ඔබට පණිවිඩයක් දැනෙන තේරෙන භාෂාවකින්ම...
ඔබ පාරේ ගමනක් බිමනක් යනකොට ඔය පාරේ ඉන්න උන්ගෙ කුෂ්ඨයවත් කහගන්න බැරිව අසරණ වෙලා ඉන්න වල් බල්ලොදැකලා තියෙනවනෙ..
අන්න ඒ වගේ අහින්සක කුෂ්ඨ බලු පෝතකයො බුර බුර ඔබේ පස්සෙන් එන්න පුලුවන්.. දැක්කෙ නෑ වගේම යන්නත් එපා.. පස්සෙන්ඇවිත් හපාවිද දන්නෙ ත් නෑ.. බල්ලොනෙ..😊
ඒ නිසා එවැනි අවස්ථා වල චිප් චිප් කියලා එයාලට තේරෙන භාෂාවෙන් එළවන්න.. එතකොට එයාලා බය වෙනවා 😱..
බය වුණාම මොකද කරන්නෙ.. නැට්ට උස්සන් හෝ ගාලා බුරනවා.. ඒ තමයි බල්ලන්ගෙ හැටි.. එහෙමයි කියලා ඔයාලත් බුර බුරඉන්නවද ? නෑ නේ.. ඔයා ඌට බුරන්න දීලා ඔයාගේ ගමන යන්න.. උන් බල්ලොනෙ.. බුරනවා හැර වෙන මොනා කරන්නද ? පව්අසරණයො..
පසු ලිවීම - මොන බල්ලා අපිට බිරුවත් අපි අපේ ගමන යා යුතුයි පෙර වගේම.. පමණක් විට ඊටත් වඩා ලොකු හුස්මක් අරන්තවත් වේගයකින්..
දැන් ඉතින් මේකටත් බලු පෝතකයො බුරාගෙන එන්න බැරි නෑ.. 😊 🐕
ධර්මරුචීහූ පරමාර්ථයම තේරුම් ගනිත්වා..
තෙරුවන් සරණයි ඔබට..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 20.06.2019
