top of page
අද බෝසත් ගුණ වලට ඇලුම් කළත්, සිය ආධ්‍යාශය පූර්ණ කරන බෝසත් උතුමෙක් ස්වකීය ඇස් ආදී අවයව දන් දුන් කලෙක ඔයිකොයි යශෝධරාවල් යැයි සිතන් ඉන්න අයටත් කල්පනා කරන්න දිනයක් එයි...
ඔබ සැබවින්ම ඇලුම් කලේ බාහිරට ද ආධ්‍යාශයටද කියලා..
ඉදින් ඔබ සැබවින්ම යශෝධරාවක් නම් ඇලුම් කල යුත්තේ වෙනස් වන ගති ගුණ වලට නොව, පතන උතුම් පැතුම සාක්ෂාත්කරගන්න උපකාර කරන්නියක් පමණක් බව ඔබට එදාට වැටහේවි..
ඒ විතෘති අවයව, එකැසක් නැතිව ගෙවන කටෝර ජීවිතය පසු කලෙක ලෙඩ ඇඳකට වැටුණොත් හයිය නැති ඔබේ පැතුම්වේගයෙන් ගහගෙන යාවි..
ඒ නිසා ඇලුම් කරන්න, ප්‍රාර්ථනා කරන්න මතු බුද්ධත්වය පතන උතුමෙක් දැක ඒ උතුම් ආධ්‍යාශය පූර්ණ කරගැනීමට උපකාරවන්නියක්ම වන බවට..
එදාට ඔබ සැබවින්ම ගුණ පුරණ යශෝධරාවියක් ම වේවි...
මෙත් සිතින්..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 05.07.2019
bottom of page
