Sujatha Puthra Meditation Center
Your Membership ID
රටක දේශපාලන අස්ථාවරත්වය දැකීමට දේශපාලන පක්ෂවලින් ප්‍රතිලාභයක් ලබන්නෙක් හැර එම රට වාසී කිසිදු කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැත.
මා පසුගිය දිනක එංගලන්තයේ Oxford විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් මාස කීපයක අධ්‍යයන කටයුතු කිහිපයක් සිදු කරමින් සිටි අතර එහි විවිධ ආගම් වල, විවිධ රටවල ශිෂ්‍යයන් අතර මා ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔවුන් අතර පැවති දේශපාලන අර්බුදය පිළිබඳ ව ප්‍රශ්න කෙරුණි.
එහි දී මා ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔවුන් ගේ ප්‍රශ්න වලට මැදි වූ අතර ඔවුන්ට රට පිළිබඳ ව දේශපාලනඥයන් ගේ දූෂණය නිසා මෙවැන් විපතක් අත් වී තිබුණු බවට උසස් දැනුමක් විය.
එහි දී අප රටේ පවතින දේශපාලන ව්‍යුහය සහ යාන්ත්‍රණය පිළිබඳ ඔවුන්ට තිබුණු කියවීම දැක මම පුදුමයට පත් වීමි..
එහි දී මා වටහා ගත් දෙය නම් මේ දේශපාලනඥයින් සැමදා මේ යාන්ත්රණයට අවධානය දෙන අතර, මිනිසුන් සෘජු ව හෝ වක්‍ර ව ඔවුන් ගේ උපායන්ට වලට ගොදුරු වන බව ය.
දැන් අපි පක්ෂ පාට වලට බැන වදිමින් නාස්ති කරන කාලය ගැන නැවත සිතිය යුතු ව තිබේ.
නමුත් මතවාදයක් හෝ විවේචනයක් තවමත් පක්ෂ වලට හෝ ඔවුන් ගේ ප්‍රතිපත්ති වලට තාමත් එල්ල කළ නො හැකි යුගයක අපි ජීවත් වන්නෙමු.
සැබෑ ය. මම ජාතික ජන බලවේගය නැමැති පක්ෂය දිගින් දිගට ම විවේචනය කරමින් සිටිමි. නමුත් දැන් එය නැවත්වීමට කාලය උදා වී තිබේ. ප්‍රතිපත්ති විවේචනය සිදු විය යුතු තැන කාගෙත් සිදු වනු ඇත.
පක්ෂ විවේචනය දරා ගැනීමට හැකි මනසක් සහිත පුද්ගලයන් තවමත් අප රටේ දක්නට නැත. එය අවාසනාවක් නමුත් සත්‍යයකි.
ඔවුන්ට පිළිතුරු දීමට කාලය ගත කිරීමත් අප ගේ නාස්තියකි. එනිසා අපි දැන් මෙය නැවත්විය යුතු ව ඇත.
එයින් මා අනිත් පක්ෂ විවේචනය කරන්නේ නැතැයි යන්න නො හැඟිය යුතු ය. ඔවුන් ගැන විවේචනයක් කිරීමට වත් තරම් දෙයක් නොමැතිව සමාජයෙන් සාධනීය කරුණු සහිත ව ඔවුන් ප්‍රතික්ෂේප වී තිබේ.
අප රටේ පවතින මේ දේශපාලන අර්බුදයට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් අතීතයේ පටන් ම දක්නට ලැබේ. ඒ
01. ආර්ථික ප්රශ්නය
02. ජාතික ප්රශ්නය යන ප්‍රශ්න දෙක ය.
ආර්ථික අර්බුදය එන සෑම විටක ම වමේ පක්ෂ ඊට පෙරමුණ ගන්නා අතර ජාතික ප්‍රශ්න එන සෑම විටක ම සෙසු පක්ෂ වලට ප්‍රධාන තැනක් නිතර අප රටෙහි හිමි වී ඇති බවට ඉතිහාසය කොතෙකුත් සාක්ෂි සපයයි.
දැන් අපට ආර්ථික ගැටලුවක් පේන මානයට පැමිණ ඇත. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ල ම අඩපණ වී ඇති අතර ඇසිය හැකි තරමේ කථාවක් හෝ දක්නට ලැබෙන්නේ වමේ පක්ෂයක සාමාජිකයෙකුගෙන් පමණි.
නමුත් ඔවුන් ගේ අතින් ද ජාතික ප්‍රශ්නයට නැවත පෝර දැමෙන බව මම මගේ පැත්තෙන් දකිමි. ඔවුන් ගේ කථාවට පමණක් සිත යොමු නො කරන්නේ, මීට වඩා කථාවන් අපි අසා ඇති බැවිනි.
ජාතියක් ලෙස අපි නොයෙක් වර ආර්ථික ද, ජාතික ද වශයෙන් දේශපාලනඥයන් ගේ උගුල් වලට හසු වී ඇත.
එනිසා දැන් අපි විකල්පය ලෙස තවත් එක පැත්තක් දෙස බැලීමට පමා නොවී මේ සම්පූර්ණ ප්රශ්නය අධ්‍යයනය කිරීමට කාලය ගත යුතු ව ඇති බව මගේ හැඟීම යි.
මා සමාජය තල්ලු කිරීමට උත්සහ කරන්නේ තවත් එක පක්ෂයක වහලුන් බවට පත් කිරීමට නො වේ. මේ සියල්ල දෙස බලා තීරණයක් ගැනීමට සුදුසු අවස්ථාවක් රටට උදා කර දීමට ය.
ඇතැමුන් අපට දේශපාලන පක්ෂයක ලේබලයක් ලේසියෙන් ගැසීමට උත්සහ කළ ද අපට අවශ්‍ය ඔබ අප ජීවත් වන රටට යහපතක් වනු දැකීම මිස, පක්ෂයක සුභ සිද්ධිය බැලීමට නොවේ.
ඉතිහාසයේ ද අපි එවැනි පක්ෂයක් වෙනුවෙන් පෙනී සිට නැත. මතුවට ද පෙනී සිටීමක් ස්ථීරව ම නැත.
නමුත් දේශපාලන ව්‍යාපාරයක් ගෙනෙන ප්‍රතිපත්ති මාලාව අපි විවේචනය කළ යුතු ය. සමාජය ම එම ප්රශ්නය සෘජුව විමසිය යුතු ය.
එනිසා දැන් අපි මේ නිස්සාර කථාව නවත්වමු. අප රටේ අනාගතය භාර ගැනීමට සූදානම් වන ඕනෑ ම කෙනෙකු ගේ ප්‍රතිපත්තිය විවේචනය කරමු. පිරික්සා බලමු.
මේ ඔබ වෙත කෙරෙන ලෙන්ගතු ආරාධනාවකි. නියම තැනකට පත් වන දේශපාලනඥයින් රට භාර නො ගත්තොත්, මතුවට අපට ඉතා ම අභාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දීමට සිදු වනු ඇත.
එය ජාතික වශයෙන් ද ආර්ථික වශයෙන් ද අප සිතිය යුතු ව ඇත. අනවශ්‍ය ස්ථානයක් සේ මේ දෙකින් එකක් වත් නො සලකා හිඳීමට අපට නො හැකි ය. බුද්ධි කලඹන දේශපාලන කතිකාවක් අපට දැන් වුවමනා කර ඇත.
ඉතිහාසයෙන් පාඩම් උගත් සියලු මිනිසුන් දේශපාලන ධාරාවන් ප්‍රශ්න කළ යුතු ව තිබේ. උගත් බුද්ධිමත් සියළු දේශප්‍රේමීන් ගේ අවධානය ඊට පිළිතුරු සැපයීමට යොමු විය යුතු ව තිබේ.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date:14.08.2023