බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ ලක්දිවට පැමිණියේ බු.ව 953 දී පමණ ය. දඹදිව මහාබෝධි විහාරයේ රේවත තෙරුන් සමීපයේ පැවිදි බව ලැබූ ඒ තෙරුන් ඒ වන විට 'ඤාණෝදය' නමින් ධර්ම ප්‍රකරණයක් ද, ධම්මසංගණියට ,අත්ථසාලනී, නම් අටුවාව ද කරන ලදී.
දඹදිව ලියූ මේ පොත් මේ වන විට අභාවයට ගොස් තිබුණ ද, මේ ධම්මසංගණි ආදිය කියවෙන බැවින් දස වන සියවසේ ද ඉන්දියාවේ ථේරවාදී පාලි ත්‍රිපිටකය යෙහෙන් පැවති බව නිගමනය කළ යුතු ය.
11 වන ශත වර්ශයේ පටන් ශාසනය පිළිබඳව ඉතිහාසය අඳුරට යන්නේ ය. එකල වන විට මහායානය විවිධ දෘෂ්ඨි මතයන්ට බඳුන්ව දඹදිව මෙන් ම බොහෝ රටවල පැතිර ගත්තේ ය.
මෙසේවත් ම දඹදිවින් පාලි ත්‍රිපිටකය මුළුමනින් ම අතුරුදහක් වන්නට විය.
එසේ වීමට බල පෑ ප්‍රධාන සාධයක් ලෙස, ස්ථවිරවාද ත්‍රිපිටකය දත්, එය පිළිගත් බෞද්ධ රජවරුන් ගේ බලය පිරිහීම පෙන්විය හැකි ය.
තව ද සංස්කෘතය එකල රටේ බහුල ව්‍යව හාරයට පැමිණීම නිසා එබසින් ලියා තිබූ මහායානය ප්‍රචාරයට පත්වීම ද පෙන්විය හැකි ය.
නාලන්දා, තක්සලා, ජගද්දලා වැනි ලක්ෂ ගණනක් ශිෂ්‍යයන්ගෙන් පිරි මහායාන අධ්‍යාපනය රට පුරා ම පතුරුවා හැරීමත් මෙහි දී සැලකිය යුතු කරුණකි.
භාෂාව නො තැකීම, බෞද්ධ රාජ්‍යය පිරිහීම, මිසදුටු අධ්‍යාපන ක්‍රමයට ලැබෙන අනිසි වටිනාකම වැනි දේවල් නිසා බුදුදහමේ ජන්ම භූමියෙන් ද බුදුදහම වර්ෂ 1000ක් යන්නට පළමුව අතුරුදන් වී ගියේ ය..
යකඩ මල්ලටත් ගුල්ලො ගැසුවේ නම් හාල් මලු නො බලාම විසි කළ යුතු ව ඇති බව වෙලාවේ සැටියට උගත මනා ය..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 12.08.2023
