පන්සලට අලි ඕන නෑ.. මමත් ඒක පිළිගන්නවා.. මුතුරාජට කරපු ටිකත් ඉතාම ඛේදනීයයි.. ඒකත් මම පිළිගන්නවා.
හැබැයි ඒ ඔක්කොම සමාජය එළියට අදින්නේ මුතුරාජා පන්සලේ හිටිය නිසා.
කැලේ ඉන්න අලින්ට හක්ක පටස් තියන්නෙත් ඒ සමාජය..
උන් ගේ දල කපාගන්නෙත් ඒ සමාජය.. ඒවාට සද් ද නැති සමාජය පිරිමහන්නේ අලි අනුකම්පාව නෙවෙයි, පන්සල් වෛරය.
ඔය පහල ඉන්න ඇතාගේ ඇඟේ ගෙඩි ගෙඩි තියෙන්නේ ඌට සරම්ප හැදිලා නෙවෙයි.. පන්සලේ හිටිය අලියට අනුකම්පාව දක්වන සමාජය තියපු වෙඩි ගුලි.
ඔය හැමතැනම ඌට දරාගන්න බැරි වේදනාවක් සහිත මැරෙනකම්ම නැති වෙන්නැති ඊයම් ගුලියක් ඉතිරි වෙනවා.. ඒ පන්සලෙන් වෙඩි තියලා නෙවෙයි, සමාජය තියපු වෙඩි මිසක්.
ඊයේ පෙරේදා මං ඉන්න සෙනසුනේ ම ඇත් පැටියෙක් මැරිලා වැටුණා. හරියට හැදුණා නම් ලංකාවේ දිගම ඇත් දලය හිමිවෙන ඇත් රජෙක් වෙන්න තිබ්බා.. නමුත් මිනිස්සු වෙඩි තියලා තිබ්බා.. ඇදි ඇදී ආවේ සෙනසුනට.. අපි කන්න බොන්න දුන්නට බේරගන්න බැරිවුණා.
මිනිස්සු හරි කෲරයි.. ඌට වෙඩි තියලා තිබ්බා.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 04.07.2023
