top of page

Crack Software භාවිත කිරීම වර්ථමානයේ බහුලව දකින්නට ඇති කරුණක්..


ඒකත් Video Edit කරන්න පාවිචචි කරන Adobe Software ගැන මේ කථාව ඇදෙනකොට You Tube ක්ෂේත්‍රයේ ඉන්න හැමෝටම මේක බලපානවා..


මෙය භික්ෂුන් වහන්සේලා වෙත තරමක අභියෝගයක්..


සමහරු පාරාජිකා වූවත් විය හැකි බව කියනවා.. මේක ඇත්තනම් අද බොහෝමයක් භික්ෂුන් වහන්සේලා මේ වරදට හසුවෙලා ඇති. අනීතික දේවල් බොහෝමයක් නිසා.. ඒ න්‍යායෙන් බැලුවොත් ගිහි පින්වතුන්ට මේක සොරකමක්..


එය සත්‍යයක් ද ? මේ ඒ ගැන සොයන කොයි කාටත් වැදගත් ලිපියක්..


01. Crack Software කියන්නෙ මොනා ද ?


සාමාන්‍යයෙන් ඕන කෙනෙක් Software එකක් හදන්නේ මුදල් හම්බකරන්න.. අපි අදාළ Software භාවිත කරනවානම් අදාළ මෘදුකාංගයට වටිනාකම මාසිකව හෝ අවුරුද්දට හෝ ගෙවලා එය මිල දී ගන්න වෙනවා..


නමුත් පරිගණක පිළිබඳ දක්ෂයන් තමන්ගේ දැනුම වැරදියට මෙහෙයවලා මේවා මිල දී නොගෙන භාවිතා කරන්න පුලුවන් විදියක් හදලා දීලා තියෙනවා. ඒකට කියනවා Software එක Crack කරලා කියලා.


මම මේ ලිපිය ලියන වෙලාවෙ Photoshop Software එක පාවිච්චි කරන කෙනෙක් මාසිකව ඩොලර් 21 ක් (රුපියල් 7000/=) පමණ ගෙවන්න ඕන. මේ වගේ අවශ්‍ය Software වලට, Software ගාණට ගෙවන්න ඕන. අනිත් Software ටිකත් මේ සමාන මිල ගණන් යනවා..


Software හතරක් විතර පාවිච්චි කරන කෙනෙක් මාසිකව විශාල මුදලක් ගෙවන්න ඕන. අවුරුද්දට බැලුවොත් තවත් ගණන්..


මේ ගෙවීම කරන්න බැරි නිසා තමයි බොහෝ අය මේ Crack Software වලට යන්නේ. මොකද ලංකාව වගේ ර⁣ටක මේ වගේ ක්ෂේත්‍රයක වියදමට සරිලන්න ආදායමක් හොයන්න හැමෝටම අමාරු නිසා..


02. ඇයි මේ Company වලින් Crack Software වල⁣ට ඉඩදීලා තියෙන්නෙ ? ඔවුන්ට මෙය අයින් කරන්න පුලුවන් නේද ?


ඇත්තටම ඒක හිතන තරම් ලේසි කාරණාවක් නෙවෙයි. Adobeලට මේවා අයින් කරන්න වැය කරන කාලයෙන් භාගයක් ඇතුලත ඔවුන්ගේ නව නිර්මාණයකට යන්න පුලුවන්.

හරියට Adobe Flash වල ඉඳන් Animate CC වලට ගියා වගේ..


ඔවුන්ට අනුව මේ ගැන ඇති වීඩියෝවක් වත් අයින් කරන්න ගත කරන කාලය අපරාධයක්.


ඒ වගේම YouTube කියන්නේ Googleලගේ Platform එකක්. Adobe කියන්නේ වෙනම එකක්. අඩුම Youtube එකේ තියෙන සමහර නීති උල්ලංඝණය කිරීම් ටිකවත් Googleලට, එයාලගේ Platform එකේම ඉඳන් අපි කළත්, දැනට එයාලා පාවිච්චි කරන ඇල්ගොරිදම් වලින් මේ ඔක්කොම අල්ලන්න අමාරුයි.


එහෙම එකේ කෙනෙක් වීඩියෝ එකක් කරන්නේ Adobe එක Crack කරන එක ගැනද කියලා ඔවුන්ට අල්ල ගන්න පුලුන් Sophisticated Code එකක් නිර්මාණය කරන එක Adobeලට තරමක සංකීර්ණ කාර්‍යයක්..


ඊළඟ කාරණාව තමයි ඔවුන්ට මේක සම්පූර්ණයෙන් වැළක්වීමට වුවමණාවක් නැති බව.


Adobe Community Center එකට ගිහින් බැලුවොත් ඔබට පෙනේවී ඔවුන්ගේ මැසේජ් වල පවා සමහරු කියලා කියෙනවා අපි නම් පාවිච්චි කරන්නේ Crack කියලා. ඔවුන් ඒවා⁣ට ප්‍රතිචාර දක්වලා නැහැ.


මේච්චර සංකීර්ණ Software නිර්මාණය කරන ඔවුන්ට මට සිතෙන දේවල් නොසිතෙනවා කියන්න බෑ. ඔවුන්ට අවශ්‍යනම් මේක හොල්ලන්න බැරිවෙන්න මේක නිර්මාණය කරන්න පුලුවන්..


Download කරගන්න අයට Purchase එකෙන් පස්සේ One Time Link එකක් දීලා, Link එකෙන් එන කොට Online Data Base එකකින් Download කරගන්න හදලා Toolkit වැනි දේවල් Verify කරලා ඉවර වෙලා ලැබෙන්න සලස්වන්න ඔවුන්ට පුලුවන්.


මේක එක ක්‍රමයක්. මෙතනදිත් රිංගන්න පුලුවන් කම තිබ්බත් ඒවාට Solution හොයන එක එච්චර අමාරු ඒවා නෙවෙයි.

නමුත් ඔවුන් මේක කරන්නෑ. මොකද ඔවුන්ට මේ Rank එක දුර්වල සමාජය නිර්මාණය කරලා දීලා තිබීම වටිනවා. එතකොට ඇත්තටම Professional වැඩ කරන අය මේකේ වටිනාකම දැනගෙන ගන්නේ නියමිත මිල දෙවරක් හිතන්නැතිව ගෙවලා..


Crack Software එකක් පාවිච්චි කරන එකේ අලාභ තියෙනවා..


ඕවා නිකම් නිර්මාණය කරන්නෑ. ඉස්සර එහෙම කළා Cryptocurrency Mining වලට. ඒ ඔවුන්ට අවශ්‍ය Bitcoin පැහැරගන්න බලාගෙන.


නමුත් දැන් මෙය දත්ත සොරකමක් බවට පත් වී තිබෙනවා. යමෙක් Crack Software භාවිතා කරනවා නම්,


01. ඔවුන්ගේ Youtube නාලිකා Hack වීම,

02. දත්ත සොරගැනීම,

03. Email, Facebook හැක් වීම


බහුල වශයෙන් දකින්න පුලුවන් දේවල් ටිකක්..


මේවා හිතනවට වඩා භයානකයි වැඩ කරන අයට..


උදාහරණයක් ලෙස Email එක හැක් වීම තුල, ඔබේ බැංකු පද්ධතිය සමග කරන සියළු ගණුදෙනු ඔබට අහිමි වෙලා යන්න පුළුවන්..


අප්‍රධාන වශයෙන් මෙම Crack Software භාවිතා කිරීමේදී


04. ඔබේ පරිගණකයේ CPU එක උපරිම තත්වයෙන් ක්‍රියාත්මක වීම,

05. Laptop එකේ බැටරිය ඉක්මණින් මියයෑම,

06. ප්‍රධාන විදුලි පද්ධතියෙන් බොහෝමයක් භාවිතා කිරීම වැනි දේ විය හැකිය.


සාමාන්‍යයෙන් මෙවන් ආසාදිත පරිගණයක් සාමාන්‍ය පරිගණයක් මෙන් පස්ගුණයක පමණ විදුලි බලය භාවිතා කරනවා..


තව ද මේ කරුණු වලින් ඔබේ දෘඩාංග වලට හානි පැමිණවීම, පරිගණක මන්දගාමී වීම, අධික විදුලි බලයක් භාවිත වීම වැනි බොහෝ දේ වෙන බවත් අපි දැනගන්නම ඕන..


එනිසා හැකි තරම් Genuine Software භාවිතා කරන ඔබේ දත්ත, පරිගණකය වැනි සියල්ල කරදරයක් නැතිව රැකගන්න ඔබට පුළුවන් වේවි..


Adobe Cloud හරහා මේ සියල්ල අඩු මුදලකට ගන්න පුළුවන්..


Mac OS වැනි මෙහෙයුම් පද්ධතියකදී මේ හොර කොපි භාවිතා කිරීම දැනට කිසි සේත් කරන්න පුළුවන් කමක් නැහැ..


03. මෙය සොරකමක් ද ?


මෙය අපට උපමාවකින් තෝරගමු..


A යන සොරෙක් ඇත. ඔහු යමක් සොරකමක් කොට B ට විකුණයි. B එය හොර භාණ්ඩයක් ලෙස නොදැන මිල දී ගනීයි. A ට සොරකමක් වූවාට B ට සොර චේතනාවක් නැති බැවින් එය සොරකමක් නොවේ. නීතියට අනුව සොර බඩු ලඟ තබා ගැනීම යන න්‍යායෙන් ඔහු වරදකරුවෙකු වේ. නමුත් චේතනාව අනුව නොවේ.


නැවත A යන සොරෙක් ඇති අතර පෙර සිද්ධියම වෙයි. B එය සොර භාණ්ඩයක් ලෙස දනී. නමුත් ගෙවිය යුතු වටිනාකම ගෙවා එය මිලදී ගනී. දැන් එය ඔහුට සොරකමක් වන්නේ නැත. ඔහු එය සොර භාණ්ඩයක් වූවත් හොර චේතනාවෙන් නොගත් බැවිනි.


නමුත් නීතියක් පැණවී ඇත්නම් ඔහු නීතියෙන් වරදකරුවෙක් වේ. නීතියේ දඩය ගෙවිය යුතු වේ.


මේ ආකාරයෙන් වර්ථමානයේ Adobe Crack කරන අය සොරකමට අසු වුණත්, එය මුදලක් ගෙවා Download කරගෙන Install කරන අය කුමන ආකාරයේ සොරකමට හසු වේ දැයි කළ යුතු විනිශ්චය ඉතා සියුම් එකක්.. සමහර Key අඩුමිලට යනුවෙන් හොර කොපි විකිණීම සිදු කරනවා. ඔවුන් නොදැනම ඒවා භාවිත කරනවා.


Software දාගැනීමට කඩේකට දුන්නට පස්සෙ ඔවුන් මිලක් ගෙන යොදන Software මිල ගෙවා ගන්නා කෙනාට හොර චේතනාවක් ඇත්තේ නැති බැවින් එය සොරකමක් වන්නේ නැහැ. එහි අභ්‍යන්තරයේ විශ්වාස ග්‍රහය පවතිනවා.


නමුත් මෙය සිද්ධියෙන් සිද්ධියට විනිශ්චය කළ යුතු එකක් වන අතර, කරන චේතනාව, සිද්ධිය, කාලය, දේශය අනුව සියුම් ලෙස වෙනස් වෙන්න පුලුවන් බව මතක තියාගන්නම ඕන..

එනිසා හොර Copy භාවිතා නොකර අමාරුවේ නොවැටී ගෙවිය යුතු මුදල ගෙවා මේවා භාවිතා කිරීමට උත්සහ කරන්න.


එය අපහසු නම් ඕනෑ තරම් තවත් Video Editing Softwares අඩුවය මිල දී ගත හැකි අතර, බහුතරයක් Free Software ද ඕන තරම් තියෙනවා..


ඒවා එක එක ප්‍රමිතීන්ගෙන් යුක්ත බව ඇත්ත වුණත් අපි අදටත් අවශ්‍ය තැන්වලට පාවිච්චි කරන්නේ OBS වැනි Open Source Softwares.


ඔබේ දත්ත මෙන් ම පරිගණකයද එයින් ඒකාන්තයෙන්ම සුරක්ෂිත වේවි..

මේ ලිපිය ලියන මා භාවිත කරන්නේ මිල දී ගෙන ඇති පද්ධතියක්..


ඒවාගෙන් වැඩ කිරීම අර ගෙවන මුදල මෙන් දහස් ගුණයක් කාලය, පහසුව සහ වියදම මා හට ඉතිරි කර දී ඇති බව කියන්නම ඕන..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 01.04.2023

Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page