Sujatha Puthra Meditation Center
Your Membership ID
මේ නතාශා ගේ කථන්දරය වගේ දේවල් වලට අපි කථා කරද්දි අපි සත පහකට ගණන් ගන්නැතිව අයින් කරලා දාපු හොර උපාසකයො, උපාසිකාවො ටිකක් තමන් ගේ Profile වල මේ වගේ එකක් නිතර ම දානවා..
''මහණෙනි, පිටස්තර උදවිය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත්, නුගුණ කතා කරතොත් ඔබ ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත් අමනාප කර නොගත යුතුය. අන් උදවිය මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට, නුගුණ කියනවිට ඔබ කෝප වෙතොත්, අසතුටු වෙතොත් එයින් අනතුරක්, අලාභයක් හානියක් වන්නේ ඔබටමය.''
(බ්‍රහ්මජාල සූත්‍රය,දීඝ නිකාය 01)
ඇත්තටම මෙවුන්දැලාට ඕන බ්දු දහම රැකගන්න නෙවෙයි, අපේ කරවල් වල එල්ලෙන්න ආවට පස්සේ, අපි ගණන් නො ගෙන අයින් කරලා දාපු එකේ දුක පිට කරගන්න 😅 නතාශලා ගේ පරම්පරාවේ ම උන්දැලා නොවැ.. ඔක්කොම මානසික ලෙඩ්ඩු.. උදේට පෙති බොනවා.. හවසට අපිට බණ කියනවා
ඒ නිසා ඒ අන්ධබාල පෘතග්ජනයන්ට දැනගන්න ඒ සූත්‍රයේ ඊළඟ ඡේදයත් මම නිතරම දානවා 😅
මේ පහළ තියෙන්නේ ඒකේ ඊළඟ කොටස..
“ස්වාමීනි, එසේ නැත්මය. (ඒ දැනීම නැත.)” මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් අභුත ය. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි (අවිද්‍යමානය) දකින්නට නැතැ යි බොරුව බොරුව මෙන් එලිදරව් කළ යුතුය.
ඕක තමයි බුද්ධ භාෂිතය..
භාග්‍යවතුන් වහන්සේ ම කියලා තියෙනවා බොරුව බොරුව මෙන් හෙළිදරව් කරන්න කියලා.. තමන් ගේ පැත්තෙන් චෛතසික සංකූලතා ඇතිකරගන්නැතිව..
දැන් ඉන්න ගිහියො එක්කො තමන් ගේ කසාද ජීවිතය හරියට ගෙවාගන්න බැරිව දික්කසාද වෙලා, ගෙදරට වෙලා දැන් කරන්න දේකුත් නැති එකේ විවේක වෙලාවට අපිට මහණකම කරන හැටි කියලා දෙන්නත් එනවා 😅
දරු මල්ලො නැති එකයි, දරුවො සලකන්නෙ නැති එකයි, නෝනා හොඳ නැති එකයි, කසාදයක් නැති එකයි ඔක්කොම හිතේ තියන් ඇවිත් Facebook එකේ දාර්ශනික දේවල් ලියන්න එපා.. දර්ශනය කියන්නේ දර්ශනය.. ඔබේ පුද්ගලික ඇරියස් නෙවෙයි.. ඒකට කථා කරන්නවත් සුදුසුකමත් තියෙන්න එපෑ ය..
පංචකාමයන් වත් අතහැරගන්න බැරිව රහත් ඵලය ගැන උදම් අනනවා..
ඒ නිසා මේ බණ එකෙත් ඒක ගැන විස්තර ගොඩක් තියෙන නිසා බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ නිකම්ම ගවයො වගේ කඳ මහත් කරගන්නෙ නැතිව, මේවා අහලා ඔලුව හදාගන්න උත්සහ කරලා බලන්න..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 27.05.2023