top of page

පූසාගේ නැට්ටෙ ගැට ගහපු මීයා..


මේ කථාවක් නොව ශාසණයක මා වැනි භික්ෂුවක් විසින් කිව යුත්තක්ම ය..


භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත අපූරු උපමාවක් ඇත..


මහණෙනි, යම් සේ කිකිළියක් විසින් රකින බිත්තරයක් වෙත් ද, ඇය ඒ මත මනාව සයනය නො කළහොත්, උණුසුම් කළ යුතු තැන දි උණුසුම් නො කළහොත් , ගඳ ගැස්වීමට ඇවැසි කළ ගඳ නො ගැස්වූවොත් එවිට කිසිසේත් ඒ කිකිළියට ‘මාගේ කුකුළු පැටව් නියපොතු අගින් හෝ මුව තුඩින් හෝ බිත්තර කටුව පළාගෙන සුවසේ පිටවන්නාහු නම් ඉතා මැනව’යි මෙබඳු කැමැත්තක් නූපදින්නේය.


ඉදින් එසේ සිතුණ ද ඒ කුකුළු පැටව් පා අගින් හෝ මුව තුඩින් හෝ බිත්තර කටුව පළාගෙන සුවසේ පිටවන්නට නුසුදුස්සෝම වෙති. ඊට හේතුව කුමක් ද යත්,


යම් සේ කිකිළියක් විසින් රකින බිත්තරයක් වෙත් ද, ඇය ඒ මත මනාව සයනය කළ යුතු බැවිනි. උණුසුම් කළ යුතු තැන දි උණුසුම් කළ යුතු බැවිනි. ගඳ ගැස්වීමට ඇවැසි කළ ගඳ ගැස්විය යුතු බැවිනි.. එසේ නොකළ විට පැටවුන්ට සුවසේ නික්මෙන්නට සුදුසු පරිසරය නොමැති බැවිනි..


මා මේ කථාව කියන්නෙ අපගේ ථෙරවාදය ගරු කරන මහා සඟ රුවනට ය..


මේ ධර්මය දේශණා කළ යුතු තැනදි දේශනා කළ යුතු ය.. පටිභාහනය කළ යුතු කරුණු එන විට ප⁣ටිභාහනය කළ යුතු ය.. ප්‍රශ්ණ ආ විටක විසඳිය යුතු ය.. ඒවා සිල්වතුන් සිල්වතුන් හෝ සංඝයා ඇතර ඇතිවන වාද නොව, දුසිල්වතුන්ගෙන් ශාසණය බේරා ගැනීමට කරන ධර්ම සාකච්ඡා ය..


එසේ නැතිව රැකෙන ශාසණයක් නැති බැවිනි..