Sujatha Puthra Meditation Center
Your Membership ID
සතිපට්ඨාන දේශනාව ඉවර වුණ වෙලාවේ ඉඳන් "අනේ ඒ බණ එක ඉක්මණට දාන්නකො, අපිට අහන්න" කියලා ආපු මැසේජ් වල කෙළවරක් නෑ..
මම හිතුවා මේ පින්වතුන් මේවා පිටිපස්සේ ඇති මහන්සිය නොදැන, ගන්න වෙන වෙලාව නොදැන මේ කථා කරන එක, කථා හදන එක ලොකු අපරාධයක් කියලා..
එදා උදේ 08.00ට පටන් ගත්ත සතිපට්ඨාන දේශනාව හවස 06.00ට ඉවර කරලා එහෙමම වාහානෙට නැග්ගේ 07.00ටඅනුරාධපුර තිබ්බ බණ එක කියන්න වැඩම කරන්න.. ඒක කරලා එහෙම ම නැවත වාහනෙන් ඇවිත් බැස්සේ ධර්ම ශාලාවේ හිටිය පින්වතුන්ගේ කර්මස්ථාන ටික විසඳන්න..
කුටියට ගිහින් ටිකක් සැතපිලා පහුවදා ඇස් ඇරිච්ච ගමන් ම කළේ එදා හවස බොරැල්ලේ තිබ්බ බණ එක කියන්න කොළඹට වඩින එක..
ඊළඟ දවසේ නැවත ගාල්ලේ බණකට වැඩම කරන්න තියෙන නිසා රෑ කියලා බලන්නැතිව, මහන්සිය පැත්තකින් තියලා බණ එක edit කරන්න ගද්දි රෑ 10.00යි.. පහුවදා හවස පහ වෙනකම් නොනවත්වා Edit කරලා කායානුපස්සනා කොටස හදලා ඉවර කරගත්තා.. පහට පිටත් වෙලා 07.00ට ගාල්ලෙ තිබ්බ බණ එකට වැඩම කළා..
තව කොටස් තුනක් එහෙමම තියෙනවා.. මිනිස්සුන්ට බණක් අහන්න යන්නෙ බොහොම පොඩි වෙලාවක්.. නමුත් ඒක කියන්න, හදලා Youtube එකට දාන්න යන වෙලාව පුංචි නෑ.. ඒ මහන්සිය පොඩි නෑ..
සාමාන්‍යයෙන් බණ එකක් හදද්දි
01. Files Copy කිරීම (Video & Audio)
02. Edit එක. (Video & Audio)
03. Export එක.
04. Thumbnail එක.
05. Upload එක කියලා කොටස් පහක් විතර පේන්න තියෙනවා..
කැමරා හතරක් විතර දාලා රෙකෝඩ් කරන මෙමරි චිප් හතරක Files එකට Sync කරලා, එකක හරි Audio නැතිවුනොත් කියලාතුන හතරක රෙකෝඩ් කරන Audio ටික අරන් කොලිටිම එක බලලා ඒකත් අර වීඩියෝ වලට Sync කරලා ඔබට පැයක වුණත බණක් අහන්න දෙන්න වෙන මහන්සිය පුංචි එකක් නෙවෙයි..
ඒ නිසා කල්පනා කළා, කායානුපස්සනා කොටස Youtube එකට දාන්න කලින් ඒක හදන විදිය, ඒකට වෙන්න ඕන මහන්සිය ඔබ දකින්න ඕන කියලා..
කොටස් කොටස් මේක සංස්කරණය කරන විදිය පටිගත කරපු වීඩියෝ ටිකක් ඒ නිසා දානවා..
සාමාන්‍ය වේගය වගේ සීයට 800 ගුණයකින් වැඩි කරලා මේ වීඩීයෝ එක දාලා තියෙන්නේ.. Thumbnail එකක් හැදෙන්න කොච්චර දෙයක් කරන්න ඕනද කියලා හොඳින් බලලා එන්න...
මේක දාන මම දැන් වැඩ ඉන්නේ ගාල්ලෙ.. අදත් හවස ගාල්ලේ බණ එකක් තියෙන නිසා ඒක ඉවර කරලා ගිහින් ඉතිරි සතිපට්ඨාන කොටසුත් දාන්නම්.. රෑ වුණා කියලා විවේකයක් නොගෙනම..
මේ ටික බලලා ඉවරවුණාම දේශනාව දාන්නම් 😊
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 08.05.2023