අවභාවිතා වෙන චීවරය..
වස් සමාදන් වීමේ අර්ථයවත්, විනය වත් දන්නැති භික්ෂු ප්‍රතිරූපක දැකීම ජුගුත්සාවට කරුණක් ය..
ඊළඟ වසරේ සිංහරාජයේ ගස් කපනවා කියා මුන්වහන්සේලා ගස් උඩ වස් සමාදන් වීමට ද හැකියාවක් ඇත..
නැවත වසරක බොක්කුව කැඩී ඇත ය, එහි වස් සමාදන් වෙමියි කියා බෝක්කුව උඩ වස් සමාදන් වනු ඇත..
භික්ෂුවකට එසේ් සිතූ සිතූ තැන වස් එළඹිය නොහැක..
දොරක් සහිත වටවූ ආවාසයක් නිසැකවම භික්ෂුවට වස් සමාදන් වීමට අවශ්‍ය ය..
තවත් කරුණු බොහෝමයක් අවශ්‍ය ය..
වස්සාන සමය පිළිවෙත් පුරා ගැනීමට මිස අරගල කිරීමට නොවේ..
දෙවන කරුණ නම් වස් ස මාදන් වූ පසු මෙවැන් කරදරයක් හෝ රටේ නීතීයක් හෝ ගම්වාසීන්ගේ බෙදීමක් වැනි අනතුරකදී සිල් පදය නො ඉක්මවාගෙන වස් වැසූ තැනින් පිටත්විය හැකි ය..
අහෝ ! සසුනට වෙච්චි වියෝ යා..
මෙවන් සිසුන් තැනූ ගුරුන් ද සසුන පසු බැස්වූ සේක්මැයි..
මන්ද යත් ලජ්ජියාම සසුන රකින බැවිනි..
මේවා තනිව ලියන විට සමාජය තනි මතයක් ලෙස ගනියි..
මේවාට සමස්ථ සංඝයා පිළිතුරු බැඳිය යුතු ය.. එවිට එය තව දුරටත් තනි මතයක් නොවන බැවිනි..
වස් කාලය ගැන භික්ෂුවක් දත යුතු කරුණු සියල්ල ඇතුළත් කොට කළ දේශනාවක් දක්වා ඇත..
ශ්‍රවණය කර වැඩි විස්තර දැනගනිත්වා..
Link - https://youtu.be/boKur8fAZfU
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 22.07.2022
