top of page

පෘතග්ජනයෙකුගේ අතින් වරදක් සිදුවිය නොහැකිද රත්තරන්..

පෘතග්ජනයෙකුගේ අතින් වරදක් සිදුවිය නොහැකිද රත්තරන් මිනිසුනේ.. අනේ ඔහුට හෙන ඉල්ලන්න එපා.. මරණ දඬුවම පතන්න එපා.. බලන්න ඔහුගේ විඳවන දෑස.. වුණ දේ වුණා නෙවෙයිද ? සමාජයම එකතු වී ඔහුව "මධුෂ්" කරන්න තැත් කරනවා නොවේද ? වූ වරදට දඬුවමක් දෙන්න.. ඒක කමක් නැහැ.. නමුත් තරහින් නෙවෙයි. ඔහුට යථාර්ථය පෙන්වන්න.. අපි සියල්ලෝම ඔහුව නිවැරදි කර ගැනීමට වෙහෙස විය යුතුවා නොවෙද? ඇයි මළ කෙනා ගැන විතරක් මෙත් සිතක්.. මොහු කෙරෙහි ද්වේෂයක්.. නොදියුණු ආධ්‍යාත්මය නොවේද? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යන බව නොවෙද තථාගත දේශණය.. එදා අංගුලිමාලා ඉස්සරහ ඔබ සිටියානම්... භාග්‍යවතුන් වහන්සේටත් ගරහන එකක් නැතිද ? එසේනම් එදා අංගුලිමාලාගේ වැරදි සියල්ල අමතක කර, අද ප්‍රසූත මව්වරුන්ට ඒ පිරිත පවා අසන්නට දීම කෙතරම් සාධාරණ ද ? ඒ වැරදි අමතක කළා නේද ඔබ..


ජාතිය (ඉපදීම) ඇති තාක් මෙවැනි දේවල් වැලක්විය නොහැකි බව අමතක වූවාද ? තව තවත් ද්වේශයෙන් කටයුතු කිරීම ඔබටත් මෙවැනි ඉරණමක් මතු දිනක හිමි කර නොදේවිද ? ඔබගේ පුතු අතින් මේ වරද වුණොත් ඔබ ඔහුටත් හෙන ඉල්ලනවාද ? නැතිනම් "පොඩි එකා වරද්දගත්තනේ" කියා සාධාරණීකරනය කරනවා නොවෙද ? ඇයි මොහුට වෙන විදියක්.. මොහොතක් නැවතී කල්පනා කරත්වා..


පුතුනේ නුඹ සුවපත් වේවා.. වූ වරද වටහාගෙන මතු දිනක මෙවන් වරදින් සමාජය මුදවා ගන්න බෝ පතක් බවට පත් වේවා.. අත්දැකීම් අවබෝධය දක්වා ගෙන යෑමට කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 30.11.2018





Designed by Sujatha Puthra Meditation Center

bottom of page