බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ ලක්දිවට පැමිණියේ බු.ව 953 දී පමණ ය. දඹදිව මහාබෝධි විහාරයේ රේවත තෙරුන් සමීපයේ පැවිදි බව ලැබූ ඒ තෙරුන් ඒ වන විට 'ඤාණෝදය' නමින් ධර්ම ප්‍රකරණයක් ද, ධම්මසංගණියට ,අත්ථසාලනී, නම් අටුවාව ද කරන ලදී.
දඹදිව ලියූ මේ පොත් මේ වන විට අභාවයට ගොස් තිබුණ ද, මේ ධම්මසංගණි ආදිය කියවෙන බැවින් දස වන සියවසේ ද ඉන්දියාවේ ථේරවාදී පාලි ත ්‍රිපිටකය යෙහෙන් පැවති බව නිගමනය කළ යුතු ය.
11 වන ශත වර්ශයේ පටන් ශාසනය පිළිබඳව ඉතිහාසය අඳුරට යන්නේ ය. එකල වන විට මහායානය විවිධ දෘෂ්ඨි මතයන්ට බඳුන්ව දඹදිව මෙන් ම බොහෝ රටවල පැතිර ගත්තේ ය.
මෙසේවත් ම දඹදිවින් පාලි ත්‍රිපිටකය මුළුමනින් ම අතුරුදහක් වන්නට විය.
එසේ වීමට බල පෑ ප්‍රධාන සාධයක් ලෙස, ස්ථවිරවාද ත්‍රිපිටකය දත්, එය පිළිගත් බෞද්ධ රජවරුන් ගේ බලය පිරිහීම පෙන්විය හැකි ය.
තව ද සංස්කෘතය එකල රටේ බහුල ව්‍යව හාරයට පැමිණීම නිසා එබසින් ලියා තිබූ මහායානය ප්‍රචාරයට පත්වීම ද පෙන්විය හැකි ය.
නාලන්දා, තක්සලා, ජගද්දලා වැනි ලක්ෂ ගණනක් ශිෂ්‍යයන්ගෙන් පිරි මහායාන අධ්‍යාපනය රට පුරා ම පතුරුවා හැරීමත් මෙහි දී සැලකිය යුතු කරුණකි.
භාෂාව නො තැකීම, බෞද්ධ රාජ්‍යය පිරිහීම, මිසදුටු අධ්‍යාපන ක්‍රමයට ලැබෙන අනිසි වටිනාකම වැනි දේවල් නිසා බුදුදහමේ ජන්ම භූමියෙන් ද බුදුදහම වර්ෂ 1000ක් යන්නට පළමුව අතුරුදන් වී ගියේ ය..
යකඩ මල්ලටත් ගුල්ලො ගැසුවේ නම් හාල් මලු නො බලාම විසි කළ යුතු ව ඇති බව වෙලාවේ සැටියට උගත මනා ය..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 12.08.2023
