Sujatha Puthra Meditation Center
Your Membership ID
ඉතිහාසය මැනවින් නොදැන අත්තනෝමත කියන පදපරමයන්ගේ ග්‍රහණයෙන් මිදෙන්නට...
බ්‍රාහ්මණයන්ගේ සහ පසුව පැමිණි මුසල්මානු ආක්‍රමණ හමුවේ ඉන්දියාව අසරණ වූයේ මෞර්ය සහ ගුප්ත රාජ වංශ වලින් යුතුවූ මහා මගධ රාජධානිය කාලයාගේ ඇවෑමෙන් අප්‍රකට වීමෙන් පසුව ය.
ඉන්දියාවේ උපන් බුදු රජාණන් වහන්සේ ගේ අනුගාමිකයන් වූ, බිම්බිසාර, චන්ද්‍රගුප්ත I , සමුද්‍රගුප්ත , චන්ද්‍රගුප්ත II, අශෝක අධිරාජයා වැනි මහා රජවරුන් නැති වූ කල, ඉන්දියාව කොටස් වලට කැඩී බල බිඳී තිබුණු අවධියක, බුදු දහමේ පරිහානිය ද ආරම්භ විය.
‘සංකරාචාර්‍ය’ වැනි හින්දු නායකයන් ද, බොහෝ හින්දු රජවරුන්ද, ස්ථූප සහ බුදු කුටි සහ පිළිම විනාශ කිරීමෙන් අපමණ ආශ්වාදයක් ලද බැව් පොත පතේ සඳහන් වේ. හින්දු පාලකයෙකු වන ‘පුශ්‍ය මිත්‍ර’ විසින්, අශෝක මහ රජතුමා විසින් තනවන ලද 84,000 ක් බෞද්ධ ස්ථුප සහ ගණන් කල නොහැකි තරම් විහාර සහ බෞද්ධ ලියවිලි ද විනාශ කරන ලදී.
(මූලාශ්‍ර: Romila Thaper, Ashoka and Decline of Mouryas, London, 1961, p 200)
ජලාලුක රජු විසින් බෞද්ධ විහාර සහ පන්සල් විනාශ කලේ, බෞද්ධ ගාථා සජ්ඣායනයෙන් වරක් ඔහුගේ නින්දට බාධා වීම හේතුවක් කරගෙන ය. මේ අතර කාශ්මීරයේ සිටි කින්නාර රජු විසින් බෞද්ධ පන්සල් විනාශ කලේ, බ්‍රාහ්මණයන්ගේ සතුට සඳහා බව සඳහන් ව ඇත.
මේ විනාශ කල බෞද්ධ සිද්ධස්ථාන, හින්දු කෝවිල් වලට පරිවර්ථනය කල අතර, හින්දු චාරිත්‍ර අනුව, කිසියම් අඩු කුලයේ පුද්ගලයෙකුට හෝ බෞද්ධයෙකුට එම කෝවිල තුලට ඇතුල් වීමට ඉඩ නොදෙන ලදී. දහස් ගණන් මෙම ස්ථානවලින් ප්‍රසිද්ධ වූ ස්ථාන කිහිපයක් නම්, තිරුපති, උන්ඩවල්ලි, එල්ලෝරා, පූරි, බද්රනාත්, මතුරා, අයෝධ්යා, නාලන්දා, නාගර්ජුන කොන්ඩා, සහ කේරලයේ අති ප්‍රසිද්ධ සබ්රිමාලා කෝවිල ආදිය වේ.
‘ආදි සංකර’ නම් හින්දු නායකයා, නාගර්ජුන කොන්ඩාහී යක්ෂයෙක් මෙන් කටයුතු කර, බෞද්ධ සිද්ධස්ථාන විශාල සංඛ්‍යාවක් විනාශ කර ඇති බව 'ලෝන්ගස්ට්' නම් යුරෝපීය විද්වතා විසින් ඔහුගේ කැනීම් වලින් සොයාගන්නා ලදී. (මූලාශ්‍ර: Memoirs of the Archaelogical Survey of India No: 54, The Budhist Antiquties of Nagarjunakonda (Delhi, 1938, p.6.).
බ්‍රාහ්මණ ආගමට නොහැරෙන බෞද්ධයන් ප්‍රසිද්ධියේම පණ පිටින් පුච්චා දැමීමට මෙම ‘ආදි සංකර ’ නම් හින්දු නායකයා කටයුතු කළේ ය. බෞද්ධයන් යයි අසු වූ සෑම පවුලකම අත දරුවන්, ඔවුන්ගේ මවුන් ඉදිරියේ කිඹුලන්ට විසි කල අතර, ගැහැණුන් දියේ ගිල්වා මරා දැමූහ. කේරළයේ ‘සුද්ධවනන්’ රජුගේ මස්සිනා කෙනෙකු වන ‘උජ්ජේන්’ බෞද්ධ බික්ෂූන්ගේ නාස් විද ගොනුන් ලෙස කරත්තවලට බැඳ වැඩගත් බව අතිශයින් ප්‍රසිද්ධ කරුණක් වන්නේ ය.
දහස් ගණන් නොව මිලියන ගණනක බෞද්ධයන් කේරළ ගංගා ඉවුරුවල දසවධ දී මරා දමන ලදී. මෙම අප්‍රකට අවධිය යුරෝපයේ කුරුස යුද්ධ වලට සමාන වූ අතර, ප්‍රසිද්ධියේම බෞද්ධයන්ට වධ දුන් ඝාතන ස්ථානය වන්නේ කේරලයේ 'අලවි' නම් ස්ථානයයි. ‘අලවි’ යන්නේ තේරුම විනාශයට අධිපති යයි සලකන, ශිව දෙවියන් දරන ත්‍රිශූලය යි. මේ ආකාරයටම, තමිල්නාඩුවේ ද ‘වයිග’ ගංගා ඉවුරේ දහස් ගණන් බෞද්ධයන් මරා දමන්නට හින්දු ජාතික දරුණු මූලධර්මවාදියකු වන ‘සම්බන්තර්’ ක්‍රියා කළේ ය. (මූලාශ්‍ර: The Tamil book Thevaram and complete works of Swami Vivekananda, Vol.VII. p. 118, Calcutta, 1997).
පසු කලක විකෘත කරන ලද බුද්ධ ප්‍රතිමා බොහෝමයක් බ්‍රිතාන්‍ය පාලන සමයේදී කේරළයේ දී හමුවිය. මූලධර්මවාදී බ්‍රාහ්මණයන් විසින් මේ සියළු පොළොව නුහුලන අපරාධ කලේ බුදු දහම ඉන්දියාවෙන් පමනක් නොව මුළු ලොවෙන්ම තුරන් කරන්නට ය. එහෙත් ඔවුනට සියළු සාක්ෂි විනාශ කිරීමට නොහැකි විය. නොදැනුවත්වම, කෝවිල් වලට සහ ගම්මානවලට තිබූ ‘පල්ලි’ යන නම මකා දමන්නට ඔවුනට අමතක විය. පල්ලි යන නමේ තේරුම, බෞද්ධ විහාරය යන්නයි. කේරළයේ බොහෝ ස්ථානවල මේ පල්ලි යන නාමය අදටත් හමු වේ. උදාහරණ වශයෙන්, කුරුන්ග පල්ලි, කාර්තික පල්ලි ආදිය දැක්විය හැකි ය.
