ශ්‍රී ලංකාවේ ඉන්දියාවෙන් සංක්‍රමණය වූ සහ ලංකාවට ආවේණික දමිළ ජනතාවක් වාසය කරන බව දක්නට ලැබේ.
ඔවුන් ගේ ද ජීවත් වන රට ශ්‍රී ලංකාව බැවින් මේ රට දැන් බහුජාතිකයන්ට නිවහන වී ඇති බව සමාජය විසින් පිළිගත යුතු ය. ඔවුනොවුනට ආවේණික සංස්තෘතින් ගේ මුහුවීම ලංකාවට විචිත්‍රවත් වර්ණයක් ද, ජාත්‍යන්තරව සාමකාමී රටක් බවට ද පිළිගැනීම් ලැබෙමින් ඇත.
ඔවුන් ගේ ඇඳුම් විලාසිතාවන්, භාෂා සාහිත්‍යය න්, මෙන් ම අදහන ආගම් තුළ නිර්මාණය වී ඇති දේව පිළිමත්, ඒවා හා බැඳුණු ආගමික උත්සවත් ලංකාව තුල පාළුව මකමින් හැම දිනයකටම වටිනාකමක් ලෝකය දෙසින් එකතු කර තිබේ.
නමුත් දැන් දැන් ඔවුහු යම් පිරිසක් විසින් මෙහෙයවෙනු ලැබුව ඒ සොඳුරු වර්ණය විනාශ කරගනිමින් සිටිති.
අයිතිවාසිකම් කියන්නට සහ බලහත්කාරකම් කරන්නට යෑමෙන් සිදු වන්නේ, ඒ බලහත්කාරකමට ලක් වෙන ජාතිය ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට පාර කැපීමකි.
ඒ බව සියල්ලෝම තේරුම් ගෙන මේ සුන්දර රටේ ජීවත්වන කාලය තමන්ගේ මට්ටමින් සැනසිල්ලේ ජ ීවත්වීම අනිවාර්යයෙන් කළ යුත්තක් බවට පත් වී තිබේ.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 21.08.2023
