Sujatha Puthra Meditation Center
Your Membership ID
අප මේ ගෙවමින් සිටින්නේ සම්මුති වර්ෂ වලින් 2023 වන අවධියයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය ලොව පුරා බෙදා හරින ධර්ම දූතයන් වන ශ්‍රාවක සංඝරත්නය වන අප වෙත දැන් පැටවී ඇත්තේ ධර්ම සංගායනාවන් සිදු කිරීමේ කාර්යභාරය නොවේ.
අපගේ මහා ථෙරවරුන් විසින් එම කාර්ය මැනවින් සිදු කර ඇති බැවින් අපටද අද ඒ ධර්ම ලාභය අඩුවක් නැතිව ලැබී ඇත.
දැන් අප වෙත පැවරී ඇති වගකීම වන්නේ එම සංගායනාවන් වලින් සුරක්ෂිත කොට අප වෙත ලබා දුන් ධර්මාර්ථ අප ද මැනවින් වටහාගෙන අප වෙත සිවුපසයෙන් උපස්ථාන කරන ගිහි ශ්‍රාවකයන් හටත් අඩුවක් නැතිව එම උතුම් දායාදය ලබා දීමයි.
2023 වර්ෂය සමග අපට තාක්ෂණය සමග හරි හරියට මුසු වී සිදු කිරීමට සිදුව ඇති මේ මහා ධර්ම යාගය දැන් දැන් තාක්ෂණික සහ මෙවලම් දැනුම අඩුවීම නිසා බොහෝ භික්ෂුන් වහන්සේලා අතික් ක්‍රමයෙන් ගිලිහෙමින් ඇත.
එයට පිලියම් කල්පනා කොට වසර ගණනක් තාක්ෂණය සමග මුසුව සිදු කළ ධර්ම දානයන්ගේ අත්දැකීම ඔබ වහන්සේලා සමග ද බෙදා ගැනීමට කල්පනා කළෙමි.
වර්ථමානයේ අන්තර්ජාලය හරහා ධර්ම දානය සිදු කිරීම පහසුවෙන් කළ හැක්කක් බැවින්
⭕️වෙඩ් අඩවියක් නිර්මාණය කිරීම,
⭕️You Tube නාලිකාවක් නිර්මාණය කිරීම සමග ඒවා පවත්වාගෙන යෑමට අවශ්‍ය කැමරා දැනුම,
⭕️ශබ්ද පටිගත කිරීම,
⭕️දේශනාවන් සංස්කරණය කිරීම සහ ඒවා අන්තර්ජාලය වෙත නිවැරදිව මුදා හැරීම පිළිබඳව මා සතුව ඇති සියළු දැනුම ඔබ වහන්සේලා වෙත ලබා දීමට කල්පනා කළෙමි.
ඒ සඳහා සම්බන්ධ වීමට කැමති ස්වාමීන් වහන්සේලා හෝ සිල් මෑණියන් වහන්සේලා වෙත් නම් 070 342 1082 දුරකථන අංකය වෙත පණිවිඩයක් යොමු කරන මෙන් මෙත් සිතින් සිහිපත් කර සිටිමි.
මෙම වැඩසටහන ඔස්සේ ඔබ වහන්සේලා වෙත,
⭕️නවීන තාක්ෂණයෙන් යුතු කැමරා වර්ග කීපයක් නිවැරදිව හසුරුවන ආකාරය,
⭕️නවීනම තාක්ෂණය යොදා ගෙන ශබ්ද පටිගත කිරීම සහ ඒවා හසුරුවන ආකාරය,
⭕️ධර්ම දානය සිදු කිරීම පිණිස අවශ්‍ය වන අවම උපාංග පිළිබඳ නිවැරදි දැනුම,
⭕️දේශනා සංස්කරණය කිරීම පිණිස භාවිත කළ යුතු පරිගණක පිළිබඳ හාත්පස දැනුම,
⭕️ඒවා සංස්කරණය කිරීම පිණිස භාවිත කරන Adobe Photoshop, Premiere Pro, After Effects, Audition, Encoder යන මෘදුකාංග භාවිත කිරීම සහ සංස්කරණය කිරීම,
⭕️දේශනා සජීවි විකාශය සිදු කරන Streaming Software භාවිත කිරීම
වැනි සියළු කරුණු උගත හැකි අතර මෙම වැඩසටහන අවසානයේ,
ඔබ වහන්සේලාගේ අතේ ඇති දුරකථනය භාවිත කොට හෝ උසස් ප්‍රමිතියෙන් යුතු දේශනා පටිගත කර, ඔබ වහන්සේලා කැමැති පරිදි සංස්කරණය කොට තනිවම හෝ ශ්‍රාවක පින්වතුන්ගේ යහපත පිණිස උඩුගත කිරීමට හැකි වනු ඇත.
තවද තෝරාගන්නා ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් වෙත මා ධර්ම දේශනා සිදු කරන ශබ්දාගාර ආදිය භාවිත කොට තමන් වහන්සේලාගේ දේශනා පටිගත කරගැනීමට අවස්ථාව සලසා දීමට කල්පනා කර ඇති අතර විවේකී වෙලාවක් ලදොත් ඒවා මා විසින්ම සංස්කරණය කර දීමටත් බලාපොරොත්තුවෙන් පසුවෙමි.
මා විසින් මාගේ යුතුකම සිදු කොට ඇත. මේ ඔබ වහන්සේලාගේ වාරයයි..
සමාව අවසර පතන මා ඔබ වහන්සේලාගේ කළ්‍යාණ මිත්‍ර කිරුළපන ධම්මවිජය හිමියන් වෙමි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 31.03.2023