top of page

මේ පින්තූරය මේ දිනවල බොහෝ කථාබහට ලක්වන පින්තූරයක් නිසා මේ පිළිබඳව සටහනක් තබන්නට සිතුවෙමි..

මේ පින්තූරය මේ දිනවල බොහෝ කථාබහට ලක්වන පින්තූරයක් නිසා මේ පිළිබඳව සටහනක් තබන්නට සිතුවෙමි..


සම්මා සම්බුද්ධ ශාසණය සුදුස්සාට සුදුසු තැන දීම මුල් කරගත් තැනකි.. මුලින් පැවදි වූ කොණ්ඩඤ්ඤ උතුමන් වහන්සේ සිටියදීම සැරියුත් උතුමන් වහන්සේ දකුණත් සව් වූයේ එනිසා ය.. එදා ද මුහුණ බලා තනතුරු දෙනවා යැයි චෝදනාවක් භාග්‍යවතුන් වහන්සේටද වූයේ ය.. නමුත් එය එම තනතුර වෙනුවෙන් කල්ප ගාණක පෙරුම් පුරා ආ සුදුස්සාටම හිමි වූ බව පසුව දේශණා කළ සේක..


නමුත් වෘද්ධ පටිපාටියද ශාසණයේ පුදුම තැනක් ගන්නා ස්ථානයකි.. අඩුම වැඩිමහල්ලෙක් සමග එක කුටියක සිටී නම් අවසර නොගෙන ජනේලයක් ඇරීම වත් කළ නොහැක.. විදුලි බුබුලක් දැල්වීම කළ නොහැක.. ඒ මේ ශාසනයේ හික්මීම ය.. නමුත් එය සෑම තැනටම අදාළත් නැත.. වැසිකිළි කැසිකිලි ආදියට වෘද්ධ පටිපාටියක් නැත.. ආගත පටිපාටියම මූලික විය.. එනම් පැමිණි පිළිවෙල අනුව යෙදීම ය..


ධර්ම දේශණාවක් ආදිය පැවත් වීමෙදී වෘද්ධ පටිපාටියක් නැත.. ධර්ම ගෞරවයෙන් දේශකයාණන් වහන්සේම මුලසුන ගනී.. පළමුවන ධර්ම සංගායනා විස්තර බැලීමේදී එහි ආනන්ද ආදි උතුමන් වහන්සේලා මුලසුනට යෑමට පෙර වැඩිහිටියන්ගෙන් වැඳ අවසර ලබා ගෙන එයට ගොඩවූ බව දක්ණට ඇත.. ඒ ධර්ම ගෞරවයෙනි.. සංඝයා තෙවැනි රත්නය ය.. දෙවැනි තැන හිමිවන්නෙ ධර්මයට ය.. භාග්‍යවතුන් වහන්සේද ධර්ම දේශණාවක් කරන අවස්ථාවක දොර කොණට වී සිටගෙනම එය ශ්‍රවණය කළ බව සඳහන් ය. ඒ නිහතමානීකම ය.. මෙය ද එවැනි අවස්ථාවක් විය හැක.. අවසර ලබා සුදුසු තැන අසුන් ගත්තා විය හැක.. උතුමන් වහන්සේලා බැවින් ඊට අවසර දුන්නා විය හැක.. එය විය යුත්තක්ම ය.