ඌරන් වැඩි පුර රුච් අසූචි කන්නට ය.. ඔබට යම් දිනක අසූචි කන ඌරන් මුණ ගැසුනොතින් ඔවුන්ට කැකුළු බත් දීමට නොයන්න.. මන්ද ඔවුන් වඩා රුචි අසූචි කෑමට වන නිසා ය.. ඔවුන්ව ගෙන පිහිනුම් තටාකයක තැබූවද ඔවුන් දුවන්නේ මඩ ගොඩකටම ය. ඒඌරන්ගේ ජන්ම ස්වභාවය ය.. ඌරු මානසිකත්වයේ හැටි එසේ ය..
මිනිසුන් එසේ විය යුතු නැත. ඔවුන් ඌරන් නොවන බැවින් අසූචි අසූචි බව දැන එයින් ඉවත් විය යුතු ය.. මන්ද යත් ඒවා ගෑවුණු තැන දුගඳ බැවිනි.. අසුචී යනු ඇවිස්සෙන්න ඇවිස්සෙන්න ගඳ ගසන දෙයක් බැවින් වසා දමා පැත්තකට වීමම නුවණැති මිනිසුන්ට සොඳ ය..
ප්‍රවේසමෙන් ලියා ඇති දේ ගතහොත් සරු නිසරු දෙය වටහා ගැනීමේ යහපත් මානසිකත්වයක් ඇති වීම සූවපත් වීමට වඩාහේතුවක් වන බව තේරුම් ගත හැකි ය..
තථාගත බුදුරදුන් මේ සූකර උපමාවනොයෙක් තැන්වල දේශිතපඋපමාවක් බැවින් ධර්ම රැචීහූ පරමාර්ථයම තේරුම් ගනිත්වා..
තෙරුවන් සරණයි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 22.06.2019
