය අනුව උත්පත්ති වශයෙන් ටිබෙට් ජාතික වූවත් 'ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්නේ' යනුවෙන් ඇසු තැන උන්වහන්සේ ලාංකික ව්‍යවහාරයට අනුව සිංහල ජාතියට අයත් කෙනෙක් වෙයි.
එනිසා බටහිර රටවල් වල දී Nation යන පදය බොහෝ සෙයින් භෞතිකව සැලකුව ද, ශ්‍රී ලංකාවේ දී එය සිතුම්, පැතුම්, හැසිරීම්, භාෂාවන් ආදිය සමඟ බැඳී ව්‍යවහාර කරන බව දත යුතු වේ.
ලෝකයේ සමස්ථය ආත්මවාදී සහ වාස්තවික යථාර්ථවාදී වන විට සිංහල බෞද්ධ සංස්කෘතිය අනාත්ම සහ සාපේක්ෂතාවාදී වීම මීට ප්‍රධාන හේතුවක් වෙයි.
නමුත් අද බොහෝ විට, ජාතිය යන වචනයේ උරුමය බටහිරට භාර දී අප ද ඒ අනුව සැකසෙන්නට උත්සහ කරනු බවක් දක්නට ඇත. එය වැරදි ය.
ඌනතිවාදයෙන් ගලා එන යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ජාතිකවාදී වෙයි. හිට්ලර් තමන් ගේ National Socialism යනුවෙන් නම්කර ගත්තේ එබැවිනි. ඔවුන් වෙනත් ජන වර්ග හැඳින්වීමට පවා වෙනත් ජන වර්ග යන වචනය වෙනුවට, සුළු ජාතීන් යන වචනය භාවිත කර ඇත.
නමුත් ලංකාවේ දී එය එසේ නොවෙයි. එය තමන් ගේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ අනන්‍ය වූවක් මිසක්, වෙනත් ජාතීන් තලාපෙලා දැමීමට වෙන් වූවක් නොවෙයි.
ඒ වෙනස අප ගෙ සිංහල සංස්කෘතියේ ද, සිතුම් පැතුම් වල ද උසස් භාවය සැලකීමට ප්‍රමාණවත් වේ.
මේ සංස්කෘතිය, ජාතිය තරම් ජාතියක් වෙනත් ලොව නැති බවත්, එය රැකගත යුත්තේ එබැවින් බවත් නිතර අතීතයේ සිටි උතුමන්'ගිය ගිය තැන ම ජාතික හෙණ හඬම තලව්' යනුවෙන් සිහිපත් කර ඇත්තේ එබැවිනි.
එය විදේශ රටක දී සාමුහිකත්වයෙන් ශ්‍රී ලාංකික යනුවෙන් කීමට හැකි වූව ද, ලංකාවේ දී මේ සිතුම් පැතුම් වලට මුල් තැන දෙමින් ස්වකීය සංස්කෘතිය රැක ගැනීමට කවුරුත් විසින් උත්සහ කළ යුතු ය.
එයට බෞද්ධ යන වචනය ඈඳෙන්නේ චක්‍රීය සම්බන්ධයක් ප්‍රධාන සංස්කෘතියට සහ ජාතියට බෞද්ධ දර්ශනයෙන් ලැබී ඇති බැවිනි.
එසේ ගත් කළ, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ ජාතිකත්වය යන වචනය කිසි සේත් නො හළ යුත්තක් සේ සලකා ක්‍රියා කළ යුතු ය.
ශ්‍රී ලංකාවේ ජාතික චින්තනය සිංහල බෞද්ධ ජාතිකත්වය මත ම පදනම් වේ.
එයට මඟ අවුරන අමන මතවාද දුටු තැන ම වනසා දැමීමට සිංහලයන් එක්සත් ව කටයුතු කළ යුතු ය.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 01.09.2023