top of page
Memoire of a piece of work
ඔබ තාක්ෂණය හරහා අහන එක පුංචි බණ පදයක් වුණත් එළියට එන්නෙ පොඩි වෑයමකින් නෙවෙයි.. ලොකු ක්‍රියාවලියකින් පසුව.
එය ඔබට දෙන්නෙ අනුකම්පාවෙන් මිසක්.. වෙනත් කිසිවක් බලාපොරොත්තුවෙනුත් නෙවෙයි.
එනිසා මේක මතක තියාගන්න.
ඕනෑම අයෙක් දකින්නේ ප්‍රතිඵලය පමණයි ඕනෑම දේක.. එයට කළ කැපකිරීම දන්නෙ කළ තැනත්තා පමණමයි.. එයත්.වචන කළ නොහැකිමයි.
එනිසා ඔබ කිසිදාක ධර්ම මතය තුළ ප්‍රතිඵලයට බනින කෙනෙක් නොවන්න.. කැපකිරීමට ප්‍රශංසා කළ කෙනෙක් වෙන්න.
එතැන නිවන් දැකීමට අවශ්‍යම ගුණය වන ගුණවන්තකම ඔබට ලැබෙනු ඇත.
පසු සටහන..
මෙය සිදු කර ඇති ක්‍රමවේදය වීඩියෝවේම සටහන් කොට ඇත්තෙ මතු මතු ධර්ම දානයේ යෙදෙන සත්පුරුෂයෙක්ට උපකාර පිණිස පැවතීම පිණිසය.
සුදනන් එයින් ප්‍රයෝජන ගනිත්වා.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 04.06.2021
bottom of page
