top of page

බෞද්ධයන්ගේ මොළය මරණ චාල්ස් තෝමස් යන අන්තවාදියාගෙන් බණ අසා නිවන් දකින්න පෙරුම් පුරන මැටි මොළ ඇති සිංහල බෞද්ධයෝ යැයි කියාගන්නා මූඨයන් නිරයට වළ කපාගන්නා හැටි..

බෞද්ධයන්ගේ මොළය මරණ චාල්ස් තෝමස් යන අන්තවාදියාගෙන් බණ අසා නිවන් දකින්න පෙරුම් පුරන මැටි මොළ ඇති සිංහල බෞද්ධයෝ යැයි කියාගන්නා මූඨයන් නිරයට වළ කපාගන්නා හැටි...


ශ්‍රී ලංකාව යනු මහා පුණ්‍ය භූමියකි. එහි පිහිටීමද අනිත් රටවල් කිසිවෙක් නොලැබූ පරිදි ආශ්චර්යමත් ලෙස පිහිටා තිබේ. මහ මුහුදින් වට වුණ මේ සුන්දර රට පිළිබද ව ඈත අතීතයේ සිටම විවිධ විදේශිකයන්ගේ අවධානය යොමු වී ඇති අතර විවිධ උපක්‍රම යොදා මේ රට ආක්‍රමණය කිරීමට ඔවුන් උත්සහ කර ඇති බව ඉතිහාසයෙන්ද මනාව දක්නට හැකිය.


මුස්ලිම්වරු, ක්‍රිස්තියානිවරු වැනි අන්‍යාගමිකයන් ද ස්වකීය රටෙන්වත් තමන්ට ස්ථීර නිදහසක් නොලැබූ කළ රට වටා ඇති විවිධ රටවල් වලට සංක්‍රමණය වී නිදහස අත්හදා ඇති බව ලෝක ඉතිහාසය තුළ මොනවට දක්නට ඇත. ඒ මේ සංක්‍රමණ කාලය අතරතුර ඔවුහු ලංකා භූමියටත් පය තබා බැලූහ. බුදු දහමෙන් පෝෂිත වුණු ලංකාවාසී බෞද්ධයන්ගේ මෙත් සිතින් මෙත් පහස ලැබූ ඔවුහු ලංකාවට ඇලුම් කලේ තමන්ගේ මව් රට මෙන් සිතා ය. ලංකාවාසී බෞද්ධයන්ගේ කරුණා සිතින් පහස ලැබූ ඔවුහු සිංහලයන් සමග අවාහ විවාහ ආදී කටයුතු ද සිදු කලේ ඉමහත් සතුටින් ය.


ඒ මේ ආකාරයෙන් පිරිසෙන් පෝෂණය වුණු මේ රට පසුව ඉපදුණු ඊර්ෂියාකාරයන්ගේ ඊර්ෂියාවෙන් ද මෝඩයන්ගේ මෝඩකමින් ද ක්‍රරමාණුකූලව වර්ධනය වෙමින් මොළය නට වෙන්නට පටන් ගත්තේ මෑත කාලයකදී ය. තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්නට ලංකාව ආක්‍රරමණය කර ගැනීම මුල් කර ගෙන ඔවුන් ඉන් පසු විවිධ සැලසුම් අඳින්නට පටන් ගත්තේ ය. නමුත් ඔවුන් ලංකාවේ හයිය දුටුවේ එවිට ය. භාවනානුයෝගීව භික්ෂුව භාවනාවට වැදී කැලෑවල් වල වැඩ සිටියත් ලංකාවට වැරදි බැල්මක් වැටුණු කල පර්යංකයේ මකුලු දැල් කඩා ගෙන අවදි වුණේ මේ උතුම් පින් බිම මතු මතුත් සම්බුද්ධ ශාසනය රකින පින් බිම වශයෙන් ඉතිරි වන බව උන්වහන්සේලා දන්නා නිසා ය. අන්‍යාගමිකයින් එවිට මේ ශාසනය ගැන කාරණා කාරණා හෙවූ හ. ඔවුහු තථාගත බුදු රජාණන් වහන්සේගේ ධර්මය ගැන එවිට දැන ගත්තේ ය. මේ ධර්මයට අත නොතබා ලංකා භූමියට අත තැබීම සිහිනයක් බව ඔවුහු දුටුවේ ය. එදා සිටම පංචමහාවාද ආදී මහා වාද කරමින් තථාගත ධර්මය දුරු කිරීමට ඔවුන් උත්සහ දැරුවේ ය. නමුත් තථාගත ධර්මය ඉදිරියේ ඔවුහු තරඟයකින් තොරවම පරාජය වූහ. ඉන්පසු කුපිත වූ ඔවහු අවුරුදු කීපයකින් ප්‍රතිඵල නෙලා ගැනීම ඉලක්ක කරගෙන මේ ධර්මයට අත තැබීමට පටන් ගත්තේ ය.


චාල්ස් තෝමස් වැනි අන්තවාදී මිථ්‍යාදෘෂ්ඨිකයන්ව වෙස් ගැන් වූ ඔවුහු මිනිසුන්ගේ ශ්‍රද්ධාව ස්පර්ශ කරන්නට පටන් ගත්තේ ය. බුදුනුත් ජේසුත් එකම ධර්මයක් කීවේ යැයි පවසන ඔහු අනිත්‍ය දුක්ඛ අනාත්ම යන කරුණු බුදු පියාණන් වහන්සේ දේශණා කළ එකක් නොවන බවත් එය ලෝක ධර්මයක් බවත් ධර්මයේ සඳහන් අයුරින් ම පෙන්වා ඒ නිසා මේක අවබෝධ කරගැනීමට ඒ දර්ශණයේම හැසිරිය යුතු නොවන බව ප්‍රසිද්ධ වේදිකාවල හාමුදුරුවන්වත් ඉදිරියේ හිඳුවා ගෙන ම කියන්නට පටන් ගත්තේ ය. අනිත්‍ය යන වචනයේ අර්ථයවත් දන්නෙ නැති මහාචාර්ය හාමුදුරුවරුන් ඒවාට සාධු නද දිදි අනුමෝදන් වූ හැටි සිහි වන විටත් දැනෙන්නේ සංවේගයක්ය. චාල්ස් තෝමස් සින්දුවෙන් රට අන්දවා බුදු දහම ගාවා ගෙන වේදිකා වල පසුබිම් සංගීතයට දහම් දෙසන්නට පටන් ගත්තේ ය. අන්‍යාගමිකයෙක් ධර්මය කථා කරන මැජික් එක මීට පෙර දැක නොමැති ලාංකිකයන්ට එය අමුතු විජ්ජාවක් වූහ. නමුත් ඔහුගේ කරේ තවමත් ඇති කුරුසය ඔවුහු දැක නැතිවා සේ ය. ශාසනයට කරන විනාශය දැක නැතිවා සේ ය. පෙර සිදු වූ කථාවක් සිහිපත් වේ.


පෙර නරියෙක් සිට ඇත. කේජු කෑල්ලක් කටින් ගත් කපුටෙකු දැක කේජු කෑල්ලට පෙරේත කමින් කපුටාව වර්ණනා කරන්නට පටන් ගත්තේ ය. වර්ණනාවට ගිජු වූ කපුටා බැරි සින්දු කියන්නට යෑමෙන් කේජු කෑල්ල අහිමි කරගත්තේ ය. නරියා කේජු කෑල්ල හොටින් ගෙන සිටි කපුටා වර්ණනා කළාක් මෙන් බුදුදහම මුදුනින් තබා වර්ණනා කරමින් ඉතා සූක්‍ෂමව බුදු දහමේ මූලික හර පද්ධතීන් ට පහර දෙන චාල්ස් තෝමස් බෞද්ධයන් මුරුංගා අත්තේ තබන්නට #කඳුල_සහ_දහම්_පහන තවමත් ක්‍රියාත්මක කරමින් සිටී..


මේ වැඩසටහන් හරහා ඔහු කරන පැති විනාශය අවබෝධ නොවන බෞද්ධයා ඔවුන්ගේ මේ සූක්‍ෂම උගුලට හසු වේ. ඔහු මේ වැඩසටහන් හරහා ක්‍රමයෙන් මිනිසෙකු ලෙස තමා මෙතෙක් කල සියළු දේ මෝඩකම් බව පෙන්වා දීම කරන අතර ඒ අතර තුර බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ බුදු රජාණන් වහන්සේගේ වචන තමන්ගේ ආයුධය කර ගනී. අරහෙම කියා ඇත මෙහෙම කියා ඇත යැයි බුදු දහම වර්ණනා කරන මේ මෝඩ අන්තවාදියා බුදු දහමේ කිසිදු හරයක් නොදන්න අයෙකි. ඔහු ආනාපානසති භාවනාව බුද්ධාගමේ නොවන බව කියන අතර එය එසේ වේ නම් අන්‍යාගමිකයන් හුස්ම නොගෙන සිටිය යුතු යැයි බුදු දහමටම හින්ට් පාස් කරනු ලැබේ. පෙර කී ලෙස බුදු දහම ආගමක් නොවන බව බවත් දර්ශණයක් බවත් කියන ඔහු ආගමක් වශයෙන් අපට පිළිසරණක් තිබිය යුතු බව නොකියා කියයි. අවසානයේදී තමාගේ දෙවියන් ගැන වර්ණනා කරන ඔහු ලෙඩකදි දුකකදි තමන්ට පිහිට වන සැටි බෞද්ධයන්ගේ සල්ලි වලින්ම දැමූ සවුන්ඩ් සිස්ටම් එකකින් ලොවට හඬගා කියයි. අහෝ අසරණ සිංහල මෝඩයන් ඉන් පසු තමන්ට ලෙඩක් දුකක් වු පසු බුදු දහමේ මූලික හර පද්ධතිය තේරුම් නොගෙනීම නිසා එම ආගම් වල මිථ්‍යාදෘෂ්ඨික පිළිසරණ පතාගෙන ගොස් අන්‍යාගමිකයන් බවට පත්වේ.


බෞද්ධයො මේවා නොදැන තලු මර මරා රසවිඳින මුත් අන්තිමේ ලෙඩක් දුකක් හැදුනම දුර්වල හිත් ඇතිව නොදැනීම මොවුන්ගේ උගුලේ පැටලෙයි. අසරණ අවස්ථාවකදි තමන්වත් නොදැනිම හසුවන මේ ඛේදවාචකය, දැනට ලස්සන වචන වලින් බණ-බයිල කියා මිනිසුන් අසරණ වූ පසු අසරණ වූ මිනිසුන් ලඟට ගොස් සෙමින් සිත් වෙනස් කර බිලි බා ගැනීමට කරන උපායකි.


මොහුගෙ එක් වැඩසටහනකට මොහු ලක්ෂ ගාණක් අය කරයි. ප්‍රදේශයේ වැඩ සටහන සංවිධානය කරන්නාට එයින් විශාල කොමිස් මුදලක් යන බව ද අසන්නට ඇත. එනිසා මුදලට කෑදර අය මේ වැඩසටහන කෙතරම් බාධක මැද වූවත් සංවිධානය කරන්නට පසු නොබසී.


අනිත් පුදුමෙට කරුණ නම් පෝයකට සිල් ගෙන නැති මේ නමට බෞද්ධයෝ මොහුගෙන් බණ අසා නිවන් යන්නට තැත් කිරීම ය. මුදල් කෑදර කමක් මිස වෙනත් යමක් නොමැත. ආදර්ශමත්ව වැඩ සටහනක් කරන්නේ නම් තමන් පළමුව පෝයට සිල් ගන්නට ගිහින් තිබිය යුතු ය. නොමිලේ පන්සලකට ගොඩ වැදිලා අපේ මහා සංඝයාගෙන් අහගන්න තියෙන බණ පද ටික ලක්‍ෂ ගණන් දී ක්‍රිස්තියානි කාරයෙක්ගෙන් අහගන්නට යෑම පුදුමයට කරුණක් නොව, හාස්‍යයට කරුණකි. කොමිස් මුදුලට කෑදර කමක් මිස වෙනත් යමක් නැත.හාමුදුරු හොරු ද මේ පේලි වල ඉස්සරහම සිටිම හාස්‍යයටම කරුණකි. ක්‍රිස්තියානි කාරයෙක්ව කෝටිපතියෙක් කරමින් බුදු දහම පාවා දෙන මේ නිගණ්ඨ රැළ චාල්ස් තෝමස් ගෙන් ඉගෙන ගත් බණ පද Handsfree දමා අසන ගමන් මිදුල ඇමද උන්වහන්සේ ගැන සින්දුවක් කියනකොටත් අපේ හිත නිවෙනවා යැයි කියති.


සින්දු කියා හිත් නිවීමක් බුදුසසුනේ පැණෙන්නේ නැත. එසේ වනවා නම් භාග්‍යවතුන් වහන්සේ ගීත ගායනා නො කරන්නට දේශනා කරන්නේ නැත. රුණ්ණමිදං සූත්‍රයේදී භාග්යවතුන් වහන්සේ දේශනා කරනුයේ " රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයේ යදිදං ගීතං- මහණෙනි මේ ආර්ය විනයේ ගීත ගායනා කිරීම යනු හැඬීමකි".


ගීතස්සර ආදීනව සූත්රයේ දී තථාගතයන් වහන්සේ ගීතස්වරයෙන් බණ කීමෙන් වන ආදීනව පසක් ගැන වදාරා තිබේ. එමෙන්ම පඤ්චශීලයෙන් උඩ සිල් සමාදන් වන්නා වූ ඇත්තන් හට ද භාග්‍යවතුන් වහන්සේ නච්චගීතවාදිත ශික්ෂාපදයෙන් ගීතය තහනම්ම කර තිබේ. භාග්‍යවතුන් වහන්සේ ගීතයට මෙතරම් ම නිග්‍රහ කෙළේ ඉන් එතරම් ම ලෝභ ද්වේෂ මෝහ වැඩෙන හෙයින් හා නිවන ආවරණය වන හෙයිනි. සින්දු කියා බුදුන් වහන්සේ සැමරීමක් (බොදු බැති ගීයක් වුවද) බුදුසසුනේ අනුමත කොට නැත.


කතෝලිකයෝ නම් ජේසුතුමන් කුරුසියේ ඇණ ගැසූ දිනයටත් සින්දු කියති, උත්ථාන වූවාය යි කියන දිනයටත් සින්දු කියති. මරණෙටත් මඟුලටත් සින්දු කියති. එහෙයින් ඒ දෙස බලා බෞද්ධයාටත් එයම ආරෝපණය කරන්නට තැත් කිරීම චාල්ස් තෝමස්ගේ හාස්‍යයක් වගේම ඒවා සාධු කියමින් තාලෙට අත්පුඩි ගසන හාමුදුරු හොරු සහ උපාසක චණ්ඩාලයෝ ශාසණයේ පවට පහළ වූවෝ ම වෙති.


චාල්ස් තෝමස්ට උවමනා සමාජ වටිනාකම් ගැන ඉස්මතු කිරීමට නම්, තමන් අන්‍ය ආගමිකයෙකු වී බුදුදහම ඒ සඳහා ඇසුරු කරගනුයේ ඇයිද යන වග විමසා බැලීමවත් කරන්නේ නම් චාල්ස් තෝමස්ගේ නිරුවත දකිනු හැකිවනු ඇත. චාර්ල්ස් තෝමස් හට තමන් අදහන ආගම ඇසුරු කරගෙන තමන්ගේ අදහස සමාජගත කිරීමට නොහැකියාවක් පවතින බවත්, බුදුදහම ඇසුරු කරගනිමින් එය ඉතා ලෙහෙසියෙන් සිදුකර ගැනීමට හැකි බවත් ඔහු විසින්ම වටහා ගෙන ඇත. නිවන් දකින්න ෂෝට් කට් හොයන බෞද්ධයන්ගේ මූඨ සිත දඩමීමා කරගෙන මුඛය දෙපසින් ආදරය කරුණාව දයාව සෙනහස වස්සන තෝමස් ඊට එරෙහිවන සන්දර්භයන්ට එදිරිව දෑත් දෙපා විහිදුවමින් වතේ ඉරියව් උවමනා විදිහට වෙනස් කරමින් ඉතා සියුම් ලෙස පහර දීම සිදුකරයි. එවිට චාර්ල්ස් තෝමස් යනු කිතුනුවා අපේ මෝඩයන්ට මහා ප්‍රේමවන්තයෙකි. බොදුනුවාගේ පිනට පහල ව ඇති කාරුණිකයෙකි. මෙය වනාහි හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් යන කථාවට මෙකළ නැවත පණ දීමක්ය.


ලංකාවේ අන්තවාදී කතෝලික කණ්ඩායම් අප දැනුවත්ව 400ක් පමණ ඇත. ඔවුන් කිසිවෙකුට කරන්නට නොහැකි වූ දෙය අද චාල්ස් තෝමස් විසින් තනියම සින්දුවෙන් කරගෙන යනු දක්නට ලැබේ. බුදුන්ට වඳින්න එපා යැයි ඔහු කියන්නෙ කෙලෙස් බර ගී පද රචකයෙකු ලියූ සින්දුවකට අටුවා ලියමින් ය. ඒ මෝඩ මනුස්සයාවත් ඒවාට සාධුකාර දෙන අපේ අයවත් තේරුම් ගත යුත්තක් ඇත. ඔය කෙලෙස් බර ගී පද රචකයන් ලි යූ එවැනිම ගායකයන් ගැ යූ ගීත බුදු දහම නොවේ. ඒවා ඔවුන්ගේ මනස්ගාතය. අඩු මානසිකත්වයකින් යුත් චාල්ස් තෝමස් වගේම ඒවාට සාධුකාර දෙන මෝඩයන් ද මේවා තේරුම් ගත යුතු ය.


තෙරුවන් සරණ ගිය බෞද්ධයා තරම් භාග්‍යසම්පන්න තවත් පිරිසක් ලොව ඇතැයි කිව නොහැක. එමෙන්ම වරෙක එතරම් අභාග්‍යසම්පන්න පිරිසක් ද ලොව නැතැයි කීමට සිදු වන්නේ ඉතා සූක්ෂමව ඔවුන් අතින් තිසරණය ගිලිහීමට කටයුතු හා බලවේග යෙදෙන හෙයිනි. ඒ අතර අන්‍යාගමිකයන් ගේ සෘජු හා වක්‍ර බලපෑම් ඉහල තැනක් ගනී.


පෙර සඳහන් කළා සේ ම පෘතුගීසි ලන්දේසි හා ඉංග්රීසීන් විසින් අප රට සූරා කන සමයේ එපමණකින් නො නැවතී ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය මෙහි වපුරන්නට වෙහෙස නො බලා කටයුතු කළහ. වරෙක බෞද්ධයින් කඩුවෙන් කපා කොටා ආගමට හරවා ගැනීමට උත්සාහ ගත්හ. එහෙත් ර්‍ණඅවබෝධයෙන් තිසරණ සරණ ගිය බෞද්ධයා ට සැපයක් වන්නේ ආගම මාරු කරගෙන තව කලක් ජීවත් වීම නොව තිසරණ සහිතව මිය යාමය” යි වටහාගත් කොන්ද පණ ඇති බෞද්ධයෝ ජීවිතය පිදූහ. කඩුවෙන් තම දරුවන් කොටද්දී තිසරණය වෙනස් කර නො ගත්හ.


එහෙත් කල් යත් යත් ම මේ ආකාරයෙන් ආගමට හරවා ගැනීම දුෂ්කර වූ නිසා දෝ මේ සඳහා ඔවුන් වෙනත් උපක්‍රමයන් භාවිතා කළහ. ඉන් එකක් වනුයේ තාන්න මාන්න, රජයේ තනතුරු දැරීමේ අවස්ථාව, දරුවන් පාසලට ඇතුලත් කිරීමට පල්ලියෙන් ලියුමක් ගෙන යා යුතු වීම ආදි ක්‍රමෝපායන් ය. ප්‍රතිලාභය ඉදිරියේ අසූචිය වුව ද වැළඳීමට තරම් පහත් වූවෝ ආගම මාරු කළහ. ඒ ශාපය දැන් විඳිනුයේ ඔවුන්ගේ ඉදිරි පරම්පරාවන් ය.


අනෙක් උපක්‍රමය නම් බුදුදහමේ මෙතෙක් බෞද්ධයා විසින් පවත්වාගෙන එන්නා වූ වැඳුම් පිදුම් වලට, මූලාශ්‍ර වලට ගරහා යන්තමින් හෝ තිසරණයේ එල්ලී සිටි බෞද්ධයා ට පයින් ගසා ඉන් ඉවත් කිරීම ය. ඒවාට සෘජුව විරුද්ධ වූ සෝම හිමි වැනි උතුමන්ව සූක්‍ෂම ලෙස ඔවුන් ඝාතනය කළේ ය. ඔබත් මේ ශාපයට හසු නොවී සිටිය යුතු ය. සෝම හිමි වැනි අපේ උතුමන්ව අපවත් කරපු අන්තවාදීන්ට සාධු කාර දෙන එක නැවත්විය යුතු ය. නැතිනම් ඔබේ මිනී වලවල්වලට පවා අපේ අනාගත පරම්පරාව ශාප කරනු ඇත. මේ ව්‍යසනයෙන් බේරී ගියේ නැති නම් ඔබටත් ඔබේ අනාගත පරපුරටත් නොපෙනෙන දෙවිවරුන්ට යාඥා කරමින් පල්ලි ගානේ පාන්දරට බඩගාන්න වෙන දවසක් වැඩි ඈතක නොවන බව අපට නම් සක්සුදක් සේ පෙනෙන්නට ඇත.


එහි වර්තමාන ප්‍රතිඵලයක් විදියට අද ගොඩ ගැනීමට බැරි තරම් බෞද්ධයන්ගේ මනස විසිරී ඇති බව සන්සුන් මනසකින් රට දෙස බලන්නෙකුට දැක ගත හැකි ය. නැවත ගොඩ ගැනීමට බැරි තරම් බිහිසුණු අගාධයකට මිනිසුන් වැටී ඇත. සිහියෙන් ජීවත් වන ඔබට දෙන පණිවිඩය නම්, මේ අනතුර දැක සිහි උපදවා ගත යුතුව ඇත. මේ ව්‍යසනය පැතිරීම වළක්වා ගැනීමට සිහි තබා ගත යුතු ය. දුටු තැන විනාශ කර දැමිය යුතු ය. දුටු තැන ප්‍රතික්ෂේප කළ යුතු ය. නැතිනම් ඔබ අපි තවත් අවුරුදු කීපයක් වාද විවාද කර කර සිටිනු ඇත. අවු 25ක් යන විට ප්‍රතිඵල දැක බලා ගත හැකිය.


ත්‍රිකුණාමලයට යන්නට පාස්පෝට් වීසා ගසා ගන්නට වූ දාට, මහා සෑයට මලක් පූජා කරන්නට ටිකට් එකක් ගන්න වුණ දාට අත් දෙක ඔලුවෙ ගසා ගන්නට සිදු වනු ඇත. අවසානයේ මහා සෑ භූමිය ඩෝසර් කරන්නටද අනුමැතියට ඔබට අපිට අත්සන් කරන්නට සිදු වනු ඇත.. මේ ඔබේ අවස්ථාව ය... රාජ්‍ය නොවන සංවිධාන විසින් ලක්දිවට අත තැබීමට පටන් ගෙන ඇත.. ද්‍රවිඩයන් යුද්ධ කළේ ආයුධ වලින් ය. මොවුන් යුධ වදින්නේ මොළයෙන් ය. බහුතරයකට එය ස්පර්ශ නොවන සැටි පුදුමය.


මේ සඳහා ප්‍රාදේශීය වශයෙන් එක්ව ප්‍රදේශයේ ශාසණාරක්‍ෂක බළ මණ්ඩලය දැනුවත් කර ඒ හරහා මෙයට විරුද්ධ බලවේගය ගොඩනගාගන්නේ නම් මොවුන්ට මේ සෙල්ලම දාන්නට අවකාශයක් සකස් වන්නේ නැත. ප්‍රදේශයේ ශාසණාරක්‍ෂක බළ මණ්ඩලය තරම් බලසම්පන්න තවත් යමක් නැත. එහි වැඩ සිටින නිළ දරණ පින්වතුන් වහන්සේලාව මේ පිළිබඳව දැනුවත් කොට ඔබේ ගමට මේ වැඩසටහන පැමිණෙන එක නවත්වා ගැනීම ඔබේ යුතුකමක් ය. වගකීමක් ය. මේ සඳහා අවශ්‍ය ඕනෑම තොරතුරක් දැනගැනීමට ඔබට අපව සම්බන්ධ කරගත හැකි ය. info.urumaya@gmail.com යන අප විද්‍යුත් තැපැල් ලිපිනයට පණිවිඩයක් තැබීමෙන් අවශ්‍ය උපදෙස් ඔබට ලැබෙනු ඇත.ඔබ සැම අවිද්‍යා අන්ධකාරයෙන් මිදෙත්වායි මෙත් සිතින් පතමින් නවතිමි. තෙරුවන් සරණයි.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 27.02.2019





bottom of page