Sujatha Puthra Meditation Center
Your Membership ID
රට තුළ දේශපාලනික වශයෙන් යම් අර්බුධකාරී තත්වයක් උදා වී ඇති බව ලොකු කුඩා කවුරුත් දන්නා කරුණක් නිසා එය අප කන ද වැකී ඇත. මේ එය සමථයකට පත් කිරීමට ගන්නා වෑයමක් නොව, හුදු ඒ පිළිබඳව අපගේ දැක්ම පිළිබඳව නුවණැතියන්ට ද, යමක් ගත හැකියන්ට ද සිහිපත් කිරීමක් කරන්නට ගන්නා වෑයමකි.
වර්ථමානය තුළ රටෙහි පවතින දේශපාලන තත්වයට සැබැවින්ම පුද්ගලිකව මා කැමතිය. ඊට හේතුව විකල්පය "මහින්ද රාජපක්ෂ" වීම නොව, රට පාවා දෙන තිරිසන් මානසිකත්ව වලට වඩා එම නායකත්වය ගුණදායක නිසා ය. මේ සංකලනය රටට හිතැති සංකලනයක් බව ගෙන්දගම් පොළවෙහි අවුරුදු ගණනක් හැපුණු මා අත්දැකීමෙන් දනී. ඒ වගේම මෙතුවක් රටේ පැවති නායකත්වය කෙතරම් නීච ද යන බවද ඉතිරි අවුරුදු කීපය අන්‍යාගමික පරිසරයක් මැද පුල්මුඩේ ගත කරපු මා අත්දැකීමෙන් ම දන්නේ ය.. භික්ෂුවට, ශාසනයට, ජාතියට, රටට, අපට මේ හැමට මේ සංකලනය ආසාත්මිකතාවයක් ඇති නොකරන බව රට, ජාතිය, අාගම වෙනුවෙන් හදවතින් කඳුලු සැලූ අය දන්නේ ය. කැපුවත් කොළ යනුවෙන් බෝඩ් එල්ලන් උද්ඝෝෂණ කරන්නවුන් දකින විට ධර්ම සංවේගයකුත් දුරු කිරීමකුත් ඇතිවන්නේ එබැවිනි. උපතින් අප ද කැපුවත් කොළ ය. නමුත් රට, ජාතිය ගැන සිතනවුන්ට පාට පක්ෂ හෝ පක්ෂ දේශපාලනය අදාළ නැත. ජාතික දේශපාලනයට අත පොවන්නේ ද බොහෝ දෙනා ගැන කරුණාවෙනි..
පම්පෝරි ගසා අතට ගත් ආණ්ඩුවේ රැකියා ඡන්දයට උදව් කළ හෙන්චයියන් අතට පත් වී ඇත. අකුරු හතරක් ගළපා ලිවීමට නොහැකිව තිබූ මා මිත්‍රයෙක් අද අධ්‍යාපන අමාත්‍යංශයේ රැකියාවේ නිරත වෙයි.. උසස් පෙළ A3ක් ගෙන, උපාධියක් ගෙන රැකියා අපේක්ෂාවෙන් බලා සිටින මා වැඩ සිටින ගම්මානයේ ඉන්නා ළමුන් ඇන්තූරියම් මල් විකුණමින් සිටියි.. ප්‍රජාත්‍රන්තවාදය ගැන ඉගෙනීමට අපව හමුවිය හැකි නම් එය මනාව ඉගැන්වීමට අප දනිමු. සියලු ධර්මයන්ට පූර්වාංගම වූ මනස පිළිබඳව අධ්‍යනය කළ අපට ප්රජාතන්ත්රවාදය එතරම් බරක් නොවන්නේ ය..
සාමාදාන විනිශ්චයකාර පට්ටම් ගමේ සිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටි අය අතර බෙදා දීමට ඒ ගරු මන්ත්‍රීවරුන් විසින්ම කටයුතු කර ඇත. හේතුව ඔවුන් ඡන්දයට පෝස්ටර් ගැසූ නිසා බව දැනගන්නට ලැබුණි. ඒ රංචුවේ වැඩ මෙසේ ය. ලියනවානම් දහසකුත් කරුණු ඇත. රටේ ජාතික සම්පත් වන මුහුදු කලපු පුද්ගලික පවරාගැනීම් වලින් මුස්ලිම් ජාතිකයන් අතට පත් කර ඇත. ඔවුන් ගස් කපති. වැලි ගොඩ දාති. ඒවාට පර්මිට් නැත.. ඔබ තවමත් අපේ අගමැති කිය කියා මේ දේශද්‍රෝහින් පත් කර ගැනීමට වෙර දරනවා නම් සිහින ලෝකෙන් මිදෙන ලෙස මෙත් සිතින් සිහිපත් කරමි. මේ එක් පක්ෂයක් ගැන අගුණ කියා තවත් පක්ෂයකට නම නොකියා අර ඇදීමක් කරන ජනතා විමුක්ති පෙරමුණිකයන් මෙන් සෟජු නැතිව ලියන සටහනක් නොවෙි. නමුත් මේ වෙලාවේ වෙන විකල්පයක් නැත. තිබෙන එකම විකල්පය මේ වන විට ලැබී ඇත. එය දැනට සනීපය. සුවදායකය. ආරක්ෂා සහිතය. ඔබට අවස්ථාව ලැබී ඇත. සිහියෙන් නුවණින් අයිතිය පාවිච්චි කරන මෙන් මෙත් සිතින් සිහිපත් කරන්නෙමි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 05.11.2018