Sujatha Puthra Meditation Center
Your Membership ID
සිංහල ජාතිය බුද්ධාගමෙන් වෙන් කිරීමත් සමඟ සිංහලයන්ට ක්‍රිස්තියානි වීමට විලිබිය නැතිවිය..
බුද්ධාගම සිංහල ජාතියට අයත් ශ්‍රේෂ්ඨ ම ධනය හැටියට පුරාණ සිංහලයෝ සැලකූහ. ඒ නිසා සිංහලයෙක් නම්, ඔහු බෞද්ධයෙකු ම විය යුතු යැයි ඔවුන්ගේ පිළිගැනීම විය.
එහෙයින් සිංහල ජාතියට අයත් ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතියක් පහළ විය. සිංහල ජාතියේ සමගියත් දියුණුවත් ඇතිවිය. එහෙත් සිංහල ජාතිය බුද්ධාගමෙන් වෙන්කොට සිතන්නට ඉගැන්වීමෙන් පසු සිංහලයන්ට ක්‍රිස්තියානි වීමට ලැජ්ජා බය අඩුවිය.
කොයිහැටි වෙතත් ක්‍රිස්තියානිය වැලඳ ගැන්ම සිංහලයකුට කැළලක් විය. ඔහු ගැන සිංහල සමාජයේ පිළිකුලක් ඇතිවිය.(ක්‍රිස්තියානිය වැළඳගත් ඉන්දියන්කාරයා නියම ඉන්දියන්කාරයෙක් හැටියට අදත් ඉන්දියාවේ පිළිගැනීමක් නැත.)
මේ කැළල මකා ගැනීම සඳහා ,පිළිකුල නැතිකර ගැනීම සඳහා ,අමුතු බණක් ,එනම් ආගම පුද්ගලික දෙයක් බවත්, ක්‍රිස්තියානි වුවත් සිංහලකමට කැළලක් නොවන බවත් ,සිංහල ක්‍රිස්තියානිකාරයකුටත් ජාතියේ දියුණුවට වැඩ කළ හැකි බවත් ,දේශපාලනයත් ආගමත් දෙකක් බවත්, ඒ දෙක එක් කිරීම වැරදි බවත් මේ රටේ මිෂනාරීවරුත් ,ක්‍රිස්තියානිය වැලඳගත් සිංහලයෝත් දෙසන්නට පටන් ගත්හ.
පාදිලිවරුන් ආශ්‍රයෙන් ඉගෙන ගත් සිංහල බෞද්ධයෝද මේ දේශනාව පිළිගත්හ.අදත් පිළිගනිති.."
-වල්පොළ රාහුල හිමි-
ග්‍රන්ථය - භික්ෂුව ගේ උරුමය | 98 පිටුව
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 18.08.2023