Sujatha Puthra Meditation Center
Your Membership ID
තාක්ෂණය හරි ම හයියෙන් දුවන ලෝකයක අපිට ජීවත් වෙන්න වෙලා.. බුදුදහම වුණත් අද වෙන කොට ප්‍රචාරය කරන්නතියෙන්නේ අලුත් මෙවලම් රැසක් එක්ක..
ඉතින් තවත් අලුත් ම දෙයකට හිත යොමු කරලා තිබ්බත් වෙලාව මදිකම නිසා ටිකක් පස්සට වෙලා හිටියේ..
මේ තියෙන්නේ මගේ අතින් ම නිර්මාණය කරපු 3D Models ටිකක්.. (Blender)
ඇත්තටම මේ Software එකත් එක්ක කලින් වැඩ කරලා තිබ්බෙම නැතත් වුවමණාව සිදු කරගන්න මේක ඉගෙන ගෙන බලන්නඑපැයි කියලා හිතලා දවස් දෙකකට කලින් මේ Software එක දාගත්තේ..
දවස් දෙකක් යනකොට මේ නිර්මාණ දෙක ම Blender වලින් සම්පූර්ණයෙන් ම හදලා ඉවර කළා.. (Software එක ඉගෙනගන්නගමන් ම..)
ඇත්තටම මේක හරි ම වෙලාවක් වැය වෙන වැඩක්.. ඒ වගේ ම ඉවසීමෙන් කරන්න ඕන දෙයක්.. අලුත් නිසා අතට හුරු පුරුදුවිෂයකුත් නෙවෙයි. ඒත් මම මේ Software එක අත පත ගාලා ඉවර වෙනකොට මම සෑහෙන්න දේවල් භෞතිකවත්, ආධ්‍යාත්මිකවත් ඉගෙන ගත්තා..
01. අපිට අවශ්‍ය දේවල් ඉගෙන ගන්න නෙවෙයි, අපේ වැඩේ කරගන්න.. ඉලක්කයක් නැති ව ඉගෙන ගන්න විතරක් හදනබහුතරයක් මිනිස්සු එක තැන පල් වෙන්නේ ඒ නිසා..
උදාහරණයක් විදියට මේක මට වුවමනා වුනේ Software එකක් ඉගෙන ගන්න නෙවෙයි, මගේ වැඩේ කරගන්න.. ඒ නිසා මමමගේ වැඩේ කරගන්න මේක ඉගෙන ගත්තා..
හරියට මම භාවනා කළේ නිවන් දකින්න නෙවෙයි, නිවන් දකින්න ඕන නිසා භාවනා කළා මිසක්.. (දෙපාරක් කියවලාතේරුම්ගන්න..)
බහුතරයක් MBBS හෙන ආසාවෙන් කළා නෙවෙයි, ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනවට ඉගෙන ගත්තා මිසක්..
02. ඕනම දෙයක් එක දිගට අල්ලගෙන හිටියාම ඒකේ හුරු වෙනවා. එනිසා ආත්ම තෘප්තිය ලැබෙන නරක නො වෙන දේවල්කොයිතරම් කාලයක් හරි අරගෙන කරන්න බය වෙන්න අවශ්‍ය නෑ කියන එක..
03. අපට අවශ්‍ය ඉලක්කය හරියට හදාගත්තාම, ඒකට බැරියර් නෑ. කෙක්කෙන් හෝ කොක්කෙන් අපි අපේ වැඩේ කරගන්නවාමිසක් කියන එක..
අවසාන උපදේශය..
මේ හැමදේම සලකලා මේක තේරුම් ගන්න..
භාවනා කරලා නිවන් දකින්න යන්න එපා.. නිවන් දකින්න ඕන නම් භාවනා කරන්න..
හීන මවන්න එපා. ඉලක්ක හදාගන්න.. ඒවා සාධනය කරගන්න මොකක් හරි (වැරදි නො වන) විදියක් ලෝකෙන් හොයාගන්න..
තමන් ගේ ඉලක්ක සාධනය කරගන්න.. 😊 එහෙම සාධනය කරන අයට ලැබෙන්නේ දිනුම.. ඒක කාටත් පෙන්න ගන්න දිනුමක්නෙවෙයි, තමන් ගේ පැත්තට ම අවංකව දැනෙන දිනුමක්.. 😊
භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් මතක් වෙනවා..
"යන්න ගිහින් භාවනා කරන්න. මම හැමදේම කරලා තියෙන්නේ.. පස්සේ පසුතැවෙන්න එපා"
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 12.06.2023