top of page

සිරිධම්ම වහලුන්ගේ සහ මහමෙව්නාවේ වහලුන්ගේ වෙනස..


සිරිධම්මගෙ වගේ රළු ගති ඇති මිථ්‍යා දෘෂ්ඨික ගෝලයෙනේට කථා කරන්න තමයි මගේ භාෂාව විකෘති පටිභාහනය කරද්දි හැදිලාම තියෙන්නෙ.. මොකද ඒක රළු විදිහට මූණට දමලා ගැහුවාම වගේ තමයි ඒ Type එකේ මිනිස්සුන්ට දැනෙන්නෙ.. හැදෙන්නෙ..


නමුත් මහමෙව්නාව වටේ ඉන්න පිරිසෙන් බොහෝ දෙනෙක් ගලවා ගන්නට නම් මීට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරන්නට සිද්ධ වෙන බව දැන් දැන් ඔය නෝනා මහත්තයලාගේ Comment වලින් මටත් පැහැදිලියි..


මොකද හේතුව, මේ මහමෙව්නාව වටේ ඉන්න අය ශාන්ත ස්වරූපයට හරිම කැමතියි..


අනේ පින්වත්නි~... අනේ අපොයි~~ නමෝ බුද්ධාය~~ කියලා ඕන බොරුවක් කිව්වොත් අහගෙන ඉන්නවා..


විමසන්නේ නැතිවම ගිලිනවා.. ඒ කරල අවබෝධ වුණා කියලා හිතාගෙන ඉන්නවා.. වැඳ පුදාගෙන ඉන්නවා..