Sujatha Puthra Meditation Center
Your Membership ID
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන්..
මේ ලිපිය විශේෂයෙන්ම ඔබ වහන්සේලා වෙනුවෙනි..
පින්වත් ස්වාමීන් වහන්ස.. වර්ථමානයේ අපට සිංහල බෞද්ධ සම්භවය ඇති පිරිමියන් සමාජයේ දක්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙනි..
ඔවුන් අර්ධ මානවීය සත්වයන් බවට පත්ව වර්ථමාන නීරෝගී සහ තරුණ මදයන්ට යටව වාසය කරන බවක් පෙනෙන්නට ඇත.. එය ධර්මය දන්නා අපට අරුමයක් නොවේ.. එය සත්‍යයකි..
නමුත් ධර්මයත් දන්නා, පෞර්ෂයත් ඇති මහා කාශ්‍යප උතුමන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවත ගෙන එන, භාග්‍යවතුන් වහන්සේගේ ජීවන චර්යාව දෙස බලා හැදෙන ඔබ වහන්සේලාගේ නිහඬ බව නම් මට මහා පුදුම අරුමයකි..
ආලවක යක්ෂයා විසින් තුන්වැනි වර එලියට යන ලෙස කී විට භාග්‍යවතුන් වහන්සේ "නොයමි.. හැකි දෙයක් කරව"යි කී ය..
එය වර්ථමාන අර්ධ සම්භව පිරිමියන්ගේ කථාවට අනුව #සම්මා_තගකි..
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පෙර සුභද්‍රගේ අභද්‍ර වචනය අසා සංඝයා රැස් කරවා සංගායනාවක් කලේ ය.. එය වර්ථමානයට අනුව #සම්මා_තදකි..
දැන් මේවා දැන දැනත් ඔබ වහන්සේලා සිතා මතා මේ සසුන වල පල්ලට යන්නට ඉඩ හැර ඇත් ද ? නැතිනම් සමාජයේ උසුළු විසුළු වලට බයේ, තර්ජන වලට බයේ පසෙකට වී සිටිනවා ද ?
පසු ගිය දිනක ස්වාමීන් වහන්සේලා කිහිප නමකගෙන් "යමක් කළ යුතු යි නේද ස්වාමීන් වහන්ස" යැයි කී විට ලැබුණෙු "ආයස්මා දැන් නම් මම කළකිරිලා ඉන්නේ.. පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා" වැනි පිළිතුරු ය..
සමහරු වචන හරඹ වලට බිය ය.. ස්වාමීන් වහන්ස..
භාග්‍යවතුන් වහන්සේගේ උපමාවක් වටහා ගැනීමට සුමට කර සරලව අදහස දක්වමි..
“මහණෙනි, යමක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් යුධභටයෙක් යුධ බිමේ සතුරු සේනාව තමන් දෙසට එන විට ඇවිස්සුණු දූවිලි දැක බය වෙයි..
සතුරන්ගේ යුධ කොඩිය දැක බය වෙයි..
සතුරන්ගේ ශබ්දය අසා බය වෙයි..
ඔවුන්ගෙන් ප්‍රහාරයක් ලැබ බය වෙයි..
හෙතෙම ඒ යුද්ධය පරාජය වෙයි..
යමෙකු වනාහි ඒ රජස්කන්‍ධය (දූවිලි) ඉවසාද, ධජාග්‍රය (කොඩිය) ඉවසාද, උසස් වූ ඝෝෂාව ඉවසාද, පැමිණි ප්‍රහාරය ඉවසාද, හෙතෙම ඒ යුද්ධය ජයගෙණ, දිනන ලද යුද්ධ ඇත්තේ, ඒ යුද්ධ භූමියෙහිම අධිපතිව වාසය කෙරෙයි.. ඔහු සංග්රාම විජය නම් වෙයි..
ඔබ වහන්සේලා යම් තැනක නැවතී ඇත්නම් මෙය ඔබ වහන්සේලාගේ ඊළඟ පියවරට උපකාර කරනු ඇත..
අවසරයි ස්වාමීන් වහන්ස.. අපි යුධ බිමට වන් ඇතුන් වැනි ය..
අපට ලැබෙන හෙලි, කඩු පහරවල් අප විසින් ඉවසිය යුතු ය..
පරාජය විය යුතු නොවේ.. දිනිය යුතු වේ..
නැතහොත් මේ ගෙවී යන පරපුරේදී අප සියල්ලන්ටම පසු තැවීමට සිදුවනු ඇත....
ඒ දුදනන් විසින් කළ දුෂ්ඨ කටයුතු ගැන නොව, සුදනන් විසින් පෑ භයංකර නිහැඬියාවට..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 18.07.2022