Sujatha Puthra Meditation Center
Your Membership ID
සීතල පරිසරයක් මැද ඇති ස්කොට්ලන්තයේ ඇති පුරණා බලකොටුවක් ද, ඒ ආරක්ෂාව සපයා ඇති මාළිගයද නරඹමින් සිටිමි..
අතර මගදි ඩයනාව ද සිහිපත් වේ.. (ලංකාවේ 😀) රට පාලනය කළ නිකමුන්ව ද, යථාර්ථයට මුහු නොවන බෝංචි කථා ඇති අනුර කුමාර වැනි බිල්ලන්ට හසු වී ඇති අඩු මානසිකක්ව සමාජයද සිහිපත් වේ..
මොවුන් සියල්ල කළමණාකරණය කර අතීතයේ සොල්දාදුවන් පැළඳූ පදක්කම පවා පෙන්වමින් මුදල් සොයමින් සිටිති.. එක් වටයක් කැරකවී අවසන් වන විට ආසන්න වශයෙන් පවුම් දහදාහක් පමණ සොයන London Eye දිනකට සොයන මුදල ගණනය වත් කරගත නොහැක..
ලංකාවේ සිටින මැති ඇමති වරු මෙම රටවල් වලට පැමිණ Night Club ගොස් මත් වී නැවත ලංකාවට පැමිණ ඇති කරගත යුතු Night Life සංස්කෘතියක් ගැන කථා කරති..
නමුත් මෙවැන් සාර්ථක ක්‍රම ඔවුන්ගේ ඔලුවට නොයන්නේ එක්කෝ ඔවුන්ට ඔලුවක් නැති නිසා ය.. නැත්තන් ඒත් ඔලුවක් නැති නිසාම ය..
පෙන්වන්නට ඇති සීගිරිය, ගාලු කොටුව වැනි ස්ථාන පුස් බැඳෙන විට මොවුන් Night Life එකක් ගැන කථා කරන්නේ අනාගත ලාංකික ගැහැණු දරුවන්ට අතීතයේ මෙන් ම නැවත බීමත් සුද්දන්ට විකිණෙන්නට පාර කපමින් ය.. ආසියානු රටක මානසිකත්වය ඇත්තේ රාජකීය වන්නට නොව, සැමදා රාජකීය මානසිකත්ව වලට විකිණෙන්නට බව මම ප්‍රත්‍යක්ෂ කර ගතිමි..
ඡායාරූපය - #Bob එංගලන්ත හමුදාවට අනුයුක්තව සේවයේ යෙදුණු, දැන් වන විට පවුම් කීපයක් ගෙවා පෙන්වා හම්බකරන්නට තබා ඇති සුනඛයෙක්ගේ පිළිරුවක්..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 16.11.2022