සංස්කාර වල පීඩාව සුලු පටු පීඩාවක් නොවේ. එය මනාව පිරිසිඳ දැක ඇති කෙනෙක් කිසිදු මොහොතක මේ සංස්කාර ධර්ම වල නොඇලෙයි. ඒ එහි ඇලීමට තරම් දෙයක් නැති නිසා ය. නැතිව හුදු බුද්ධ වචනය කෙරෙහි ගෞරවයෙන් පමණක් නොවේ..
නමුත් අත්තහිතකාමී මෙන් ම පරහිතකාමී මිනිසුන්ද සිටිය යුතු ය. ඔවුහු තමන් තනියන් නොනිමී තවත් බොහෝ පිරිසක්ද මේ සසර සයුරෙන් එතෙර කිරීමට වීර්‍යය කරති. නමුත් එහි ප්‍රායෝගික තලය න ම් සිතන තරම් සුන්දර නැත. එකක් සමාජය සිතන තරම් සුමට නැති බැවිනි. ඒ ඒ මිනිසුන් කරන විකාරයන් දුටුවාම ඔවුන්ව නිවන් දැක්වීම පැත්තකින් තබා සංස්කාර විෂයෙහි මදකදු නොපමාව එතෙර වන්නට සිතෙන බව සත්‍යයකි. නමුත් අනුකම්පාව මුසු කරුණාව එයටද රුචි නැත.. එ නිසා ගැටලුවක් ඉතිරිව ඇත..
අසත්පුරුෂයෝ නිවන් දැක්විය හැකි ද ?
මේ මා ඔබෙන් අසන පැනයකි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 20.05.2019
