පසුගිය දිනක අත යටින් බිලි වීමට ගිය කුරුන්දි පුදබිම නැවත සුදුස්සසන් වෙත සුදුසු පරිදි ලැබී ඇත..
පෙර පරිදි සංරක්ෂණයට අවසර ලබා දී ඇත..
විය යුත්ත වී ඇත.. එසේ වනවා නම් එයට අප සතුටු ය..
එහෙම විය යුතු ම ය.. ම ේ අපේ රට ය..
බහුතර සමාජ බලයට කළ නොහැකි දෙයක් නොවේ..
නිර්වචන දුන් සිවුරු කෙසෙල් ගස් ටිකට පණිවිඩයකි..
ඔබ වහන්සේලාට මා හට නිර්වචන දීමට තිබූ වුවමණාව රැකගැනීමට තිබ්බානම් අපට තනියම මෙම සසුන් කිස සිදු කිරීමට නොවනු ඇත.. නමුත් එදත් අදත් හෙටත් විය යුත්ත කුමන පරියායෙන් හෝ කළෙමි.. අවශ්‍ය වූ දේ ලැබී ඇත.. 😊
සමාජ අවධානය සුදුසු පරිදි යොමු කර දුන් අපේ රටේ වර්ථමාන තරුණ පරපුරට ස්තූතිවන්ත වෙමි.. 😊😊
හරක් ඉන්න තැන බේත් දිය යුත්තෙ වැල මදුළු අස්සට දමා බැවින් එසේ කළෙමි..😊 එය වැඩ කළේ ය..
දැන් නැවත සුපුරුදු සසුන් කිසට සමවදිමි..
නමුත් මේ පාර පොහොයට සුජාත පුතුන් කුරුන්දි පුදබිම වඳිමි.. පොහොය කරමි.. ඔබටත් ආරාධනාව පෙර පරිදිම විවෘතව ඇත..
#රැකගමු_කුරුන්දිය.. එක්වෙමු..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 19.07.2022
