මේ මිථ්‍යා දුෂ්ඨික ගවයන්ට තණ කොල බෙදා දීමේ නිරය අපේක්ෂිත මධ්‍යස්ථානය අද මහරගමදී දුටුවෙමි.. මහරගම OPAL ආයතනයට ආසන්නයේ පිහිටා ඇති මෙය මිථ්‍යාවන් වපුරන තැනක් ය. කෙසේ හෝ උත්සහ කර ග්‍රන්ථ නියාමන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට සෑම බෞද්ධයෙක්ම උත්සහ දැරිය යුතු ය. ඊට නායකයන් දැනුවත් කළ යුතු ය..
මීට අවුරුදු ගණනකට පෙර හෑගොඩ වි පස්සි හිමියන් ඇතුලු සංඝයා වහන්සේලා කීපදෙනෙක් මෙයට උත්සහ කළද සර්වාගමික සංහිඳියා ව්‍යවස්ථාවේ 14 (1) හා (2) යන වගන්ති වලින් එය පටිභාහනය විය.. එම වගන්ති වල ඇත්තේ කැමති කෙනෙකුට කැමති ලබ්ධියක් ඇදහීමට ඇති නිදහසයි.. ආගමික නිදහසයි..
නමුත් දැන් ත්‍රිපිටකය ජාතික උරුමයක් නිසා දක්ෂ නීතිඥයෙකුට මෙය පටිභාහනය නොවන අයුරින් සිදු කළ හැක.. බැරිනම් අපට අවස්ථාව ලබා දුන්නේ නම් අප ව්සින් කරුණු දක්වන්නට කැමති ය.. මෙය සිදු කර ගත යුත්තක් ය.. එව්ට අත්තනෝමතික පොත් නීතියෙන්ම තහනම් වන්නේ ය.
තෙරුවන් සරණයි...
✍
