top of page

මිනිස්සු දියුණු වෙන්නෙ නැකතට වැඩ කිරීමෙන් නෙවෙයි කළ යුතු වැඩ කිරීමෙන්..

TV එකෙයි RADIO එකෙයි ඉන්න අත්තනායක මාමල, හේරත් මාමල, දළුපොත මාමල කියපුවා අහලා ඉවර නම් ආපහු සුපුරුදුවිදියට වැඩ කරන්න පටන් ගන්න..


මොකද ගිය අවුරුද්දෙත් ඔය නාඩගම් ඔක්කොම නටලා ඉවර වෙලා තමයි අපේ මහ බැංකු අධිපතිතුමා රට බංකොලොත් කියලාබෙරිහන් දිලා ලෝකෙටම කෑ ගහලා කිව්වේ..


නැකතට නොනගතය හොය හොය වැඩ කරන්නැතිව ඉන්න දගලනවට වඩා රටක් දියුණු වෙන්නේ වැඩ කරන මිනිස්සුඉන්නකොට..


කිසිම නැකතක කිසිම චාරිත්‍රයක් කරන්න අපි ප්‍රමාද

වෙන්නෙ නෑ.. හැමදාම කළ යුත්ත කළ යුතු වෙලාවට කරනවා මිසක්.. ඒක ඊයෙත් අදත් හෙටත් එහෙමයි..


මිනිස්සු දියුණු වෙන්නෙ නැකතට වැඩ කිරීමෙන් නෙවෙයි කළ යුතු වැඩ කිරීමෙන්.. ඒකට හිත හදාගත්තොත් බොරුවටඅවුරුද්දකට සැරයක් අමුතුවෙන් දඟලන්න ඕන නැහැ..


හැමදාම සතුටින් ඉන්න සමාජයක් දකින්න පුලුවන් වේවි..


අවුරුද්ද පුරාම තමන්ගේ ඉලක්කය සාධනය කරගන්නැතිව, ඉලක්කයට විර්යය කරන්නැතිව අසාර්ථක වෙලා, එක දවසක වැරද්දනිවැරදි කරගන්න ඕන කියලා අධිෂ්ඨාන කරගන්නවට වඩා, අධිෂ්ඨාන පැත්තකින් තියලා දැන් කළ යුතු කිස කරන්නට පටන් ගන්න..


සාර්ථක මිනිස්සු සමරන අවුරුද්දක් නෑ.. ඔවුන්ට අමුතුවෙන් සුභ වෙන්න දෙයක් නැති නිසා.. ඔවුන් අදත් තමන්ගේ සුපුරුදු වැඩටික කරගන්න ඇති, අනික් හැමෝම නොනගතයට වැඩ කරන එක අතහැරලා දාලා තියෙද්දි..


කෝඳුරු කැවුම එල්ලන එකේ ඉදල, පරණ අවුරුදට නාලා, නොනගතේ ට  ඔක්කොම වැඩ අතැරලා, වෙලාවට ලිප ගිනි මොලවලා, ගෘහණිය මුලික කරගෙන, ලිඳ එක්කත් ගනුදෙනු කරලා, එකම වෙලාවට  ලංකාවේම  ලිප ගිනි මොළවල, අපි වෙලාවට වැඩ කරනජාතියක් කියල ලෝකෙට හඬනගා කියලා විතරක් වැඩක් නෑ..


ඔය මොකක් නොකළත් අපි හැමෝම අපේ කාර්‍යය හරියටම ඉලක්කයට සාධනය කරගත්තානම් හැමදාම නිකම්ම සුභ වෙයි..


ඊයේ අවදි වෙච්ච වෙලාවටම අවදි වෙලා, ඊයේ වළඳපු වෙලාවටම වළඳලා, ඊයේ ඉතිරි වෙච්ච වැඩ ටික අද ඉවර කරලා, හෙටකරන්න තියෙන වැඩ ටිකත් පිළිවෙලක් කරලා, අදත් පුරුදු වෙලාවටම සැත⁣පෙන්නට යන නිසා,


ඔබ සැමට වැඩ බහුල සුභ අලුත් අවුරුදදක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් විකාර වලට තැන දෙන ගෝත්‍රික භාවයෙන් මිදිච්චදියණු ජාතියක් වේවා යි ද මෙත් සිතින්ම ප්‍රාර්ථනා කරනවා..


දැන්වත්..


ඉර පායපු ගමන් වැඩ පටන් ගන්න..

කළ යුතු දේ කරන්න..

නැතිවෙන නිළ තල, නම්බු නාම ගැන දශමයකට මායිම් නො කරන්න..

ඔබ කරන දේ තථාගත භාග්‍යවතුන් වහන්සේගේ වචනයට එකඟ නම් එයට අඥාණයන් කොපමණ විරුද්ධ වූවත් කරන්න..

එය ඔබට යහපතක් මිසක් කිසිම දිනක අයහපතක් නො කරන බවට දැනගන්න..

ඔබ ඔබ වන්න..

කවුරුත් අඹපු පඹයෙක් නො වන්න..

කාටත් ඕන විදියට නැලවෙන, නැටවෙන රූකඩයක් නොවන්න..

සෘජු වන්න..

ගුණගරුක වන්න..


එයින් ඔබට වසර පමණත් නෙවෙයි, සසරත් සුභ වේවි..


සියලු යහපත් පැතුම් ඉටුවේවා..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 14.04.2023

bottom of page